ද්විත්ව පුරවැසිබව හිමි තවත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ඉන්නවා - දයාසිරි ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වුවහොත් එම තීන්දුව පාර්ලිමේන්තුවේ සිටින තවත් කිහිප දෙනෙකුටම බලපානු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 03 May 2017
ගුරුවරු නැතිව සුංගාවිල මුස්ලිම් විදුහලේ සිසුන් පාසල් වර්ජනයක තම පාසලේ පවතින ගුරු හිඟයට පිළියම් නොයෙදීමට විරෝධය පළ කරමින් පොළොන්නරුව සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 1200ක් පමණ අද(03) පාසලට නොපැමිණියහ. 03 May 2017
උතුරු - නැගෙණහිර පොලිස් ලොක්කන් දෙදෙනකු ගැන විමර්ශන ඇරඹෙයි වැලි ජාවාරමකට සම්බන්ධ බව කියන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ගැන සහ පොලිස් නිලධාරිනියන්ට හිරිහැර කරන බව කියන කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ගැන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය. 03 May 2017
සිරියාවේ සිවිල් යුද්ධය නැවැත්වීමට ට්‍රම්ප් - පුටින් එකඟතාවක සිරියාවේ සිවිල් යුද්ධය නැවැතීම සඳහා සටන් විරාමයකට එළැඹීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ. 03 May 2017
එච්.අයි.වී ආසදිතයන්ට සුව විමේ බලාපොරොත්තු ජාන සංස්කරණ ක්‍රමවේදයක් ඔස්සේ පණ තිබෙන සතුන්ට වැළැඳී ඇති එච්.අයි.වී ආසාදිත තත්ත්වය සුව කිරීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ. 03 May 2017
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්රයට යුරෝපා සංගම් සහාය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, මහජන තොරතුරුවලට ප්රවේශවීමට ඇති අවස්ථාව ඉහළ නැංවීමටත් ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරක්ෂිතකිරිමටත් සෑම අයුරකින්ම සහාය දෙන බව කොළඹ පිහිටි මෙරට යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 03 May 2017
මහබැංකු වාර්තාව ජනපතිට පිළිගන්වයි ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (03) පිළිගැන්විණි. 03 May 2017
නාලන්දාවේ රකිඳු රන්දිව්ට රිදී පදක්කමක් ජර්මනියේ ස්ටුට්ගාඩ් නුවරදී පැවැති ලෝක තරුණ විද්‍යාඥයන්ගේ සමුළුවේදී රිදී පදක්කමක් දිනාගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය හදාරන රකිඳු රන්දිව් වික්‍රමරත්න සිසුවා පසුගියදා සමත්විය. 03 May 2017
විදෙස් මුදල් ගෙනයන්න හැදූ අයෙක් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට එක්කෝටි තිස්නව ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් සිංගප්පූරුවට ගෙන යාමට තැත් කළ බව කියන මහනුවර අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකු අද(03) අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපල රේගුව පවසයි. 03 May 2017
බැසිල්ට - තිරුකුමාර්ට අධිචෝදනා බාර දෙයි මල්වානේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට මහතාට සහ ඔහුගේ ඥාතියකු වන තිරු කුමාර් නඩේසන්ට අද ගම්පහ මහාධිකරණයේ දී අධිචෝදනා බාර දුන්නේය. 03 May 2017
මියන්මාර් ජාතිකයන් මිරිහාන කඳවුරට යවයි පසුගිය 30 වැනි දා යාපනය කන්කසන්තුරේයි මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් මියන්මාර් ජාතිකයින් 30 දෙනා සහ ඉන්දියන් ජාතිකයින් දෙදෙනා යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මියන්මාර් ජාතිකයින් මිරිහාන රැඳවුම් කඳවුර වෙතට යොම කරවන ලෙසට මල්ලාකම් මහෙස්ත්‍රාත් ඒ.ජූඩ්සන් මහතා නියෝග කළේය. 03 May 2017
