ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා බවට සැකකරන පුද්ගලයකු සහ තවත් දෙදෙනෙකු හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 10,900 ක් සමඟ අද (29) ලබුදූව , ගොනාමුල්ල සහ නියාගමදි සැකපිට අත්අඩංගුවට ගත්බව අක්මීමණ පොලීසිය කියයි.
පොලිස් බුද්ධි නිලධාරියෙක් ලබාදුන් තොරතුරුක් මත මෙම වැටලීම් සිදුකර තිබේ.
පොලිසිය පවසන්නේ 38 හැවිරිදි ප්‍රධාන සැකකරු හපුගල මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි. මොහු මත්කුඩු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව මහාධිකරණයෙන් ඇප ලබා පැමිණි පුද්ගලයෙකු බව පොලීසිය කියයි.
සෙසු සැකකරුවන් වයස අවුරුදු 23 සහ 33 වියේ පසුවන්නන් වන අතර ඔවුන් ගොනාමුල්ල සහ නියාගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.
සැකකරුවන් තිදෙනා සමඟ අත්අඩංගුවට පත් හෙරොයින් තොගය හෙට (30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට සහ නීතියට අභියෝග කරන අපොස ස / පෙළවත් සමත් නැති ඩුබායි වල ජිවත්වන බව කියන මේ මධූෂ් නමැති කුලියට අනුන්ලවා මිනි මරන මිනිසා අල්ලා ගැනීමට බැරි වීම ගැන අපේ රටේ ආරක්ෂක අංශ සහ තානාපති අංශ වල ප්‍රධානියෝ ලැජ්ජාවට පත්විය යුතුය.
ලංකාවෙන් භාගයක්ම මේ අය අල්ලනව අල්ලනව ඉවරයක් නැනේ.
මත් ද්‍රව්‍ය උවදුරෙන් ලංකාව බේරාගැනීමට නොහැකිවී තිබෙන්නේ එය අදෘශ්‍යමාන දේශපාලන හස්තයන්ගෙන් ආරක්ෂා වෙන නිසයි.