ඉරිදා ටියුෂන් පන්ති සවස 2 දක්වා තහනම් යෝජනාව සම්මතයි ඉරිදා දිනවල පෞද්ගලික උපකාරක පන්ති ප.ව. 2.00 දක්වා තහනම් කිරීමේ යෝජනාවක් 33 වන පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුවේදී සම්මත කරගත් බව මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා ‘ලංකාදීප’යට පැවැසීය. 08 May 2017
හොරු පුත්තලම දිසා අධිකරණයේ නඩු බඩු කාමරය කඩති පුත්තලම දිසා අධිකරණයේ නඩු බඩු කාමරය බිඳ ඇතැයි පුත්තලම පොලීසිය කියයි. අධිකරණ සංකීර්ණයේ වහළයේ උළු ඉවත් කර නඩු බඩු කාමරයට ඇතුළු වී ඇති බව මූලික විමර්ශණ වලදී හෙළිවී ඇති නමුත් එහි තිබී සොරකම් කරන ලද්දේ හෝ ගෙන ගොස් ඇත්තේ මොනවාද යන්න මෙතෙක් අනාවරණය වී නැත. 08 May 2017
මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි 6 දෙනෙක් අත්අඩංගුවේ පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් කිමිදුම් ක්‍රම භාවිතා කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 08 May 2017
උතුරේ රැකියා විරහිත උපාධිධාරීහු 70 වැනි දිනටත් සත්‍යග්‍රහයේ තම රැකියා ගැටළුවට මෙතෙක් විධිමත් විසඳුමක් නොලැබීම නිසාවෙන් උතුරේ රැකියා විරහිත උපාධිධාරීහු 70 වැනි දිනටත් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සත්‍යග්‍රහයේ නිරතව සිටිති. 08 May 2017
ජෝන්ලාට අප අයින් කරන්න බෑ - රාජිත මේ ආණ්ඩුව හැදුවේ අපි. අපි හදපු ආණ්ඩුවේ වාඩිවූ ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා කැබිනට් ප්රකාශකධුරයෙන් මා ඉවත් කරන්නේ කොහොමද. මම කකුල් දෙක දෙපැත්තක තියාගෙන දේශපාලනය කරන කෙනෙක් නොවෙයි. මම ඉන්න තැන කකුල් දෙකම තියාගෙනයි දේශපාලනය කරන්නේ. කකුල් දෙක දෙපැත්තේ තියාගෙන දේශපාලනය කරන අය කියන කථා අපට අදාළත් නැහැ. 08 May 2017
ප්‍රංශයේ ජනපති තනතුරට මැක්රෝන් පත්වෙයි අන්ත දක්ෂිණාංශික මරීන් ල පෙන් පරාජයට පත් කරමින් ප්‍රංශ ජනාධිපතිවරණයෙන් තීරණාත්මක ජයක් ලැබීමට මධ්‍යස්ථ මතධාරි ඉමැනුවෙල් මැක්රෝන් සමත්විය. 08 May 2017
උතුරු කොරියාව තවත් ඇමරිකානුවකු අත්අඩංගුවට ගනී රාජ්‍යය විරෝධී ක්‍රියාවල නිරත වීමට උත්සාහ කළ බව සඳහන් කරමින් තවත් ඇමෙරිකා එක්සත් ජනපද පුරවැසියකු අත්අඩංගුවට ගත් බව උතුරු කොරියාව ඉරිදා (7) ප්‍රකාශ කළේය. 07 May 2017
දිගම්බරම්, තොණ්ඩමන් හැටන්හිදී ගැටෙති අමාත්‍ය පලනි දිගමිබරමි තමන් සමග ගැටුමකට පැමිණියේ යයි අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් හැටන් පොලිසියට පැමිණිලි කර තිබේ. 07 May 2017
ප්‍රමිත බණ්ඩාර ඒකාබද්ධ විපක්ෂයට එක්වෙයි මධ්‍යම පලාත් ක්‍රීඩා කර්මාන්ත යෞවන හා වනිතා කටයුතු අමත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වු ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සමග පළාත් සභාවේ ස්වාධිනව සිටිමට කටයුතු කරන බව ලංකාදීපයට පැවැසිය. 07 May 2017
කොරියාවේ ධීවර රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ වැටුප් වැඩිකර ගැනීමට අවධානය කොරියානු රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වැටුප් මට්ටම තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට රජයේ අවධානය යොමවී ඇතැයි දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටී. 07 May 2017
