කැබිනට් සංශෝධනය කරන තුරු කැබිනට් රැස්වීම් අත්හිටුවයි කැබිනට් සංශෝධනයක් කරන බවට තමන් ජනතාවට පොරොන්දු වී ඇති බැවින් කැබිනට් සංශෝධනයේ පොරොන්දුව ඉටුකරන තුරු සතිපතා කැබිනට් හමු නොපවත්වන බවට ජනපතිවරයා ප්‍රකාශ කර තිබේ. අගමැතිවරයාගේ චීන සංචාරයෙන් පසුව යෝජිත කැබිනට් සංශෝධනය කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්රිමසිංහ මහතා තීරණය කර ඇත. 14 May 2017
ගුරු - විදුහල්පති ගැටළුවලට විසඳුම් ඉල්ලා මහ සමුළුවක් ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අදාළව අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙතෙක් නොවිසඳූ ගැටළු විසඳීමට බල කරමින් මහ සමුළුවක් පැවැත්වීමට තීරණය කළ බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව කියයි. 14 May 2017
සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම නවත්වන්නැයි රජය ඉල්ලයි පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සහ සයිටම් ආයතනය විධිමත් කිරිම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කරන තෙක් නවක සිසුන් බඳවා ගැනිම අත්හිටුවන්නැයි සයිටම් ආයතනයෙන් රජය ඉල්ලීමක් කර තිබේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා රජය මෙම ඉල්ලීම කර තිබේ. 14 May 2017
දෙවොල් දෙකක් බිඳ ලක්ෂ 5 ක බඩු සොරකම් කරති මඩකලපුව කාත්තාන්කුඩි ආරයම්පදියේ දේවාල දෙකක් එකම අවස්ථාවේ කඩා වටිනා පහන් හා දේවාලයේ භාණ්ඩ සොරකම් කර ඇතැයි කාත්තාන්කුඩි පොලිසිය පවසයි. 14 May 2017
හෙලිකොප්ටර් යානා ගොඩබැස්වීමේදී ඇතිවූ දේපළ හානිය ගැන පැමිණිලි 10 ක් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග පැමිණි එම්අයි-17 වර්ගයේ හෙලිකොප්ටර් යානා ගොඩබැස්වීමේදී හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ තාප්පයක් කඩා වැටිමෙන් නිවාස වලට සිදුවු අලාභය සම්බන්ධයෙන් සමනළගම ගම්වාසින් 10 දෙනකු හැටන් පොලිසියට පැමිණීළි 10 ක් ඉදිරිපත් කර ඇතැයි හැටන් මුලස්ථාන පොලිස් පරික්ෂක පුෂ්පකුමාර හෙට්ටිආරචිචි මහතා පවසයි. 14 May 2017
ඉන්දීය අගමැතිගේ නෝර්වුඩ් කතාව බෙදුම්වාදයට රුකුලක් - විශ්ව විද්‍යාල ආචාර්යවරු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නෝර්වුඩ් කතාව බෙදුම්වාදයට රුකුලක් යැයි, ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ප්‍රධාන ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 14 May 2017
අධිවේගී මාර්ගයේ අනතුරෙන් කතක් මියයයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර දකුණ ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් හා වෑන් රථයක් ගැටී සිදූවූ අනතුරකින් කාන්තාවක මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇත. දානමය පිංකමක් සඳහා යමින් සිටි වෑන් රථයේ ගමන් ගත් කාන්තාවක බරපතල තුවාල ලබා ඇති අතර එහි රියදුරු කම්පනය හේතුවෙන් රෝහල් ගත කර සිටී. 14 May 2017
සයිටම් විරෝධී රැළියට බාධා කිරීමෙන් ගම්පහ උණුසුම් වෙයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු සිවිල් සංවිධාන එක්ව ගම්පහ දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට පැවැත්වීමට ගිය සයිටම් විරෝධී රැළියට පොලිසියෙන් බාධා කිරීම නිසා ගම්පහ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 13 May 2017
