(චමිල් රූපසිංහ)
පිලිපීනයේ රිසාල් නගරයේදී පැවැති 10 වන ජාත්‍යන්තර කික් බොක්සිං ශූරතාවලියේදි පදක්කම් 10 දිනාගනිමින් දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම සමත් විය. මෙම කණ්ඩායම රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කමක් දිනා තිබේ.
මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, ඇමරිකාව, කැනඩාව, පිලිපීනය ආදි රටවල ක්‍රීඩික ක්‍රීඩිකාවෝ සහභාගි වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ප්‍රසාද් වික්‍රමසිංහ මහතා ඇතුලු කණ්ඩායම මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ශ්‍රී ලංකා “ ප්‍රංශ සවාට් “ කික් බොක්සින්සම්මේලනයේ සභාපති ලකි ජයවර්ධන මහතා විසින් පිලිගනු ලැබි ණ.
ශ්‍රී ලංකා කික් බොක්සිං කණ්ඩායම
නෙත්මි සංජනා (18 න් පහල කාන්තා කිලෝග්‍රෑම් 75 බර පංතිය), රසාංගි වත්සලා (18 න් පහල කාන්තා කිලෝග්‍රෑම් 70 බර පංතිය), රශ්මික සූරියලංකා (21 න් පහල පිරිමි කිලෝග්‍රෑම් 56 බර පංතිය), සුසාරද සිල්වා (13 න් පහල පිරිමි කිලෝග්‍රෑම් 45 බර පංතිය), කසුන් මාපලගම (35 න් පහල පිරිමි කිලෝග්‍රෑම් 65 බර පංතිය), එම්. එම්. අබ්දුල්ලා (18 න් පහල පිරිමි කිලෝග්‍රෑම් 48 බර පංතිය), ශෂිකා මාරසිංහ (18 න් පහල කාන්තා කිලෝග්‍රෑම් 45 බර පංතිය)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ , ළමයිගේ තියන නිරෝගී පෙණුම දුටුවහම , අපිට තේරුම්ගන්න පුළුවන් ක්‍රීඩාවෙන් ජීවිතයට මොනතරම් කැපීපෙනීමක් ලැබෙනවද කියල .. ලස්සනයි .
දුවේ, පුතේ ඔබලාට අපගේ උණුසුම් සුබ පැතුම්!!!! මෙවන් ජයග්‍රණයන් තව තවත් ලක්මව වෙත ගෙන ඒමට ඔබලාට සියලු ශක්තිය ලැබේවා!!!