(නිමන්ති රණසිංහ)
කොළඹ පිහිටි ජනප්‍රිය පාසලකට දරුවකු ඇතුළත් කර දීමට යැයි පවසා යුද හමුදා කර්නල්වරයෙකුගේ බිරිඳකගෙන් රුපියල් පන් ලක්ෂයක මුදලක් සහ පෙන්ඩනයක් සහිත රන්මාලයක් ලබාගත් බව කියන සැකකරුවකු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කඩවලගෙදර මූණමල්දෙණීය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකි.
මෙම සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික විද්‍යාලයක ගුරුවරියකි.
තම සහෝදරියකගේ මිතුරෙකු විසින් තම දරුවා කොළඹ ජනප්‍රිය පාසලක් වෙත ඇතුළත් කර දීම සඳහා යැයි පවසමින් තමාගෙන් රුපියල් පන්ලක්ෂ හත්දහසක මුදලක් සහ පෙන්ඩනයක් සහිත රන්මාලයක් මෙන්ම රුපියල් තිස් දහසක් වටිනා ජංගම දුරකතනයක් තමාගෙන් ලබා ගත් බවත් ඒ සියල්ල අදාල විද්‍යාලයේ විදුහල්පතිනියට ත්‍යාගයක් ලෙස ලබා දීමට බවට එම පුද්ගලයා විසින් සඳහන් කර ඇති බවත් පැමිණීලිකාරිය සිය පැමිණීල්ලෙන් දක්වා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මෝඩ අය. අයියෝ සංසාරේ
හමුදාවේ කර්නල් කෙනෙක් නම් තමන්ගේ දරුවා පාසලකට ඇතුලත් කරනකොට ප්‍රමුඛතා කෝටා එකෙන් ස්ථානයක් ලැබෙනවා නේද?
මෙතන ගයියා කියලා අදහස් දමලා තියන ඉස්කෝලෙකට නොගිහින් තියන කෙනා දන්නෙම නැද්ද, ලංකාවේ ජනප්‍රිය, උසස් කියන පාසලකට ළමයෙකුව දාගන්න කප්පන් ගෙවන්න ඕන කියලා. ජාතික පාසල් වල තත්වයත් එසේමයි. මේක නොදන්නා අයද ලංකාවේ ඉන්නේ?
කිසි සෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඉල්ලනකොටම දෙන්න යන මෙවැනි මෝඩ අය සිටිනතාක් මේ රට වලපල්ලේම තමයි.
අල්ලස් දීම සම්බන්දයෙනුත් තීරණයක් වෙන්න ඕනේ.. වැඩේ ගැස්සුනාම පැමිණිලි දානවා.. වැඩේ හරි ගියොත් ඔක්කොම ගොඩ යනවා..
හැඳි මිටේ දිගට නුවණ තියන අය තවමත් ඉන්නවා .