(සුජිත් හේවාජුලිගේ )
ඇලොසියස්ගෙන් මුදල් ගත්තා යැයි කියන 118 ලැයිස්තුවේ තමන්ගේ කණ්ඩායම්වල මන්ත්‍රීවරු නැතැයි රටට සහතිකයක් දෙන ලෙස ජනාධිපති අගමැති සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට තමා අභියෝග කරන බව ජනතා විමුක්ති පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ ලැයිස්තුවේ තම පක්ෂයේ කිසිවකුත් නැතැයි තමා රටට සහතිකයක් දෙන බවද ඔහු සඳහන් කළේය.
ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 ලැයිස්තුව නොපමාව හෙළි කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව කී දිසානායක මහතා ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද සහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කොහොමද අයර්ලන්තයේ ගෙවල් ගත්තේ....... කොහේ තිබුණ බුදලයක්ද?
වෙනත් රටවල් වලින් සල්ලි ගත්ත උදවියත් නැද්ද?
ව්යවාපාරිකයෝ නීතියට අනුකූලව ව්‍යාපාර කරනවනම් මොකටද දේශපාලකයන්ට සල්ලි දෙන්නේ. මම හිතන්නේ නීති විරෝධි දේවල් කරවා ගැනීමට වෙන්න අැති. දේශපාලකයො මුදල් ගන්නේද එ් නීති විරෝධි දේ කර දීමට නොවේද? අදරණීය ඡන්ද දායකයිනි. ඔබේ කතිරය රටේ යහපතට භාවිතා කරන්න. මොකද මේක අපේ රට. පුලුවන්නම් මේ 118 නැවත පාර්ලිමේන්තුවට නොයවා ඉමු. පක්ෂේ මොකක් වුනත්.
ඇලෝසියස් මේ අයට දුන් මුදල් ආපසු ඔහුට ගෙවන ලද්දේ බැදුම්කර මගඩිය හරහායි. මහා බැංකුවේ මුදල් මහජනයට අයත් දේපලක් වන බැවින්, මේ නම් මුළු රටටම හෙළි කිරීම රජයේ යුතුකමයි.
අපිට ආඩම්බරයි ඔබ ගැන
ඔන්න කරනවානම් වැඩ දීපන්කො උත්තර
රටේ උගත් තරුණ පරපුර දේශපාලන උම්මන්තකයින් බවට පත් කර නොමග යැවීමේ අයහපත් ප්‍රතිපලය මේ වන විට ජනතාව බුක්ති විදිමින් සිටිනවා. ඒ වැනි උන්මන්තකයින්ගෙන් 2018 වර්ෂය වනවිට ජනතාව උග්‍ර ලෙස පීඩා විඳින බවක් පෙනෙනවා. ඒ වගේම එදා සිරිමාවෝ බණ්ඩාරනායක හා ප්‍රේමදාස වැනි නායකයෙක් වර්තාමානයේ නොමැති වීම ගැනත් ජනතාව පසු තැවෙනවා.....
අනුර කුමාර සහෝදරයාගේ නිර්භීත ප්‍රකාශය ගැන අපේ සතුට. දේශප්‍රේමී මහත්වරුනි, ඔබගේ පක්ෂවල අවංකකම ගැන සහතිකයක් දෙන්න. අපේ මව්බිම චෞරයින්ගෙන් බේරා ගැනීමට පෙරට එන්න.
අනේ මගේ කට....... මෙයාට පිදේනි ලැබෙන්නේ විදේශ රටවල් හරහා ඩොලර්වලින්.
ඔබ දැක්කද අනුර කුමාර අයර්ලන්තෙ ගෙවල් අරන් තියනව? මේ පුවතෙන් කියන්නෙ ජවිපෙ කිසිමකෙනෙක් ඇලෝසියස්ගෙන් මුදල් අරන් නෑ කියල.
