(නිමන්ති රණසිංහ)
කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයේ සේප්පුව තිබු රන් භාණ්ඩ කිහිපයක් අතුරුදන් වීමේ සිද්ධියකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ප්රධාන නඩු භාණ්ඩ බාරකරු ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුයේ කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයේ ප්රධාන නඩු භාණ්ඩ බාරකරු ලෙස සේවය කළ සම්පත් ගුණවර්ධන නැමැත්තෙකි.
ග්රෑන්ඩ්පාස් පොලීසියේ නඩුවකට අදාලව රන් භාණ්ඩ සහිත බෝතලයක් නඩු භාණ්ඩ වශයෙන් අදාල සේප්පුවේ තබා තිබියදී අස්ථාන ගතවීම සම්බන්ධයෙන් එම සැකකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් චෝදනා නඟා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
කලකට පෙර දකුණු පළාතේ එක්තරා අධිකරණයක මෙවන් සිද්ධියක් ගැන ඔබ දැනුවත් කරමි.අදාළ රෙජිස්ට්රාර් වරිය අසල තිබු සේප්පුවෙන් එක්වරම ලොකු මුදලක් අතුරුදහන් වුනා.කෙසේ හෝ විශාල මුදලක් අඩු බව රෙජිස්ට්රාර් කලබල වී තමන් කිසිවක් නොදන්නා බව පවසා ඇඟ බේරා ගත්තා.රෙජිස්ට්රාර්ගේ මේසය ලඟට උසාවි කාර්ය මණ්ඩලය, නීතීඤ වරුන් ඇතුළු බොහෝ දෙනා පැමිණීම මුදල් සොරාගත් කෙනා ඇල්ලීමට විශාල බාධාවක් වී තිබුනා. ප්රශ්නය රහස් පොලිසිය වෙත යාමට නියමිතව තිබුණා.සියලු දෙනා කලබලයට පත් උනා." අපි මේකට ගැටබරු දේවාලෙට හරි සීනිගම දේවාලෙට හරි යමු " ඔවුන් යෝජනා කලත් ඉහත කී ඇය එසේ කිරීමට වැඩි කැමැත්තක් දැක්වුයේ නැහැ.පසුදා කවරයක දමා තිබූ මුදල් ප්රමාණය රෙජිස්ට්රාර් මේසය අසල බිම තිබී සොයා ගත්තා.මුදල් ලැබුණු නිසා ප්රශ්නය ඇසෙ විසදුනත්,තව ටිකෙන් නිරපරාදේ වෙනත් අය කරදරයට පත්වීමට ඉඩ තිබුණා.කරුණාකර මෙවන් වැදගත් ස්ථාන වලට සීසීටිවී කැමරා සවි කරන්න.එය ප්රශ්නයට විසඳුම වන්නේය.