(දිලීප් ජයසේකර)
ඇඹිලිපිටිය - කුඹුගොඩආර ග්රාමසේවා වසමට අයත් සර්කිට් හංදියේ පිහිටි උඩහවත්ත නැමති නිවසේ 63 හැවිරිදි කාන්තාවක නිරාහාරව කාමරයක දමා ඇති බව ගම්වැසියෝ පවසති.
ඒ අනුව අප එම ස්ථානයට අද (29) ඇතුළු වුයේ වැඩිහිටි නිවාසයකින් බව පවසමිනි.අප එම ස්ථානයට යන විටත් මෙම කාන්තාව ඉතා අපිරිසිදු කැඩී බිදි ගිය අනාරක්ෂිත ස්ථානයක බිම වාඩි වි සිටින අකාරය දැකීමට හැකි විය.
මෙලෙස ඉතා අපිරිසිදු කාමරයක නිරාහාරව දමා ඇත්තේ 63 හැවිරිදි දෙදරු මවකි.ඇයගේ සැමියා මීට වසර 30කට පමණ පෙරදි මියගොස් ඇති අතර පසුව ඇයගේ වැඩිමහල් සහෝදරයා මෙම කාන්තාව රැගෙන විත් ඇයට සළකන බව පවසා ඇයගේ සියළු දේපළ ලබාගෙන ඇයට නොසලකා හැර ඇති බව මෙම කාන්තාවගේ සහෝදරයෙකු වන ගුණදාස මහතා කීය.
දරුවන් දෙදෙනෙකුද මෙම කාන්තාවට සිටින අතර ඉන් වැඩිමහල් පුතු විදේශ රටක සිටින අතර අනෙක් දියණිය වැල්ලවාය ප්රදේශයේ ජිවත් වෙන බව ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අධි පොසොන් පොහොය දිනයේ ,අසන්නට ලැබුණ කණගාටුදායක පුවතක්. කවුරු විදේශයක හිටියත්, කවුරු ලංකාවේ හිටියත් වැඩක් තියෙනවාද?
අද බොහෝ දරුවන්ට, තමන් කුඩා කාලයේ හදා වඩා ගත් දෙමව්පියන් මහලුවියට පත් වනවිට ඔවුන්ව මහත් හිසරදයක් බවට පත්වී ඇත. මෙවැනි කෙලෙහි ගුණ නොදත් අසත්පුරුෂයින් සිටින රටකට ගං වතුර, නියගය වැනි ස්වභාවික අපදා පැමිණීම පුදුමට කරුණක් නොවේ.