පොළොන්නරුවේ අනතුරකින් සිවු දෙනෙක් මරුට පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ බැඳිවැව ප්‍රදේශයේ දී අද(12) අලුයම යතුරුපැදියක් බසයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ තරුණයන් සිව්දෙනකු මියගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය පවසයි. 12 May 2017
නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණෙයි එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. 11 May 2017
අයිසිස් ත්රස්තවාදීන්ට වේදනා නාශක ශ්‍රී ලංකාව හරහා ගෙන්වයි ලිබියාවේ සිටින අයි.එස්.අයි.එස් ත්රස්තවාදීන්ට ශ්‍රී ලංකාව හරහා යැවූ බව කියන ට්‍රැමඩෝල් නැමැති වේදනා නාශක පෙති මිලියන 37ක් ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ‘‘ද ටයිම්ස් ඔෆ් ලන්ඩන් ‘‘ පුවත්සේවය වාර්තා කරයි. 11 May 2017
කෝටි තුන හමාරක හෙරොයින් මුලක් කසළ ගොඩක මරදාන ඩී ආර් විජේවර්ධන මාවතේ කසල ගොඩක තිබී කෝටි තුන හමාරක් පමණ වටින බව කියන හෙරොයින් තොගයක් සොයාගත් බව මරදාන පොලිසිය කියයි. 11 May 2017
වෙසක් මුද්දර 20 ක් අලුතින් නිකුත් කෙරෙයි මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන් මුද්දර 20 ක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත. 11 May 2017
හිටපු සහකාර කළමනාකරු අල්ලස් චෝදනාවෙන් නිදොස් කොට නිදහස් පෞද්ගලික බස් රථයට මහනුවර-ත්‍රීකුණාමලය ධාවන අවසර පත්‍රය ලබා දීමට අවශ්‍ය නිර්දේශ ලිපිය ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට නිකුත් කිරීමට පෞද්ගලික බස් රථයේ හිමිකරුගෙන් රුපියල් 50,000/- ක අල්ලසක් ඉල්ලා එම අල්ලස් මුදල ලබාගත් බවට චෝදනා ලැබ සිටි මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ හිටපු සහකාර කළමණාකරු සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නීශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා නියම කළේය. 11 May 2017
කුරුණෑගල රෝහලේ ඩෙංගු ප්‍රතිකාර පවත්වාගෙන යාම ගැටළුවක් වෙයි වසංගතයක් ලෙස පැතිර යන ඩෙංගු උණ රෝගයට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ගොදුරු වී සිටිම හේතුවෙන් රෝගී ප්‍රතිකාර කටයුතු පවත්වාගෙන යාමේ බරපතල ගැටළුවට රෝහල් බලධාරීන් මුහුණ පා සිටින බව වාර්තා වේ. 11 May 2017
එස්.එම්.චන්ද්‍රසේන උතුරුමැද බලය අල්ලන්න සැරසෙයි උතුරුමැද පළාත් සභාවේ ඇමැති ධුර වලින් ඉවත් වවද ස්වාධීන කණ්ඩායම් වල සිටිමින් උතුරු මැද පළාත් සභාවේ බලය තමන් අතට ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි. 11 May 2017
හදිසි මරණ පරීක්ෂණයට යද්දී හුස්ම වැටෙනු දැක දිවි බේරා දෙති මාලබේ රත්නාරාම ප්‍රදේශයේ නිවෙසක් තුල දෙදෙනෙක් මිය ගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මරණ පරීක්ෂණය සදහා හදිසි මරණ පරීක්ෂකවරිය සමග එහි ගොස් පරීක්ෂා කිරීමේදී මිය ගොස් ඇතැයි සැක සිතූ එක් කාන්තාවකගේ හුස්ම වැටෙනු දැක වහා රෝහල් ගත කර ජීවිතය බේරා ගැනීමට කටයුතු කළ බව අතුරුගිරිය පොලිසිය පවසයි 11 May 2017
හෙරොයින් කිලෝ 198 ක් සමඟ අයෙක් අත්අඩංගුවට හෙරෝයින් කිලෝ ග්‍රෑම් 198 ක් සමඟ සැකකරුවෙකුව පුත්තලම නියෝජ්‍යය පොලිස්පති කාර්යාලයේ බුද්ධි අංශයේ නිලධාරීන් අද (11) අත්අඩංගුවට ගෙන ඇත. 11 May 2017
ගිං ගඟේ නෑමට ගිය සිසුහු දෙදෙනෙක් ගිළී මියයති වෙසක් පෝදා උදෑසන නිවෙස් වලින් දන්සැල් යනබව පවසා පිටත්වගිය 15 හැවිරිදි පාසල් ළමුන් 07 දෙනක් ගිංගගේ දිය නෑමට ගොස් ඉන් දෙදෙනෙකු දියේ ගිලී මියයාමේ පුවතක් ගාල්ල ගින්තොටින් වාර්තාවේ. 10 May 2017
