(ටී.කේ.ජී.කපිල )
රුපියල් හය කෝටි හැත්තෑ පන් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 100 ක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශීක ගුවන් මගියෙකු අද (31) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 60 හැවිරිදි පෝලන්ත ජාතිකයෙකි .
ඔහු තම ඉන වටා බැද ගෙන සිටි විශේෂ පටියක මෙම ග්‍රෑම් 100 ක් බරැති රන් බිස්කට් 100 සඟවා ගෙන සිටි බව රේගුව පවසයි.
එම රන් බිස්කට් වල මුළු බර කිලෝ ග්‍රෑම් 10 ක් බව ද රේගුව සඳහන් කරයි.
මෙම සැකකරු අද (31) උදෑසන 8.50 ට පමණ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යාමට උත්සාහ කරද්දී රේගුවට හසු වී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මෙතන 30යිනෙ තියෙන්නේ. ඉතුරු 70 කෝ..?