ඇලෝෂියස් ගේ විතරද සල්ලි, විජේදාසගෙන් ලක්ෂ 25ක් ගත්ත ය නැද්ද පක්ෂයේ?
දෙස් විදෙශ් වල සිටින ඕනෙම පුද්ගලයෙකුට තමන් කැමති දේශපාලන පක්ෂයකට මුදල්මය ආධාර දීමේ වැරද්දක් නැහැ. මෙතන ඇති ප්රශ්නය නම්, මහා බැංකුව වැනි මහජන ආයතනයක්, මහජනගේ අනුමැතියකින් සහ අනුදැනුමකින් තොරව, වංචනික ක්‍රියාවක් හරහා දේශපාලන පක්ෂ වලට අනුග්‍රහයක් දැක්වූ ඇලොසියස් මුදලාලිට මුදල් ගෙවීමයි. එබැවින්, බදු ගෙවන මහජනයාට මේ නම් දැනගැනීමට සම්පුර්ණ අයිතියක් ඇත.
ප්‍රකාශ්, ඔබ යම් කෙනෙකුට අකමැතිනම් එ්කේ හිතේ දරාගෙන ඉන්න. හැබැයි තමන්ට හිතෙන දේවල් මෙතන දැම්මම එ්ක හරි නෑ. එක්තරා පුවත්පතකුත් ඔය කතාව කියලා. උසාවියේ නඩුවක් දැම්මම සමාව ගත්තා. එ් කතාව බොරුවක් කියලා. ඔබ කියන්නේ කිසිම සාධකයක් නැති දෙයක්. එ් කියන්නේ මඩක්. හැබැයි ඔබ ඡන්දේ දෙන පක්ෂෙ අයනම් සාධක සහිතව මාට්ටු වෙලා ඉවරයි.
එතකොට කොහෙන්වත්, කාගෙන්වත් රුපියල්, හෝ විදේශ මුදල් ලැබුනෙම නැද්ද?
හා හා රතු මල්ලියේ.....එතකොට ඔහෙලට "කොහෙන්වත්, කාගෙන්වත් විදේශ මුදල් ලැබුණේ නැද්ද?
මෙතුමන්ලා ඔබලා කියන දේවල් කරලා තියනවනම්. මෙතුමන්ලා මෙලහකටකත් මහ උළු ගෙදර යවලා. ඔබලගෙ නායකයන්ට නිදහසේ හොරකමක්වත් කරන්න නොදෙන නිසා. මෙතුමන්ලා නිවැරදි කියන්න එ් තර්කයම අැති. කොන්දක් අැතිව මෙහෙම අභියෝගයක් කරන්න අැත්තටම සුදනෙක් වෙන්න ඕනේ. මම අාඩම්බරයෙන් කියනවා මේ මගේ නායකයා. ඔබලගේ නායකයන්ට කියන්න කොන්දක් තියනවනම් මේ අභියෝගය භාරගන්න කියලා.දේශපාලන අනාථයින්ගේ කථා නැවත උච්චාරණය කරන ගිරව් වෙන්න එපා තාර්කික වෙන්න.දෙකනට අැසන දේට වඩා අැසට පෙනෙන හා ඉන් බුද්ධියට අනුගත දේට තැන දෙන්න
ඔබලාට සල්ලි නොදුන්නේ සල්ලි අරගෙන ඔබලාට ඇලෝෂියස් වෙනුවෙන් කල හැකි දෙයක් නැති නිසා.
කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා. අලෝසියස්ගේ සල්ලිවලට ගන්න පිළිවන් උනා නම් ඔය මහා බැංකු හොරකම පිළිබඳව මෙතරම් හෙළිදරව්වක් නොලැබෙන බව තේරුම් ගන්න. උස්පිලේ රසකතා වලින් මේ සංවාදය කිලිටි කරන්න එපා.
ධනුෂ්ක මඩ ගැසීම මගේ න්‍යාය නොව එය ඔබ පෙනී සිටින අය සහ ඔබගේ පිළිවෙතයි.