දයාරත්න ඇඹෝගම
‘මැලේසියාවේ නව අගමැති මහතීර් මොහොමඩ් මහතා අගමැති තනතුරට පත්වුණාම රටේ නීතිය භාවිතා කර වැරදි කරපු හිටපු අගමැති හා පොලිස් නිලධාරින්ට නීතිය ක්‍රියාත්මක කළා. එහෙත් අපේ රටේ දේශපාලනඥයන්ට , ධනවතුනට එක නිතියකුත් නැති බැරි අයට තවත් නිතියකුයි තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි මැලේසියාවේ අගමැතිවරයා ආදර්ශයට ගත යුතුයි.‘ යැයි වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර කනදරාවේදි පැවසීය.
‘මැලේසියාවේ නව අගමැතිවරයකු පත් වුණා. මං හිතන්නේ එතුමා මහා වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. රටේ නීතිය භාවිතා කරලා හිටපු අග්රඅමාත්යවරයාගේ සිට ඇමතිවරුන්, රජයේ නිළධාරීන්, පොලිස් නිළධාරීන් මේ සියලු දෙනා වරදක් කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න පියවර ගෙන තිබුණා. අපිත් මැලේසියාවේ අගමැතිතුමන්ව ආදර්ශයට ගත්තා නම් හරි. එතුමා වයස 91 ක පුද්ගලයෙක්. එතුමාගේ ඒ ශක්තිය ජවය හරි අකාරව ක්‍රියාත්මක කළා.
අපේ රටේ නීතිය ක්රියාම්ක කරන්න යන කොට දේශපාලඥයෙක් නම් දෙපාරක් හිතනවා. ඒ වගේම සල්ලි තියෙන ව්‍යාපාරිකයෙක් නම් තව පාරක් හිතනවා. හැබැයි පොඩි එකෙක් අඹගෙඩි 05 ක් හොරකම් කලොත් නීතිය අකුරට ක්‍රියාත්මක කෙරෙනවා. බඩ ගින්නට පොල් ගෙඩියක් අහුලන් ගිහින් කෑමක් හදන් කෑවොත්, ඒකට කවුරු හරි පැමිණිලි කළොත් එයාට ඒ නීතිය ක්රියාම්ක වෙනවා. හැබැයි සල්ලි තියෙන ලොකු ලොකු දේශපාලඥයින්ට සාමාන්‍යයෙන් නීතිය ක්‍රියාමක වෙනවා හරි හොරයි.
රටේ නීතිය දුමින්දටද පාතාලේ මනුස්සයාටද, සිංහලයටද, මුස්ලිම්ද, දෙමළද, බර්ගර්ද මොන ජාතියේද කියන කාරනාවක් නැතිව රටේ නීතිය හරි ආකාරව ක්‍රියාත්මක කරා නම් අපිට පාතාලයක් ගැන කථා කරන්න වෙන්නේ නෑ. ඒ නිසා අපි හැමෝගෙම වගකීමක් තියෙනවා ඒ නීතියට යටත් වීම. රටේ නීතිය ක්‍රියාත්මක කරන්න හදන කොට ඒ නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලත් කලින් ගිහින් තීන්දු ගන්නවා. පාතාලය ගැන කථා කරන නොයෙකුත් දෙනා තමන්ට චෝදනාවක් ඉදිරිපත් වුණාම.ඒ චෝදනාවට මූණ දීම තමයි කරන්න ඕනකම තියෙන්නේ.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පුර්ණයෙන්ම ඇත්ත.
ඒ එක්කම අර අපේ බදුමුදල්වලින් කුලිය ගෙවා ගෙවා තියන ගොඩනැගිල්ල ගැනත් අපිට නිතරම මතක්වෙනවා.
අපි කියන්න ඕන එක අැයි ඔබතුමා කියන්නෙ?
අපේ රටේ එහෙම කරන්න බැරි ඊළඟ පාර පොලියත් එක්ක රිටර්න් එක ලැබෙන නිසා.
හරියට හරි! අර නිළියගේ ගොඩනැගිල්ලටත් නීතිය ක්‍රියාත්මක උනේ නැත්තේ රටේ නීති දෙකක් තියෙන නිසා.
අපේ රටේ හැමෝගෙම කට විතරයි මහත්තයෝ වැඩ නැහැ. පාතාලයටත් වඩා භයානක පෞද්ගලික බස් සංගම් මෙන්ම රජයේ නිලධාරීන්ගේ මාෆියා සංගම් ඉදිරියේ හතරට නැමිලා දන නවන රජයක්, රටකට මොකටද? ජාතිවාදය වපුරලා රට ගිනි තියන එකට වන්දි ගෙවන්නෙත්, ගිනි තියපු අමනයින්ට කන්න දෙන්නෙත් මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදලින් නේද? සරු අස්වැන්නක් ගන්න වල් පැලැටි නසන්නම ඕනා, සරල තියරිය ඒකයි. කොහෙද, අපි පත්කරගෙන තියෙන්නේ, පඹයෝනේ!!
අනේ සමාවෙන්න ඇමතිතුමනි, අපි මීට පස්සේ හැමෝටම එක විදිහට නීතිය ක්‍රියාත්මක කරන්නම්. වැරැද්ද පෙන්නලා දුන්නට බොහෝ පිං...
