අනවසර ගිනි අවි 453 ක්, අත්බෝම්බ 280 ක් අත්අඩංගුවට
2016 වසර තුළ දිවයින පුරා කළ ගිනි අවි වැටලීම් වලින් අනවසර ගිනි අවි 453 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි. මෙම අවි අතර ටී 56 අවි 25ක්, ස්වයංක්‍රීය පිස්තෝල 80 ක්, රිපීටර් ගිනි අවි 4 ක්, බෝර 12 තුවක්කු 60 ක්, බඳින තුවක්කු 284 ක්, වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.