සුජිත් හේවාජුලිගේ
ජනතාවට විස පතුරුවන අසත්‍ය වැරදි දේ පළ කරන සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මේ අතර රට තුළ මතු වී පවතින පතාල කණ්ඩයම් මැඩපැවැත්වීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පොලිස්පතිට උපදෙස් දුන් බව ඔහු කීය.
ජනපති මේ බව පැවසුවේ වත්තල නව උසාවි සංකීර්ණය විවෘත කිරිමෙන් පසු එම පරිශ්‍රෙය් පැවති උත්සවයකදීය.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'සත්‍ය' 'අසත්‍ය' හොඳට තෝරා බේරා ගන්න රටේ ජනතාවට දැන් හොඳට පුළුවන්.
බොහොම හොදයි.
ඉතාම හොඳ තීරණයක් ජනාධිපතිතුමනි. යහපාලනයට අපහාස උපහාස කරන සියලු වෙබ් අඩවි, සමාජ ජාල තහනම් කල යුතුයි.
මොන උනත් ඒ අදහස නම් හොඳයි .
හොඳට හොයලා බලලා කලොත් සාර්ථක ප්‍රතිපල ගන්න පුළුවන්
ජනාධිපතිතුමනි, අසත්‍ය දේවල් පළ කරන්නේ වෙබ් අඩවිවල විතරක් නෙමෙයි. අනිත් ජන මාධ්‍යවලිනුත් ඒ වැරැදි වෙනවා. වෙබ් අඩවි තහනම් කලා කියලා ඕවා නතර වෙන්නේ නැහැ. රටකට නිතියක් අවශ්‍යයි. අනිත් එක රටේ සංවර්ධනයි, සංහිඳියාව නැති වෙනකොට ඕවා කොහොමත් ජනතාව අතර කතිකාවක් ඇති වෙලා ජනසමාජයේ පැතිර යනවා. ජනාධිපතිතුමනි, ඒක කොහොම කිව්වත් නැති කරන්න බැහැ ඇත්තම කතාව ඒකයි. මම හිතන්නේ සමාජ වෙබ් අඩවිවල නිතරම පලවෙන්නේ සියයට සියයක්ම අසත්‍ය දේවල් නෙමෙයි. සමහර වෙලවට, ඔබතුමාලා රටේ පාලනය ගෙනියන විදියට ජනතා මතය ඉස්මතු වෙන්න පුලුවන්. ඒවා වෙබ් අඩවිවල පල වුණාට ඔබතුමාලා කලබල වෙලා මේවා තහනම් කිරිම විසදුමක් නෙමෙයි. මේවට පමණක් නෙමෙයි අනිත් හැම දේකටම රටට නීතියක් අවශ්‍යයි.
එක වෙබ් අඩවියක් තහනම් කරලා වෙලා තියෙන දේ දන්නවා ඇතිනේද? එහෙම නම් තවත් වේ අඩවි තහනම් කලාට වැඩක් වෙන්නේ නැති බව තේරුම් ගැනීම ඇඟට ගුණ බවයි කිව යුත්තේ.
තහනමද නැද්ද නෙමෙයි, එ්වයෙ වැරැද්ද පෙන්නන්න. මහතීර් මහමූද් ජනපති තුමා ගැන තිබුන කථන්දර දවස් ගනනාවක් පැතුරුනා. අපේ තානාපතිට එ් ගැන පැහැදිළි කිරීමක්වත් කරන්න උවමනාවක් නැහැ ජනාධිපති අහනකන්.
එසේ නම් සත්‍ය කරුණු හෙළිකරන `ලංකාඊනිව්ස්` තහනම ඉවත් කිරීම සුදුසුයි නේද?`
ඕකත් අර ග්ලයිපොසෙට්, ඇස්බැස්ටෝස් තහනම් වගේ වේවි
එතකොට අසත්‍ය දේවල් ප්‍රකාශ කරන දේශපාලකයන්ට දෙන දඩුවම මොකක්ද ?