(ආරියරත්න රණබාහු)
තමා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී කළ යුතුව තිබු ප්‍රථම රාජකාරිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවත් අගමැති ප්‍රමුඛ ආණ්ඩුව දින 100 වැඩපිළිවෙල ගෙනා නිසා එය මගහැරුණේ යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඒ අනුව දින 100 වැඩ පිළිවෙල මෝඩ වැඩක් යැයිද ජනාධිපතිවරයා පැවසීය.
සාධාරණ සමාජයක් උදෙසා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වැනි ජන්ම දිනය සැමරුම වෙනුවෙන් කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද පැවැති උත්සවය අමතමින් ජනාධිපතිවරයා එ සේ පැවසීය.
ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
‘ මෙම උත්සව අවස්ථාවට මට නිල වශයෙන් ආරාධනා නැහැ. සෝභිත නා හිමියන් හා මා අතර තියෙන සම්බන්ධයට පොදු අපේක්ෂකයා වීමටත් වසර ගණනාවකට පෙර සිට පැවැති දෙයක් මෙතැනදී අනුශාසනාවක් කළ හිමි නමක් කිව්වා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භෘරගත් නිසා යහපාලන රොටිය කර වුණා කියලා.කරවුණා නෙවෙයි කර කළා.
පොදු අපේක්ෂකයා ජනාධිපති කරලා ආණ්ඩුවක් පිහිටුවගේන මහ බැංකුව කඩන්න කියලා සෝභිත හාමුදුරුවෝ කිව්වේ නැහැ.‘
(ඡායාරූප -ඉෂාන් සංජීව)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම කියමනක් නමුත් පරක්කු වැඩි නැද්ද
ජනපතිතුමා හා අගමැතිතුමාගේ නායකත්වයෙන් අලුත් රටක්, තිරසාර සංවර්ධනයක්, සහජීවනය සංවර්දනය යන යහපාලන ඉලක්ක ජය ගමු,
පොදු ජනයා තමයි මුලින්නම ඔය වැඩ පිලිවල ප්‍රකාශ කර අනුමත කලේ.
සෝමා ඉන්නේ ලංකාවේ නෙවෙයිද?
ලැජ්ජා නැතිව කියනවනේ .
තව ටික දවසකින් කියයි යහ පාලනය කියන්නේ මොක්ක ද කියලා මම දන්නේ නැහැ , මේක හදපු මොඩයා කවුද කියලා.
කරන හරියක් කලේ මෝඩ වැඩ . දැන් තප්පු ලෑවට වැඩක් නැ.
ඩුබායි සෝම තවම පිට රට කඹුරන්නේ අතිගරු , ගරු යන දෙදෙනාගේ තිර සර වැඩපිළිවල නිසාතම .
"ලැජ්ජා නැතිව කියනවනේ" ලැජ්ජාව? ඒ මොකක්ද ? ඕක නැතිකම මහා මුදලි කමටත් වැඩිය ලොකුයි කියලා නේද කියන්නේ. දැන් අපි කියමු ජානිපති කමටත් වැඩිය ලොකුයි කියලා
ඔය කතා අහන්න වෙලා තියෙන්නේ අපි ඔබතුමාට චන්දෙ දෙන්න තරම් මෝඩ වුන නිසයි. මෝඩ වැඩක් නම් ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරුවේ මොකටද හත්දෙයියනේ?
නටන්න බැරි මිනිහ පොලොව ඇදයි කිව්වලු.