( එච්. චන්දන )
කණුකැටිය - මුඩත්ත වැවේ වැව් බැම්ම කැඩී ගොස් තිබූ ආකාරය ලංකාදීප වෙබ් අඩවිය මගින් අනාවරණය කිරීමෙන් පසු වාරිමාර්ග ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතා අද (29) එහි නිරීක්ෂණය චාරිකාවක නිරත විය.
කිසිදු නිලධාරියෙකුගේ අවධානය යොමු නොවූ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඇති කණුකැටිය - මුඩත්ත වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කීරීමට අවශ්‍ය උපදෙස් එහිදි අමාත්‍යවරයා විසින් නිලධාරින්ට ලබා දුන්නේය.
පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ යන ඕනෑම අයකුට මෙම වැව් බැම්ම කැඩී ගොස් ඇති අයරු පෙනෙන බවත් මෙතෙක් දවසක් මේ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකිරීම පිළිබඳව තමා කඩිනමින් සොයා බලන බවත් අමාත්‍යවරයා කීය.
මේ පිළිබඳව තොරතුරු වාර්තා කිරීම පිළිබඳව ලංකාදීප එසැණ වෙබ් අඩවියට ස්තූති කරන බවද අමාත්‍යවරයා එහිදි කියා සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියෝජ්‍ය ඇමතිතුමා මෝටර් බයික් එකේ යනවනම් හෙල්මට් එකක් දාගෙන යන්න හොඳේ?
මේකට හේතුව මොකක්ද ? පින්තුරයෙන් පෙනෙන හැටියට, ගස්වල මුල් වැව් බැම්ම පුරාම තියෙනවා. වැව් බැම්ම පහත තැනකින් සේදී ගියාද ? වෙන හේතු තියෙනවද ?
මට හිතෙන හැටියට, මෙම වැව් පරීක්ෂා කිරීමට සහ නඩත්තු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා රජය විසින් ලබා දිය යුතුය. වැව් පරීක්ෂා කිරීම සහ නඩත්තු කිරීම සඳහා නීති පද්ධතිය තිබිය යුතුය. මීට අවුරුදු 32 කට ප්‍රථම, කන්තලේ වැව් බැම්ම කැඩුනා. නමුත් කිසිම රජයක් විසින් එවැනි දෙයක් නැවත සිදුනොවීමට අවශ්‍ය නීති පද්දතියක් හදලා නැහැ.