(ඉන්දික අරුණ කුමාර)
නාඋල පොලිස් බල ප්‍රදේශයට අයත් හපුගස්යාය ගම්මානයේ දී පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.
ඉකුත්දා (30) දැරිය පාසල් යමින් සිටිය දී අසළ පිහිටි ළඳු කැලෑවකට ඇදගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇති බව ඇගේ මව විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.
බෝගස් බොබැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය අපයෝජනයට ලක්කර ඇති හමුදා සෙබළා 19 වැනි ගජබා රෙජිමේන්තුවට අයත් අවුරුදු 24 ක අවිවාහක හපුගස්යාය ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකි.
අදාළ දැරිය වෛද්‍ය පරික්ෂණයකට යොමුකර තිබේ. නාඋල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත මහතා ඇතුළු කාන්තා කාර්යංශයේ නිලධාරිනියන් හා විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අද (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් කමටත් නිගරුවක්. නින්දාවක්.
අවුරුදු 12 සිට 15 දක්වා වයස්වල ගැහැණු ළමයි තමා ගොඩක් දුරට අපයෝජනය වෙන්නේ. මෙයාලට කිසිම දෙයක බරපතලකම තේරුම්ගන්න බැරි නිසාත් විරුද්ධ වෙන්න ශාරීරික හා මානසික ශක්තිය ප්‍රභල නැති නිසාත් ලේසියෙන්ම කාමතුරයන්ට ගොදුරුවෙනවා. ඒ නිසා දෙමව්පියන් තමන්ගේ ගැහැණු දරුවන්ගේ සුරක්ෂිත භාවයගැන සැමවිට අවදියෙන් සිටිය යුතුවේ.
රණ විරුවන්ට හිරි හැර නොකරනු!