හරියටම හරි අපිට කවදද ඒ වගේ ලැබෙන්නේ ඔක්කොටම එක සමාන නීතිය ක්‍රියා කරන ආණ්ඩුවක්, වැරදීකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරන ආණ්ඩුවක්
නියම කතාවක්.
අපටද කියන්නේ? ඒක වෙන්න ඇති අර අවුරුදු ගානක් වහල තිබ්බ ගොඩනැඟිල්ලකට මහජන මුදල් කෝටිගානක් ගෙව්වේ.
රටට ආදරේ කරන අවංක නායකයෙක් තවම දැක්කේ නැ ලංකාවේ.
මහජනයා නීතිය ක්‍රියාත්මක කරන්න තමයි ඔයාලව බලයට ගෙනාවේ..... බොරු එපා..... අඩුම තරමේ දැන් පටන් ගන්න
ඔය නීති දෙක අද ඊයේ ඉඳල නෙවෙයි ඉස්සර ඉඳන්ම තිබුණ........ එතකොටත් මෙයාට නීති දෙක ගැන කතාකන්න තිබුනනේ.
අපේ රටේ ප්රශ්නය අධිකරණය සහ විනිසුරන්. අපේ අධිකරණය අල්ලසින් තොර වුන දාට වඩා හොද වේ
ඉතින් දැන් අවුරුදු 3ක් වුණා. කරලා පෙන්නන්නකො පුලුවන්නම්.
ඔබතුමා සදහන් කරන රට ශ්‍රී ලංකාවද? නැත්නම් වෙනත් රටක්ද? මොකද ඔබතුමා ප්‍රබල ඇමතිවරයෙක් නිසා. රටේ නීති දෙකක් නම් එකට වග කියන්න වෙන්නේ ඔබතුමාලා නිසා.
මේ නීතියයි ෆයිල් ටිකයි යට ගහන්නේ කව්ද ? අවුරුදු 3 ක් ජනතාව බලාගෙන ඉන්නවා. වෙච්ච පොරොන්දු උල්ලංගනය කළා මේ රටේ දේශපාලකයෝ. ඒකෙන් විත්තිකරුවෝ ප්‍රයෝජනය ගන්නවා. ඒ නිසා නැවතත් හිටපු තැනටම අපි යන්න පුළුවන්. බලලෝබය නිසා නේද මේවා වෙන්නේ ?
මැති ඇමතීන්ටත් උඩින් නීතිය හසුරුවන කට්ටියක් ඉන්නවද? නිකන් අහන්නේ...
එතකොට මෙයා අර වහල තියන ගොඩනැගිල්ලට ගෙවන්නේ ඇයි කියලත් හොයල බලන්න ඕනේ
ආණ්ඩුව නීති දෙකක් තියාගෙන ඉන්නවනම් එක වැරදි කියල තේරෙනවනම් මොන මගුලකටද තව ආණ්ඩුවට සහය දෙන්නේ, සහය නොදී කොහොමද සල්ලි දෙන්නේ
නිදාගෙන ඇහැරිලා වගේ වගේ කතා කරන්නේ. ඔක්කොටම ඉස්සරවෙලා මෙයාවත් අත්අඩංගුවට ගන්න ඕන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිස් බිල්ඩිමකට කෝටී ගණන් නාස්ති කලාට.
ලංකාවේ නීති දෙකක් තිබුනා ත්‍රස්තවාදී ප්රභාකරන් ඉඳිද්දී.. ලැජ්ජයි. එකක් කරලා දුන්නට පස්සේ ආයෙත් ලංකාවේ නීති දෙකක් තියනවා කියන්නේ ආණ්ඩුවේ නොහැකියාව.
ඔවැනි සුරංගනා කතා අහල අපට ඇති වෙලා .
ඔය ඔක්කොටම මුල දුර්වල නායකත්වය, මුලින්ම පක්ෂයේ විනය කඩපු අතලොස්සට විරුද්ධව ක්‍රියාත්මක නොවීම, එමනිසා දැන් පක්ෂයේ වැඩි හරියක් බය නොමැතිව විනය කඩනවා එමනිසා දැන් ඔබතුමාලට සිදුවෙලා තිබෙන්නේ තිබෙන බලතල අනුව රටට සේවය කිරීම පසෙකලා , පක්ෂය තුල තම බලය ආරක්ෂා කරගන්න සටන් කිරීමට, බලය ආරක්ෂා කිරීමට උදවු කරන මිනිසුන්න්ට , ඇමතිකම්, රටේ ආර්ථිකය දිනෙන් දින පිරිහෙනවා.
මම මේ කල්පනා කරන්නේ මෙතුමාගේ කටට දාන්න හොඳ ස්ටර්ලින් පවුමක් ද? නැත්නම් මොන පිඬක්ද ? කියලා.
අපිට කොහෙන්ද ඒ වගේ අගමැති කෙනෙක්. එහෙම පිනක් මේ කපේට අපිට හම්බ වෙන්නේ නැහැ.
මේ රටේ ආණ්ඩු දෙකක් තියෙන නිසා නීති දෙකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන .
අපි ඕක ගොඩක් කලෙක ඉඳලා දන්නවා.