රබර් කර්මාන්තශාලාවේ ගින්නෙන් නිවාස වලටත් හානි මහරගම ඇරැව්වලදී අද අලුයම රබර් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් අසල නිවාස කීපයකට ද හානි සිදුව ඇතැයි මහරගම පොලිසිය කියයි. 13 May 2017
කහ ඉර මතදී යතුරු පැදියේ හැපුණු දරුවා මියයයි ගලේවෙල තලකිරියාගම විහාරස්ථානය ඉදිරිපිට පදික මාරුවෙන් ගමන් ගනිද්දී යතුරු පැදියක ගැටී අනතුරට පත් නව හැවිරිදි දරුවා අද මාතලේ රෝහලේ දී මිය ගියේය. 13 May 2017
නේපාල ජනාධිපතිනී සැපැත්වෙයි එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් සමාප්ති උළෙලට සහාභාගී වීමට නේපාල ජනාධිපතිනී බිද්‍ය දේවී භන්දාරි මහත්මිය මීට සුළු මොහොතකට කලින් කටුනායක ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියාය. 13 May 2017
නිධාන් ගන්න ගිය හතරක් අත්අඩංගුවට බිබිල නාගල නාමිරිත්තකැටිය ගම්මානයේ නිවසක් පිටුපස ගල්තලාවක නිධානයක් හාරමින් සිටි බව කියන පුද්ගලයින් සිව්දෙනෙකු පෙරදින 12 දින රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 13 May 2017
වෛද්‍ය සභා භූමියෙන් අත්බෝම්බයක් සොයාගනී කොළඹ මරදානේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභා භූමියේ තිබී පුපුරා නොගිය අත් බෝම්බයක් සොයාගත් බව පොලිසිය කියයි. 13 May 2017
අගමැති රනිල් චීනයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම චීනයේ සංචාරයක් සඳහා පිටත්ව ගියේය. 13 May 2017
ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ පනතේ ව්‍යවස්ථානුකූලබව විමසා ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සමක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව විමසා බලන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කර තිබේ. 12 May 2017
ඉන්දීය අගමැති මෝදි පිටත්ව යයි ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු පිරිස අද(12) පස්වරු 5.35ට කටුනායක ගුවන්තොටුපළින් යළි ඉන්දියාව බලා පිටත්ව ගියහ. 12 May 2017
පෝස්ටර් ඇලවූ තරුණයන් රඳවාගැනීම හෙළාදකී වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ මගින් මුද්‍රණය කළ පෝස්ටරයක් අලවමින් සිටි තරුණයන් දෙදෙනකු බොරැල්ල නගරයේ දී අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම තරයේ හෙළා දකින බව එම පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 12 May 2017
ඩෙංගු ප්‍රතිකාර කරන්න කුරුණෑගල රෝහල අවටින් ආධාර ඉල්ලයි කුරුණෑගල රෝහලේ පවතින ඩෙංගු අවදානම හේතුවෙන් රෝහල් පරිශ්‍රය හා ඒ අවට ඩෙංගු අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කුරුණෑගල රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය චන්දන හැඳගස්ගමුව මහතා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 12 May 2017
ඉන්දීය අගමැති පැමිණි හෙලිකොප්ටරය ගොඩබැස්වීමේදී කාන්තාවකට තුවාල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැමිණී ඉන්දිය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය හැටන්හි ඩන්බාර් කි‍්‍රඩාංගණයට ගොඩ බැස්සවීමේ දී කි්රඩාංගණය අසල සමනලගම ගම්මානයේ නිවාස තුනක වහලවල් සම්පුර්ණයෙන්ම කැඩි ගොස් එම නිවාස වලට දැඩි අලාභ හානි සිදුව ඇත. 12 May 2017
