(රෝවන් පෙරේරා )
නවගත්තේගම පලුගස්සෑගම ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පස් දෙනකු අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි.
සැකකරුවන් සතුව තිබූ පූජා භාණ්ඩ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
නවගත්තේගම පලුගස්සෑගම කැලෑ ප්‍රදේශයේ නිධන් වස්තු සෙවීමේ අදහසින් කැණිම් කටයුතු සිදුකරමින් සිටියදී අද (31) වන දින අලුයම පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
නිදන් හෑරීම සඳහා යොදා ගත් උදලු 2ක් පූජා භාණ්ඩ වන ත්‍රිශූල 1ක් බෝපත 1ක් චාමර සේසත් 1ක් පාසලඹ 1ක්, කට්ටකමන්ජල්, තල, මුං ඇට,වේලන ලද මුව මස්,කහ,තෙල් බෙහෙත්,ඇතුලු පූජා භාණ්ඩ රැසක් පුරා වස්තු සෙවීමේ අදහසින කැණිම් කළ ස්ථානයේදි පොලිස් භාරයට ගෙන ඇත.
නිදන් හැරූ ප්‍රධාන වෙදගුරා 35 හැවිරිදි මාතර ප්‍රදේශයේ යකු වන අතර සෙසු පුද්ගලයින් හතර දෙනා නවගත්තේගම පලගස්සෑගම පදිංචි කරුවන් බව පොලිසිය කියයි.
සැකකරුවන් සහා භාණ්ඩ ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමතව ඇති බව නවගත්තේගම පෙලිසියේ ස්ථානාධීපති නවින් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ ගඩොල් ගොඩක් ඇති සැමතැනම හාරන මේ හොරුන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න.