(මුදිතා දයානන්ද)
රුපියල් දසලක්ෂ 5800ක වියදමින් කොළඹ නගරයේ විධිමත් ජලාපවාහන හා මලාපවාහන උමං පද්ධති ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (30) පැවසීය.
දැනටමත් බොරැල්ලේ සිට දේවිබාලිකා විද්‍යාලය හරහා හීන් ඇළට වැසි හා අපජලය ගෙන යන උමං මාර්ගය ඉදිකර අවසන් බවද රණවක මහතා පැවසීය.
රණවක මහතා මෙසේ පැවසූයේ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහනගර හා බස්නාහිර සංවර්ධණ අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී වන අතර එහිදී ඉදිරිපත් වූ කරුණු අනුව ඇමරිකන් ඩොලර් මිලියන 321ක ව්‍යාපෘතියක් කොළඹ නගරයේ විධිමත් ජලපවාහන හා මළාපවාහන පද්ධතියක් සකස් කිරිම සඳහා අරඹා ඇත.
ඒ සඳහා වැය වන මුදලින් ඩොලර් මිලියන 214ක් ලෝක බැංකු ආධාර ලෙස ලැබී තිබේ.
මෙම ජලාපවාහන හා මළාපවාහන පද්ධති උමං මාර්ග ලෙෂ ඉදිකෙරෙන අතර ලන්දේසින්ගෙන් පසුව එවැනි ව්‍යාපෘතියක් ආරම්බ කරන්නේ පළමු වරට බවද රණවක මහතා පැවසීය. මේ ව්‍යපෘතියට අනුව ඕලන්ද සමගේ ඉදිවූ මුතුවැල්ලේ උමග ත්වනුවට නව උමගක් ඉදිකෙරෙන අතර කින්සි පාර”
ඩී. එස් විද්‍යාලය හරහා ඇළ මාර්ගයක් ඉදිකිරිම දැනට ආරම්බ කර ඇත. නිදහස් චතුර්ස්රය. බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව ඇතුලූ කොළඹ හත ප්‍රදේශය ආවරණය වන පරිදි ටොරින්ටන් උමං මාර්ගය ඉදිකෙරේ.
කොළඹ ගංවතුර පාලනයට කැළනිගග බහුකාර්ය යෝජනා ක්‍රමයක් පිළිබඳ යෝජනාවක් මහනගර හා බස්නාහිර සංවර්ධණ අමාත්‍යංශය රජයට ඉදිරිපත් කර තිබේ. එමගින් කැළනි ගගේ වැඩි වතුර වියළි කලාපයට යැවීමටත්, වේලී අලූවැඩියා කිරිමටත්, පානීය ජල යෝජනා ක්‍රමය තවත් වැඩිදියුණු කිරීමටත්, කැළණි ගඟ ප්‍රවාහන කටයුතු සඳහා යොදාගැනීමටත් බලපොරොත්තු වේ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔබතුමා පවස පවසා ඉන්නවා විතරනේ.
හොද වැඩක් හැබැයි කරලා පෙන්නන්න ඕනේ. මොකද තාම කරපු දෙයක් නැති නිසා අපිට විශ්වාස නැ.
බොහොම හොද දෙයක්
හදල තියෙන පාරවල් ටිකේ අවසානේ. දැනටමත් බෙස්ලයින් පාර කඩනවා. හරියට හදන්නේ නැහැ. හදපු පාරකුත් නැහැ, තියෙන ටිකත් කඩනවා.
උමං මාර්ගය හැදුවට මදි අපද්‍රව්‍ය පිරිසිදු කරලා මුහදට යවන ක්‍රමයකුත් හදන්න .
ගස්ලබු පිත්තෙන් හදපු නලාව වගේ පිඹිනවා. ගස්ලබු පිත්ත ටික දවසයි වේලිලා රැලි ගැහිලා කැඩිලා යනවා හඬත් ,පිත්තත් දෙකම නැහැ.
ඕනෑම දියුණු රටක ගොඩනැගිලි හදන්නට පෙර පළමුව යටිතල පහසුකම් සකස් කරනවා. ලංකාවේ වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් විදියකට.
කරන දෙයක් 2020 ට කලින් කරන්න.
මෙයට අවුරුදු 2 කට කලින් කියපු රුපියල් බිලියන 50,000 මහ කොළඹ සැලැස්මේ මේක තිබුනේ නැත්ද ? පුදුම මහකොළඹ සැලසුමක්නේ ඒක. සුද්දාගෙ කාලෙත් කොළඹ මල ප්‍රවාහන උමං පද්ධතියක් තිබුනා. ගමන ඉබිගමනින්වත් නැති වුනාට, කතාව නම් දොලාවටත් ඉහලින්.
දැනට තිබෙන මල ප්‍රවාහක පද්ධතිය සුද්දා සැකසු එකක් එය අවුරුදු 80 වඩා පැරණී ඒ වගේම ඉන්නා ජනගණයට ප්‍රමාණවත් නැත.........
හැබැයි ඇමතිතුමෝ ඔය වියදම් කොළඹ නගර සබාවෙන්ම ගන්න. රටේම මිනිසුන්ගේ බදු සල්ලිවලින් කොළඹ මලපහ අදින්න ලැහැස්ති කොරන්න එපා. මොකද පිටින් කොළඹට පැමිණි කෙනෙක් කොළඹ වැසිකිලියක් පාවිච්චි කලොත් රු 10 ගෙවනවා.