මහින්ද නිශ්ශංඛ
වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති 40ක් අද පස්වරු හතරේ සිට පැය 48ක වැඩ වර්ජනයක් ඇරැඹීය.
දුම්රිය ධාවනාගාර, කර්මාන්ත ශාලා, දුම්රියඅංගන, තාක්ණ නිලධාරී, ශන්ටින් රියදුරන් සහ රියදුරු සහායක ආදී සේවා රැසක වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනයට සහභාගී වන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති සභාපති සම්පත් රාජිත මහතා පැවසීය.
මෙම වැඩ වර්ජනයට රියදුරන්, නියාමකයන්, දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකයන් සහභාගී නොවන බව එම සමිති කියයි.
වර්ජනයට ඔවුන් සහභාගී නොවූවද දුම්රිය ගමන් කිරීම සඳහා යෝග්‍යතා සහතිකය නිකුත් කරනු ලබන මැදිරි තාක්ෂණ සහ ධාවනාගාර ෆෝමන් යන නිලධාරීන් වැඩ වර්ජනයට සහභාගී වී සිටින බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිතිය කියයි. එම සහතිකය නැතිව දුම්රියක් ගමන් ඇරැඹීමට නොහැකි බව ද එම සමිතිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංවතුර බැහැලා යනකම්වත් ඉවසන්න බැරිද මේ දුම්රිය මහත්වරුන්ට.
මේවගේ අසනීප වලට හරියට බෙහෙතක් දෙන්න පුළුවන් නායකයෙක් කවදා පහල වෙයිදෝ...?