ව්‍යාජ රත්තරන් කිලෝ 2 ක් සමග 8 දෙනෙක් අල්ලයි රුපියල් ලක්ෂ 124කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව කියන රත්රන් බෝල කිලෝ දෙකක් පමණ සැකකරුවන් අටදෙනකු සමග දිඹුලාගල මගුල්දමනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි. 03 May 2017
රතුපස්වල සිසුවකු මැරූ තැන වසර තුනකට පසු හෙළිවෙයි වැලිවේරිය රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ජනතාවට යුද හමුදාවෙන් වෙඩි තබද්දී රවිශාන් පෙරේරා සිසුවාට වෙඩි තැබූ ස්ථානය වසර තුන හමාරකට පසු සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සමත් විය. 03 May 2017
ගීතාට මන්ත්‍රී සුදුසුකම් නැතිබව අභියාචනාධිකරණය තීන්දු කරයි ස්විට්සර්ලන්ත ‐ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය එම පාර්ලිම්න්තු මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසු බව අභියාචනාධිකරණය අද (03) තීන්දු කළේය. 03 May 2017
සියලුම දන්සැල් ලියාපදිංචි කරන්න වෙයි වෙසක් සමයේ පවත්වන සියළුම දන්සැල් ඒ ඒ ප්‍රදේශ අයත් පළාත් පාලන ආයතනවල ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. 03 May 2017
හම්බන්තොට වරාය සංවර්ධනයට එරෙහි පෙත්සමේ සත්‍ය කරුණු වසන් කරලා යයි නීතිපති කියයි හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කර තිබෙන පෙත්සම අධිකරණය හමුවේ සත්‍ය කරුණු වසන් කර ගොනු කළ පෙත්සමක් යැයි නීතිපතිවරයා අද(02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය. 02 May 2017
ප්‍රමිතගෙන් හිස්වූ තැනට තිළිණ පත්කරයි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මධ්‍යම පළාත් සභාවේ ක්‍රීඩා,යෞවන කටයුතු හා වනිතා කටයුතු ඇමති ධුරයට තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර ඇත. 02 May 2017
ඩෙංගු කුරුණෑගල රෝහලම ගිලගනී ඩෙංගු උණ රෝගයට ගොදුරු රෝගීන්ගෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල පිරී ඉතිරි ගොස් ඇති අතර රෝහලේ වෛද්‍යවරුන්,හෙද නිලධාරීන් ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් විශාල පිරිසකට ඩෙංගු වැළඳී ඇත. 02 May 2017
ගුරු සේවයේ උසස්වීම් වලට ප්‍රමිතියක් රාජ්‍ය සේවා කොමිසමේ නිසි අවසරයකින් සහ විධිමත් නීතිමය ක්‍රියාදාමය අනුගමනය කිරීමකින් තොරව ශ්‍රී ලංකා ගුරු සේවයේ උසස්වීම් ලබා නොදීමට නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය. 02 May 2017
අලින්ගෙන් ආරක්ෂා කරගන්න කේරළ ගංජා කිලෝ 200 ක් පලු ගසක බැඳ තබයි වන අලින්ගෙන් ආරක්ෂා කරගැනීමට විල්පත්තුව වනාන්තරයේ කෝලන්කනත්ත පළු ගසක සඟවා තිබූ බව කියන කේරල ගංජා කිලෝ ග්‍රෑම් 200 ක් සමග සැකකරුවන් තිදෙනකු අද(02) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය පවසයි. 02 May 2017
ගුවන් යානයේදී කතක් මියයයි කටුනායක ගුවන්තොටුපලට අද සවස පැමිණි සෞදි අරාබි ගුවන් සේවයකට අයත් ගුවන් යානයක පැමිණි ඉන්දුනීසියානු කාන්තාවක යානයේදී මියගොස් සිටි බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග කියයි. 02 May 2017
