ඩබ්ලිව්.ඒ. අසේල
මහනුවර තැන්නකුඹුර පිහිටි තරු පහේ හෝටලයක වැසිකිලි අපද්‍රව්‍ය ගලි බවුසරයකින් රැගෙන විත් අද (31) උදෑසන හතරට පමණ වික්ටෝරියා ජලාශයට මුදාහරිමින් සිටියදී තලාතුඔය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර මයිලපිටියේ පිහිටි ජාතික රණවිරු ස්මාරකයට නුදුරු ස්ථානයක දී මෙම අශූචි මිශ්‍ර වැසිකිලි අපද්‍රව්‍ය මුදාහරිමින් සිට ඇති අතර රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරින්ට හසුවී ඇත.
අදාළ ගලි බවුසරය මාලඹේ ප්‍රදේශයේ පෞද්ගලික පිරිසිදු කිරීමේ අයතනයකට අයත් වන අතර එහි රියදුරු සහ සහායක අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර පරීක්ෂණයේ දී එහි රියදුරුට රියදුරු බලපත්‍රයක් නොමැති බවටද අනාවරණය වී ඇත. රියදුරු හා සහායක ගාල්ල හා මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
අත්අඩංගුවට පත්වන විට ඔවුන් ළඟ රුපියල් ලක්ෂයක පමණ මුදලක් ද තිබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල වෙනුවෙන් ඕනෑම අන්දමක වැඩක් කිරීමට මේ අය පසුබට නොවන බව පැහැදිලිය. නීතියෙන් දිය හැකි උපරිම දඩුවම් දිය යුතුමය.
මිනිස්සු වතුරත් බොනවා බරපතල දඩුවම් දිය යුතුය .
වැසිකිලි අපද්‍රව්‍ය වික්ටෝරියා ජලාශයට මුදාහැරීමට ලක්ෂයක් ලැබුණානම් එක හොඳ ජොබ් එකක් නේද? මෙවැනි හෝටල්වල හෝ වෙනත් ආයතනවල අපද්‍රව්‍ය නිසිලෙස කළමනාකරණය කරන හැටි පරික්ෂා නොකර ඉදිකිරීම් බලපත්‍ර "බෙදාදෙන" අයට දැඩි දඬුවම් පැමිණවීමට මෙරටේ නීති නැද්ද?