බිමල් ශ්‍යාමන් ජයසිංහ
පෑනක් ආකාරයෙන් සකසන ලද විදේශයක නිෂ්පාදිත ගිනි අවියක් උණ්ඩ පහක් හා මන්නා පිහි දෙකක් සමඟ මත්පැන් ජාවාරම්කරුවකු වන පොකුණුවිට කන්ගැට්ටා අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි.
මෙම පුද්ගලයා කුඩා අවියක් නිරතුරුවම ඉනෙහි සඟවා සිටින බවට පානදුර කොට්ටාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකුට ලද තොරතුරකට අනුව සැකකරු පොකුණුවිට දී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධරයකු පැවසිය.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරිමේ දී පදිංචි පොකුණුවිට කරන්වල නිවස පරික්ෂා කිරිමේ දී මන්නා පිහි දෙකක් ද සොයා ගැනීමට හැකි වු බව එම නිලධරයා වැඩිදුරටත් කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර මන්න පිහියක් තියාගන්න බැරිද. එතකොට කොස්ගෙඩිය කපලා ගේන්නේ පොලිසියෙන්ද? අපේ ගෙදර මන්න පිහි තුනක් තියෙනවා එකක් කොස් කපන්න අනික මාළු කපන්න ඉතිරි එක වත්තෙ වැටෙන පොල් අතු කපන්න මේ හැම එකක්ම හොරෙක් ආවොත් ආරක්ෂාවට
ඉස්සෙල්ලාම කරන්න තිබුණේ කන්ගැට්ටාව කන්ගට්ටේන්ම අල්ලා ළිං ගැට්ටේ ගහන්නයි.මේ තක්කඩි අපරාධ කාරයන් හට වෙනමම අධිකරණයක් පිහිටුවා එවුන් ගෙන් මේ රටට තියෙන කරදරය නැති කල යුතුයි.එවුන් පිටුපස තිබෙන දේශපාලන හස්ත ( සියලු පාට වල ) වලට නීතියෙන් දඬුවම් දිය යුතුයි.