බුද්ධාගමට හිමි ස්ථානය එලෙසින්ම ආරක්ෂා කරනවා - ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට හිමි ස්ථානය එලෙසින්ම ආරක්ෂා කරමින් අනෙකුත් ආගම් සඳහා ද සාධාරණත්වය ඉටු කිරීම රජයේ වැඩපිළිවෙළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 10 May 2017
එස්. එම් රංජිත් ඉල්ලා අස්වෙයි උතුරුමැද පළාත් සභාවේ තමන් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව එහි හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් මහතා පැවසීය. රංජිත් මහතා උතුරුමැද පළාත් සභාවේ ප්‍රවාහන, ක්‍රීඩා සහ යෞවන කටයුතු ඇමතිවරයාව සිටියේය. 10 May 2017
මහ බැංකුවේ නියෝජ්‍ය අධීපති නීතිඥවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කරයි සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් සෘජු වෙන්දේසි ක්‍රමය මඟින් භාණ්ඩාගාර බැඳුම්කරවල යෙදවීමෙන් සිදුවන මුදල් අවභාවිත වීම වෙන්දේසි ක්‍රමය මඟින් වළක්වා ගැනීමට හැකි වෙන බවට නීතිඥ හර්ෂ ප්‍රනාන්දු මහතාගේ යෝජනාව තමා ප්‍රතික්ෂේප කරන්නේ යැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. 10 May 2017
මුන්දලමේ බඹර ප්‍රහාරයකින් 50 ක් රෝහලේ මුන්දලම - විජය කටුපත - විජය ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ සීල් සමාදම් වී සිටි පිරිසකට අද (10) බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් 50 දෙනෙකු ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇත. 10 May 2017
ගංජා කිලෝ 9 ක් සමග අයෙක් අත්අඩංගුවට ගංජා කිලෝග්‍රෑම් 09 ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන පුද්ගලයෙකු අද (10) අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය කියයි. 10 May 2017
පිළියන්දළ වෙඩිතැබීමට සම්බන්ධ යතුරු පැදිය සොයාගනී පිළියන්දල මොරටු පාරේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරින්ට වෙඩි තබා පලා ගිය යතුරු පැදියක් සොයාගත් බව පොලිසිය පවසයි. මහරගම දෙහිවල පාරේ වෙළඳසැලක් අසල මෙම යතුරු පැදිය දමා ගොස් ඇත. 10 May 2017
නන්දසේනගේ ඇමැතිකම හේරත් බණ්ඩාරට උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ඇමැතිවරයාව සිටි කේ.එච්.නන්දසේන මහතා හදිසියේම තනතුරින් ඉවත් කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේම එම්. හේරත් බණ්ඩාර මහතා නව සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ආණ්ඩුකාර පී. බී. දිසානායක මහතා ඉදිරියේ අද (10 වැනිදා) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 10 May 2017
බත්තලංගුණ්ඩුවේ යාත්‍රාවක් පෙරළීමෙන් ධීවරයෙක් අතුරුදන් බත්තලංගුන්ඩුව දුපත ආසන්නයේදි අද (10) ධිවර යාත්‍රාවක් පෙරළි යාමෙන් එහි ගමන් ගත් ධිවරයකු අතුරුදහන්ව ඇති බවත් තවත් ධිවරයකු බේරා ගෙන ඇති බවත් බත්තලංගුණ්ඩුව දුපත් පොලිසිය පවසයි. නාවික හමුදාව සහ ධිවරයින් පිරිසක් එක්ව එක් පුද්ගලයකු බේරාගෙන ඇත. 10 May 2017
විදේශ විනිමය පාලන පනත සංශෝධනය නරින්ට කුකුළන් බාරදීමක් විදේශ විනිමය පාලන පනත සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවුණත් මේ තුළින් මුදල් විසුද්ධිකරණයට හා විදේශ වෙළෙඳපොළ දේශපාලනීකරණයට ලක්වීම සිදුවන හෙයින් මෙය නරීන්ට කුකුළන් භාරදීමකට සමාන වෙනවා යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා පැවසිය. 10 May 2017
