(සනත් ගමගේ)
හිටපු සංස්කෘතික ඇමැති ටී.බී ඒකනායක මහතා එෆ්සීඅයිඩී එකට කැඳවීම සිල්ලර වැඩක් බවත්, එෆ්සීඅයිඩී එකට කැඳවිමට අවශ්‍ය තෝරුන් මෝරුන් ආණ්ඩුවේත් විපක්ෂයේත් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අද (29) අම්බලන්තොට දී ප්‍රකාශ කළේය.
ඉන්දියන් රජයේ ආධාර ලෙස ලැබී තිබූ පාපැදි, මහන මැෂින් හා උදළු තල අම්බල්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේ ජනතාවට බෙදාදීම වෙනුවෙන් පැවැති උත්සවයක දී මහින්ද අමරවීර මහතා මේ බව කීය.
හොරකම් කලා නම් ආණ්ඩුවේ ද විපක්ෂයේ ද කියා වෙන් කිරීමක් කරන්න බැහැ. අපි එදත් කිව්වේ හොරුන්ට දඩුවම් කරන්න කියලා ඒත් දඬුවම් කිරීමේ ප්‍රමාදයක් පවතිනවා. ටී.බී ඒකනායක හිටපු සංස්කෘතික ඇමැතිතුමා වාහනයක් අවභාවිතා කළා කියා එෆ්සිඅයිඩීයට කැඳවීම සිල්ලර වැඩක්. ඊට වඩා කැඳවිය යුතු අය ආණ්ඩුවේත් විපක්ෂයේත් ඕනෑ තරම් ඉන්නවා.
ආණ්ඩුව වැඩ කරන්නේ නැහැ කියලා විතරමයි ජනමාධ්‍යයෙන් කියන්නේ ඒ කියන දේ පමණයි ජනතාවත් දන්නේ මේ ආණ්ඩුව ගෙවනු වසර දෙක තුළ විශාල වැඩක් කරල තියනවා. ඒ කිසිවක් මාධ්‍ය මගින් කියන්නේත් නැහැ පෙන්වන්නෙත් නැහැ.
එම නිසා රජය ලෙස අපි තීරණය කලා ගමින් ගමට ගිහින් රැස්වීම් තියලා ජනතාව දැනුවත් කරන්න මේ රජය මෙතෙක් කරපු වැඩ පිළිබඳව. මගේ දේශපාලනයේ ද වැඩියෙන්ම ජනතාවට ගමට වැඩ කරන්න පුළුවන් වුණේ මේ වසර දෙකේ දී බව මහින්ද අමරවීර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඇමතිලා පගාව ගන්න එක සිල්ලර වැඩක් නොවේද ?
තොරුන් මෝරුන් ආන්ඩුවෙත් ,විපක්ශෙත් ඉන්නවා කියලා දන්නවානම්, නම් ටික දෙන්නකෝ පොලිසියට.
118 දෙනා තොග වශයෙන් මුල්‍ය අපරාධ අංශයට කැදවන දවස එනතුරු අපි බලාසිටිමු.
ඕකට එක්කගෙන ගිය කියල පහුගිය අවරුදු 3 ටම මොන දේශපල්කයද වැරදි කාරය වෙලා තිබෙන්නේ .......... ඕකට එකරගෙන ගිහින් සතුටු සමිච්චියේ දීල තේ කෝප්පයක් එහෙම බිල ගෙදර එන එකනේ මේ හැමදෙනාම කරන්නේ ?
ඔබලා කරපු දේවල් අපි දැන් විඳවනවා අමුතුවෙන් රැස්වීම් තියලා කියන්න ඕනේ නැත. බස් එකට නැග්ගාම බඩුගන්න ගියාම ඔබලාව අපි මතක් කොරනවා.
සිල්ලරද තොගද කියලා නීතියේ වර්ග දෙකක් නැහැ. ශතයක් හරි අවභාවිත කලානම් එකා හොරෙක් .ඒ හොරකම රටට එළිදරවු කිරීම තමයි එෆ්සී අයි ඩී එකේ රාජකාරිය...ඒ සඳහා ඒ මහත්වරුන්ට මහජන මුදලින් වැටුප් ගෙවනවා. වැටුප් අරගෙන හොරු එළිදරවු නොකලානම් තමයි ඒ අය වැරදි. මෙතන කිසිම වරදක් වෙලා නැහැ. විශාල වංචා කරපු හොරුන්ව අල්ලන්නට එෆ්සී අයි ඩී එක ඕනෑම මොහොතක සුදානම් නමුත් " රටටම අශුචි " නිෂ්පාදනය කරන දියවන්නාවේ සිටින කිහිප දෙනෙක් ඒ අවස්ථාව එෆ්සී අයි ඩී එකට දෙන්නේ නැහැ...ඒ බව මුළු රටම දන්නවා.
ඇමති තුමා සිල්ලට වැඩ මොනවාද තොග වැඩ මොනවාද කියා ඔබතුමා හොඳින්ම දන්නවානේ
එය මෙයාගේ නෑදෑයෙක්
දේශපාලකයෝ කෝටි ගණන් ගහනවා. දැනෙන්නේ සිල්ලර ගානට.
සිල්ලර වුනත් නැති වුනත් ප්‍රශ්නයක් තිබෙන නිසානේ එන්න කියල තියෙන්නේ.
මේ ලංකාවේ නීති පොතේ දේශපාලකයින්ට වෙනම විශේෂ සැලකිලි පොතක් තියෙනවද කියල කිසි කෙනෙක් තාම දන්නේ නැහැනේ . ඒ නඩු ෆයිල් එලියට ගන්නත් හරි අමාරුයි. ඇයි ඒ ? ඒවා අසාධාරණද ?
මේ හොරු ඒ හොරුන්ගෙන් අනාගතයේදී ආරක්ෂා වෙන්න නම් මේ හොරු ඒ හොරු දැන් ආරක්ෂා කරන්න ඕන.
ශ්‍රී ලංකාව නීති දෙකක් ක්‍රියාත්මක වෙන බව එක ඇමතිවරයෙක් ලඟදි කිව්වා. එක ඇත්ත. රාජ්‍ය සේවකයෙක් මුළු ජිවිත කාලයම සේවය කරලා විශ්‍රාම වැටුප ලබාගන්නා විට දියවන්නාවේ ඇත්තෝ අවුරුදු පහෙන් ගන්නවා. රාජ්‍ය සේවකයෝ කන්තෝරුවේ කැන්ටිමෙන් කාල බඩේ අමාරු හදාගන්නා විට දියවන්නාවේ ඇත්තෝ රාජ භෝජන සුළු මුදලකට වලදනවා. සන්තෝසම් මිලියන ගණනින් ගෙන හිනාවෙවී අමතකයි කියනවා. පොල්ගෙඩියක් ගත්ත දරුවෙකුට නඩු දමනවා.