පාවෙමින් තිබූ කිලෝ 9 ක හෙරොයින් පාර්සලයක් සොයාගනී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 9.3 ක් අඩංගු පාර්සලයක් උතුරු මුහුදේ පාවෙමින් තිබියදී අද (12) පස්වරුවේ නාවික හමුදාව විසින් සොයාගෙන ඇතැයි නාවික හමුදාව කියයි. 12 May 2017
ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් දීමට යුරෝපා සංගමයේ අනුමැතිය ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ලබාදීමට යුරෝපා සංගමයේ විදේශ සහ වෙළෙඳ අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ අනුමැතිය හිමි වූ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය. 12 May 2017
‘ශ්‍රී ලංකා ආර්ථිකයේ දියුණුවට ඉන්දියාව කැපවෙනවා‘ - මෝදි ශ්‍රී ලංකාවට ආර්ථික සෞභාග්‍ය උදා කරලීම සඳහා ඉන්දියාව ඇප කැප වී කටයුතු කරන බවත් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කොළඹදී අද (12) පැවැසීය. 12 May 2017
වතුකරයේ ජනතාවට ඉන්දියාවෙන් තවත් නිවාස 10,000 ක් වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉන්දියානු ආධාර යටතේ දැනට ඉදිකෙරෙමින් පවතින නිවාස 4000ට අමතරව තවත් නිවාස 10,000ක් එම ජනතාව වෙනුවෙන් ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය. 12 May 2017
‘ද්විත්ව පුරවැසිභාවය ඇති අයට රජයේ උසස් තනතුරු දෙන්න එපා‘ - පැෆරල් සංවිධානය රට වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා රාජ්‍ය නිලධාරින් පත් කරන විටදී ද ද්විත්ව පුරවැසි භාවය ඇති අය පත් නොකිරීමට වග බලා ගන්නැයි පැෆරල් සංවිධානය බලධාරින් ගෙන් ඉල්ලීමක් කරයි. 12 May 2017
මහින්ද - ගෝඨා සමග ඉන්දීය අගමැති මෝදි සාකච්ඡාවක ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වා ඇතැයි ඉන්දීය තානාපති ආරංචි පවසයි. 12 May 2017
අභියාචනාධිකරණ තීන්දුව 15 වැනිදා තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නුසුදුසු බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව ලබන සඳුඳා (15) තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(12) තීන්දු කළේය. 12 May 2017
ගීතාගේ අභියාචනයේ තීන්දුව දෙනතුරු මන්ත්‍රී අසුනේ පුරප්පාඩුව සම්පූර්ණ නොකරයි ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුව දෙනතුරු ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ පුරප්පාඩුව සම්පූර්ණ නොකිරීමට මැතිවරණ කොමිසම මීට සුළු මොහොතකට පෙර තීන්දු කළේය. 12 May 2017
කොළඹ - බරණැස අතර ගුවන් සේවයක් කොළඹ සිට භාරතයේ වාරානාසී දක්වා ගුවන් සේවයක් අරඹන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි. 12 May 2017
පස් කන්දක් කඩා වැටී බදුල්ල මාර්ගයේ කොටසක් අවහිර වෙයි කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය තානායම ආසන්නයේ පස්කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ එක් පසක් අවහිරව ඇතැයි පොලිසිය පවසයි. 12 May 2017
කඳවුරේ දැරියන්ට බෙදූ තිසරපට ඇතුළේ ජෙල් විශේෂයක් මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් නිවාස අහිමි වූවන් රැඳී සිටින මීතොටමුල්ල වී ගබඩා වේ තාවකාලිකව පදිංචිව සිටින දැරියන් අතර නොමිලයේ බෙදා දුන් තිසරපට තුළ පෙති වර්ගයක් හා ජෙල් වැනි ද්‍රාවණයක් අඩංගු පැකට්ටුවක් අයුරා තිබියදී සොයාගත් බව එම දැරියන්ගේ මවුවරු පවසති. 12 May 2017
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026