වෙසක් පෝදා සිරකරුවන් 12 කට නිදහස වෙසක් පොහොය දිනය නිමිත්තෙන් වවුනියාව බන්ධනාගාරයේ සිටි සිරකරුවන් 12 දෙනකුට අද(10) නිදහස ලැබිණි 10 May 2017
දකුණු කොරියාවට නිදහස් මතධාරී ජනපතිවරයෙක් දකුණු කොරියාවේ පැවැති ජනාධිපතිවරණයෙන් ජය ලබාගැනීමට නිදහස් මතධාරී ජනාධිපති අපේක්ෂක මූන් ජෝ ඉන් මහතා සමත් වී සිටී. හිටපු ජනාධිපතිනි පාක් ග්වෙන් හේ මහත්මියට දූෂණ චෝදනා එල්ලවීමත් එම නිසා දෝෂාභියෝගයක් ඉදිරිපත් වීමත් නිසා හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවිය. 10 May 2017
බහුදින යාත්‍රා හිමියන්ගෙන් ඉන්දීය මහකොමසාරිස්ට සන්දේශයක් ඉන්දියාවත් - මාලදිවයිනත් අතර මුහුදු තීරයේ නීත්‍යානුකූල ලෙස ගමන් කරන ශ්‍රී ලංකාවට අයත් ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීමෙන් වලකින ලෙස ඉල්ලමින් සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත සංදේශයක් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත. 10 May 2017
මත්කුඩු වැටලීමට ගිය පොලිසියට වෙඩි තැබීමෙන් කොස්තාපල් මරුට පිළියන්දල මොරටු පාරේ මත්කුඩු වැටලීමකට ගිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පිරිසකට යතුරු පැදි කරුවන් පිරිසක් වෙඩි තැබීම නිසා පොලිස් කොස්තාපල්වරයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 09 May 2017
සංහිඳියාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කරයි ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සංහිඳියාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව කීවේ එම ප්‍රතිපත්තිය ගැන දැනුම්දීම සඳහා පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. 09 May 2017
කැබිනට් සංශෝධනයක් වෙන්නේ නෑ - කැබිනට් ප්‍රකාශක රාජිත කැබිනට් සංශෝධනයක් සිදු නොවන බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි. කැබිනට් සංශෝධනයක් සිදු කරන බවට ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නැතැයිද කී සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව පළ වූයේ මාධ්‍ය වාර්තා පමණක් යැයි ද කීවේය. 09 May 2017
ගාල්ල තැපැල් දුම්රිය ප්‍රමාදයට මගීහු හූ තබති රාත්‍රී 7.30ට කොළඹ කොටුවෙන් පිටත් වීමට නියමිත ගාල්ල තැපැල් දුම්රිය අද රාත්‍රී 8.10 වන විටත් ගමන් ආරම්භ නොකළ බව මගීහු කියති. දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද වීමට විරෝධය පළ කරමින් දුම්රිය මගීහු හූ තැබූහ. 09 May 2017
පන්නිපිටියේ බෝගස කැපීමේ තහනම මාසයකින් දික්වෙයි පන්නිපිටිය නගර මධ්‍යයේ පිහිටි පැරණි බෝ ගස කපා ඉවත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන ජුනි 13 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය. 09 May 2017
වෛද්‍ය සභාවේ අභියාචනය සලකා බැලීම 31 දාට කල්යයි මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ( සයිටම් ) උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කළ අභියාචන පෙත්සම සලකා බැලීම ලබන 31 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය. 09 May 2017
මවත් දරුවාත් කපා කොටා ඝාතනය කරයි කොස්ගොඩ ප්‍රදේශයේ දී 38 හැවිරිදි මවක හා මාස හයක් වයසැති ඇගේ දරුවා කපාකොටා ඝාතනය කර ඇත. 09 May 2017
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026