කෝටි 85ක් වැයකරමින් මහනුවරට තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තැලසීමීයා රෝගීන්ට ඇට මිදුළු බද්ධ කිරීම ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මහනුවර මහ රෝහල් පරිශ්‍රයේ ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 856 ක මුදලක් සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් වෙන් කරනු ලැබ ඇත. 07 May 2017
ඉන්දීය ධීවරයින් නිදහස් කරගන්නයි තමිල්නාඩු විපක්ෂ නායක ඉල්ලයි ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් පස් දෙනා නිදහස් කරගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස තමිල්නාඩු විපක්ෂ නායක එම්.කේ .ස්ටාලින් ඉන්දීය අග්‍රමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. 07 May 2017
අල්ලස් ගත්තැයි ගම්පහ පොලිසියේ තිදෙනෙක් අත්අඩංගුවට රුපියල් තිස් දහසක අල්ලසක් ගත්තැයි කියන සිද්ධියකට සැකපිට ගම්පහ මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 07 May 2017
ගුරුවරයාට ගැසූ ආදි ශිෂ්‍යයන් සොයයි ගම්පහ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරයකුට (26) පහර දුන් බව කියන පිරිසක් සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. 07 May 2017
මත්වෙන්න බෙහෙත් පෙති වික්ක ඖෂධහලක් වටලයි හෙරොයින් මත්ද්‍රව්‍ය වලට ආදේශකක් බව කියමින් අධික මිලකට ඖෂධයක් අලෙවි කළ ඔසු සලක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ කටුගසතොට පොලීසිය එක්ව වැටලීය. 07 May 2017
අවාරයට රාත්‍රී කාලයේ ශ්‍රීපාද වන්දනාවේ යෑම තහනම් ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වීමෙන් පසු අවාරේ රාත්‍රී කාලයේ ශ්‍රීපාද වන්දනාවේ යෑම තහනම් කිරීමට කටයුතු කරන බව ශ්රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ කියති. 07 May 2017
රුධිර පරීක්ෂණ ගැන බොරු පතුරුවන අයව සොයයි සෞඛ්‍යයට සම්බන්ධ ව්‍යාජ තොරතුරු පතුරුවන පුද්ගලයන් ගැන පරීක්ෂණ පවත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත. 07 May 2017
අල්ලස්, දූෂණ මහජන පැමිණිලි විමර්ශන ලේකම් කාර්යාලය වසා දමයි අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් ඉදිරිපත් වන සෘජු මහජන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ලේකම් කාර්යාලය වසා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ. විවිධ ආයතන සම්බන්ධයෙන් විමර්ශනය කරන මෙම ලේකම් කාර්යාලයට අගමැති කාර්යාලයේ වාහන පරීක්ෂණ කටයුතු යොදා ගැනීමෙන් මේ තත්ත්වය උද්ගත වී ඇතැයි වාර්තා වේ. 07 May 2017
ගාල් කිරීමට ගිය ගවයා ඇනීමෙන් අයෙක් මරුට ගව ප්‍රහාරයකට ලක්වූ වතු මුරකරුවෙකු ප්‍රතිකාර සදහා හලාවත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව හලාවත පොලීසිය කියයි. 07 May 2017
බනිස් කෑල්ලක් සිරවී තුන් හැවිරිදි දැරිය මරුට බනිස් කෑල්ලක් පිට උතුරේ හිරවිමෙන් අසාධ්‍යව හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර සිටි තුන් හැවිරිදි වියේ පසුවන බිලිඳියක් අද ( 6 දා ) උදේ මිය ගිය බව හලාවත පොලිසිය කියයි. 06 May 2017
ගම්පොලින් පැහැරගත් දරුවා මඩකලපුවෙන් සොයාගනී ගම්පොළ ප්‍රදේශයෙන් පැහැරගත් කුඩා දරුවකු මඩකලපු පොලීසිය විසින් සොයාගෙන තිබේ. 06 May 2017
