චන්දන ප්‍රනාන්දු
දන්කොටුව කුරුණෑගල මාර්ගයේ යෝගියාන ප‍්‍රදේශයේ දී රාත‍්‍රී 11 ට පමණ බෑග් 2 ක් සමඟ නිවසින් පලා යමින් සිටි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආරක්ෂාව පතා සැකපිට අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි.
යෝගියාන ප‍්‍රදේශයේ මාර්ගයක් අසල තරුණියන් දෙදෙනෙක් සැක කටයුතු ලෙස සිටින බවට ලැබුණු තොරතුරක් මත එහි ගිය පොලිස් නිළධාරින් පිරිසක් වයස අවුරුදු 16 ක් හා 17 වු පාසල් වයසේ පසු වු තරුණියන් දෙදෙනාගේ පරස්පර ප‍්‍රකාශ හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම තරුණියන් දෙදෙනාගේම මව්වරුන් හැරදා ගොස් ඇති බවත් පියා හා පුංචි අම්මා සමඟ ජිවත්වෙමින් සිටියදී මෙලෙස කිසිවෙකුට නොදන්වා නිවසින් පලා යමින් සිට ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.
රැකියාවක් සඳහා සම්මුඛ පරික්ෂණයකට යන බවත් කුරුණැගල ප‍්‍රදේශයේ සිට අයෙක් පැමිණෙන තෙක් මෙලෙස මාර්ගය අසල සිටි බව පොලිස් ප‍්‍රශ්න කිරිම් හමුවේ එම තරුණියන් ප‍්‍රකාශ කළ බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd