(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායම සංවිධානය කරන හෘද සාක්ෂියේ නිදහස සම්මන්ත‍්‍රණ මාලාවේ පළමු සම්මන්ත‍්‍රණය මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගනයේදී හෙට (26) පෙරවරු 9.30ට ආරම්භ වේ.
මේ සදහා පොදුජන පෙරමුණ ඇතුලූ අනිකුත් දේෂපාලන පක්ෂ වලට ආරාධනා කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ බොරුල්ල නිවසේ පිහිටි නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා මෙසේද කීවේය.
අපේ කණ්ඩායමේ ඓතිහාසික මුල්ම වෙඩිල්ල 26 වැනි දා මාතරදී පත්තු කරනනවා. මෙම රැස්වීම සඳහා පොදුජන පෙරමුණ ඇතුළු අනිකුත් පක්ෂ වලට අපි ආරාධනා කරලා තියෙනවා.
මෙම වැඩපිළිවෙළ වටා තමයි එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ගොඩ නැගෙන මේ මහා දැවැන්ත සන්ධානය හදන්නේ. ජාතික සහජීවනය, ජාතික ආර්ථිකය කේන්ද්‍ර කරගනිමින් අපි මෙම කටයුතු කරනවා.
මෙහි මූලික කටයුතු සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ නායකත්වයෙන් යුත් කමිටුවක් විසින් සිදුකරගෙන යනවා. මේ සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් අපිත් සමඟ එකතු වී සිටිනවා යැයිද ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියලු දෙනාම ජනතාව ප්‍රතික්ෂේප කරපු අය. යහපාලනයට ගන්නකොට සෝභිත හාමුදුරුවෝ මොන තරම් විරුද්ධ වුනාද? පුළුවන් තරම් ගේම් ගහල යහපාලනය විනාශ කලා. දැන් මේ අයගේ සම්මන්ත‍්‍රණ බලන්න කව්ද එන්නේ.
මේ අයගේ හෘද සාක්ෂිය තමා මහින්ද රාජපක්ෂ පවුල නැවත බලයට පත් කිරීම. ආණ්ඩුවට යන්න කලිනුත් එහෙමයි. ආණ්ඩුවේ හිටපු කාලෙත් එහෙමයි. අදත් එහෙමයි. ඔතන එහාට පනින මෙහාට පැන පැන කීදෙනෙක් නම් ඉන්නවද?
අනේ ඇත්තට මේ රටේ ඉන්න මිනිස්සුත් මෝඩයෝ හින්දද මේ වගේ තුට්ටු දෙකේ අය රටේ පාලනයට පත් වෙන්නේ? බලන්න අර කියන සිංගප්පුරුව මැලේසියාව වගේ රටවල දේශපාලනය කරපු නායකයෝ ඒ රටවල් කොහොමහරි ඉහලට දියුණුවට අරන් ගියානේ? මේ යක්කු හැමදාමත් මේ වගේ පිස්සු විගඩන් කර කර ඉන්නවා මිසක් මේ රටට අහවල් දෙයක්ද කෙරුවේ?
මේ අවරුදු ගණනාවක් රට කාපු හැටි තියන්න යන හෘද සාක්ෂියේ සම්මන්ත‍්‍රණය. අපගේ සුබපැතුම්.
"මුදල් වෙනුවෙන් ආත්මය පවා පාවා දීමට සූදානම් හොර රැළගේ අවසන් ජවනිකාව........!!!"
හෙවත්/නොහොත් කිඹුල් කඳුළු සම්මන්ත‍්‍රණය.
දෙය්යෝ සාක්කි! මුන්නහෙලාට හෘද වස්තුවක් තියෙනවද? මෙහෙමත් නාඩගම්!