සමයං ඝාතනයේ සැකකරුවකුට බන්ධනාගාර නිලධාරීන් පහර දීලා අරුණ උදය ශාන්ත හෙවත් සමයං ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට සැකපිට ගම්පහ මල්වතුහිරිපිටියෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාට බන්ධනාගාර නිලධාරීන් පිරිසක් පහරදුන් බවට බන්ධනාගාර කොමසාරිස්ට පැමිණිලි කර ඇත. 06 May 2017
මන්ත්‍රී රෝෂාන් රණසිංහගේ ආරක්ෂක රියකට ප්‍රහාරයක් එක්සත් ජනතා නිදහස් සන්ධාන පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා සමඟ ගමන් ගත් ආරක්ෂක ඩිපෙන්ඩර් රථයට වැලිකන්ද ප්‍රදේශයේදී රාත්‍රි 8.30 පමණ ප්රහාරයන් එල්ල වී ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 05 May 2017
යතුරුපැදි අනතුරින් පොලිස් පරීක්ෂක මරුට යාපනය ඉලවාලි ප්‍රදේශයේදී අද (05) සිදුවූ යතුරුපැදි අනතුරකින් උප පොලිස් පරීක්ෂකවරයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ. 05 May 2017
අරවින්ද අප්‍රසාදයෙන් ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. පෞද්ගලික හේතු මත යයි කියමින් අරවින්ද ඉල්ලා අස්වූවද වැඩිදුර සොයා බැලීමේදී වාර්තා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කළකිරීමට පත්වීම නිසා අරවින්ද ඉල්ලා අස්වී තිබෙන බවයි. 05 May 2017
ප්‍රංශ ජනාධිපතිවරණයේ වැඩි වාසි මැක්රෝන්ට ප්‍රංශ ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අවසන් දිනට පැමිණෙද්දි එහි වැඩි වාසි දිනාගැනීමට මධ්‍යස්ථ මතධාරී ඉමැනුවෙල් මැක්රෝන් සමත් විය. 05 May 2017
අට දෙනකුට වාහන ගෙන්වන්න කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඇමැතිවරුන් හය දෙනෙකු, ආණ්ඩුකාරවරයෙකු සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකුට වාහන ගෙන්වීම සඳහා රජය විසින් රුපියල් කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. 05 May 2017
ජෛව ඉන්ධන විදුලිබලාගාර ත්‍රිකුණාමලයේ දී විවෘත වෙයි ටෝකියෝ සිමෙන්ති සමාගමේ නවතම ජෛව ඉන්ධන විදුලිබලාගාර ව්‍යාපෘතිය අද (05) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිකුණාමලයේ දී විවෘත කරන ලදි. පුනර්ජනනීය ජෛව ඉන්ධන භාවිතයෙන් දැවැන්ත කර්මාන්තශාලා ක්‍රියාත්මක කරවිමේ ශ්‍රී ලංකාවේ පුරෝගාමී කර්මාන්තකරුවා වූ ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් බිලියන 2.5 ක් ආයෝජනය කරමින් මෙම ජෛව ඉන්ධන විදුලිබලාගාර ව්‍යාපෘතිය ආරම්භ කොට ඇත. 05 May 2017
වෙසක් පොහෝ දිනයේ කළු කොඩි එසවීමට දෙන්නේ නෑ - විදේශ ඇමැති මංගල වෙසක් පොහෝ දිනයේදී කළු කොඩි එසවීමට බංකොලොත් දේශපාලකයන්ට ඉඩ දෙන්නේ නැතැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 May 2017
ඩුලිප් විජේසේකර - ප්‍රසන්න රණතුංග ඇතුළු 10 දෙනාට ලක්ෂය බැගින් ඇප කිරිඳිවැල මාලිගාවත්ත කසළ කළමනාකරණ මධ්‍යස්ථානයට කොළඹ නගරයේ කසල රැගෙන ඒමට විරෝධය පළ කිරීම, එම මධ්‍යස්ථානයට පිවිසෙන මාර්ගය අවහිර කිරීම හා රජයේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත පූගොඩ අධිකරණය මගින් නොතීසි නිකුත් කර තිබු නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග යන මහත්වරු ඇතුලූ 10 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලූපුලි ලංකාපුර මෙනෙවිය අද (5) 05 May 2017
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026