අධිකරණයට අයත් ස්ටිකර් ගැසූ මෝටර් රථයක් පිළියන්දලදී අත්අඩංගුවට ‘දිසා අධිකරණය - මහේස්ත්‍රාත් අධිකරණය නුගේගොඩ‘ ලෙස හැඟවෙන පරිදි ස්ටිකර් ගසා ගෙන පැමිණි මෝටර් රථයක් කැස්බෑව වෙළෙඳසැලක් අසළ නවතාගෙන සිටියදී එය පදවාගෙන පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. 02 May 2017
මාධ්‍යවේදීන්ට කළ හිංසා ගැන යළි පරීක්ෂණ අරඹන්නයි ජනපතිට ලියයි මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පහරදීම් ඇතුළු සිදුවීම් 126 ක් අතුරෙන් විමර්ශන ආරම්භ වී ඇත්තේ සිදුවීම් පහක පමණක් බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියයි. 02 May 2017
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදයක - හිටපු මහලේකම් එස්. බී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදයක ඇති බවත් ඒ නිසා පක්ෂය ශක්තිමත් කර ගත යුතු බවත් සමාඡ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්. බි. දිසානායක මහතා පවසයි. 02 May 2017
දකුණු කොරියාවේ තාඩ් මිසයිල ගැන චීනයෙන් විරෝධය ඇමෙරිකා එක්සත් ජනපදය දකුණු කොරියාව තුළ තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් චීනය තම දැඩි විරෝධය පළ කර ඇත. දකුණු කොරියාවේ ස්ථාපිත කරන ලද තඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කරවීම ආරම්භ කළ බව ඇමෙරිකා හමුදා අඟහරුවාදා (2) පෙරවරුවේ ප්‍රකාශ කළ අතර ඉන් පැය කිහිපයකට පසු චීනය තම විරෝධය දැක්වීය. 02 May 2017
උතුරු කොරියාවෙන් ඇමරිකාව අවුස්සන තවත් ප්‍රකාශයක් තම න්‍යෂ්ටික අත්හදා බැලීම් සාර්ථක ලෙසත් තමන්ට හැකි උපරිම අයුරිනුත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව උතුරු කොරියාව නැවත වරක් ප්‍රකාශ කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ආක්‍රමණශීලි තත්ත්වයට මුහුණ දීමේ අරමුණින් මෙසේ අඛණ්ඩව හා සාර්ථක ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන බව උතුරු කොරියාව සඳහන් කරයි. 02 May 2017
හොරණදී ලක්ෂ 31 ක් කොල්ලකයි හොරණ අරමනාගොල්ල දී පෞදගලික ආයතනයක මුදල් බැංකුවක තැන්පත් කිරිමට යාමේ දී මුදල් අයකැමිට ගිනි අවියක් පෙන්වා රුපියල් ලක්ෂ 31 ක් සොරා ගෙන ඇතැයි පොලිසිය කියයි. 02 May 2017
සයිටම් ආයතනයට විරෝධය දක්වා ලංගමත් 5 වැනිදා වර්ජනයක සයිටම් ආයතනය උපාධි පිරිනමන වෛද්‍ය ආයතනයක් ලෙස පිළිගනිමින් උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට විරෝධය පළකරමින් ලබන සිකුරාදා(05) වැඩවර්ජනයක් කරන බවට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අනතුරු අඟවා ඇතැයි ලංගම ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසයි. 02 May 2017
අලියා ලකුණට වෙඩි තැබූ කොස්තාපල් රිමාන්ඩ් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ නාම පුවරුවට හා අලියා ලකුණට වෙඩි තබා හානි කළ පොලිස් කොස්තාපල සුමිත් ජයවීර මැයි 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා අද (2) නියෝග කළේය. 02 May 2017
මඩකුඹුර ඔයේ ගිලී අතුරුදන්වූ තරුණයාගේ සිරුර සොයාගනී කොත්මලේ ජලාශයට ජලය සැපයෙන උතුර මඩකුඹුර ඔයේ මිතුරන් තිදෙනෙකු සමග දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි තරුණයකුගේ මළ සිරුර අද (02) සොයාගත් බව දිඹුල පතන පොලීසිය පවසයි. නුවරඑළිය පොලිස් ජීවිතාරක්ෂක අංශය, දිඹුල-පතන පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව සිරුර සොයාගැනීමට කටයුතු කර ඇත. 02 May 2017
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026