(අංජුල මහික වීරරත්න සහ මඩුකන්ද සිතුම් චතුරංග කිලිනොච්චියේ සිට)
යාපනය , කිලිනොච්චි, මුලතිව් ප‍්‍රදේශ රටේ සමස්ථ සංවර්ධන ක‍්‍රියාදාමය සමඟ එකතු කරගැනීම රජයේ අරමුණ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (28) කිලිනොච්චියේදී පැවසීය.
උතුරු පළාත් සභාව සමඟ එක්ව වැඩකිරීමට රජය සූදානම් බව කී අග‍්‍රාමාත්‍යවරයා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුළු දේශපාලන නියෝජිතයින් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කර තිබෙන බවද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගති සොයාබැලීම සඳහා පැවති ප‍්‍රගති සමාලේචන රැස්වීමේදීයග කිලිනොච්චිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි ශිවඥානම් ශ‍්‍රීධරන් මහතාද ල දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට සහභාගී විය.
බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ නැවත පදිංචිකිරීම හා හිංදු ආගමික කටයුතු අමාත්‍ය ඩිගඑම් ස්වාමිනාදන්ල ළමා හා කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමතිනි විජේකලා මහේෂ්වරන් ල පාර්ලිමේන්තුමන්ත‍්‍රි මාවේ සේනාධිරාජාල උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ යන මහත්මමහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම සකච්ඡාවට එක්ව සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා පැවසූයේ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතිය සමඟ වවුනියාවේ සහ වන්නියේ කොටසකට ජලය ලබාදීමට හැකිවනු ඇති බවයි.
උතුරට අවේණික කර්මාන්ත දියුණුවට අතදෙමින් උතුරේ ආර්ථිකය ගොඩනගන බව සදහන් කළ අග‍්‍රාමාත්‍යවරයා යුද්ධය අවසන් වී ඇති බැවින් උතුර ජාතික සංවර්ධන සැලසුම් සමඟ ඒකරාශි කරගතයුතු බව පැවසීය.
ජනපති කිහිපවතාවක් උතුරට පැමිණ උතුරේ ඉඩම් ප‍්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කළ හෙයින් තමා මෙහි පැමිණියේ ආර්ථික කටයුතු පිළිබඳ අවධානය යොමුකිරීමට යැයිද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ආණ්ඩුවේ යාන්ත‍්‍රණය ගොඩනැගිලි ඉදිකිරීම හෝ සිමෙන්ති දැමීමෙන් ආදියෙන් ඔබ්බට ගොස් ජනතාවට ප‍්‍රයෝජනවත් ආශ‍්‍රිත නිශ්පාදන වැඩිකිරීම බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ )




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකට වැඩ කරන්න සුදානම් වුනාට ඒගොල්ලන්ට ඕන ඊලම.
මේ කතාවේ ලොකු අපැහැදිලි කමක් පේනවා.උතුර සමග එකතුවී වැඩකරන බව. ඒ මොකද අමුතු දෙයක් නෑනෙ උතුරත් රටේම කොටසක්නෙ.
ඇයි අර ප්රභාකරන් ඉන්න කාලෙත් එයාල එක්කල එකට වැඩකලා නේද?
මේ ප්‍රකාශයේ බරපතල ඉඟියක් තියෙනවා. සබරගමුව සමඟ වැඩ කරන්න සුදානම් කිව්වොත්, සබරගමුව බෑ තනියම යනවා කිව්වොත් මොකද තත්ත්වය ? මේ ප්‍රකාශයෙන් කියන්නේ "සමග වැඩ කරන්න සුදානම්" බව නොවේ. අරමුණ ඔයාල අනෙක් පාලත් වලට වඩා ස්වාධීනයි කියන ප්‍රකාශය ඇඟවීමයි. මරු.
උතුර සමග එක්ව ...?මොකද මේ ...උතුර වෙනම කොටසක්ද ... ශ්‍රී ලංකික රජය යටතේ සියලුම පළාත් පාලනය විය යුතුයි ...?නොහැකියාවක තරම ...?
මෙයා කොහොමත් වැඩ කරන්නේ උතුරට විතරයිනේ දකුණක් නෑ එයාට................