( ඔගස්ටින් ප්‍රනාන්දු)
ගංවතුරට හසුවී සිටින පිරිසක් බේරා ගැනීමට ගිය අවස්ථාවේ මාදම්පේ පොලිස් කොස්තාපල්වරයෙක් දිය පහරට හසුවී අතුරුදන් වී ඇත.
මෙසේ අතුරුදන් වී ඇත්තේ ගිරිඋල්ල පදිංචි 29 හැවිරිදි ඩිලාන් සම්පත් නැමති අයෙකි.
ගංවතුරට හසුවී සිටින පිරිසක් බේරා ගැනීමට ගිය අවස්ථාවේ ගල්ගමුව - උඩලවෙල ඇළ මාර්ගයෙන් එගොඩ වීමට තැත් කිරීමේදී දිය පහරට හසුවී අතුරුදන් වී ඇත.
අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදාව පරීක්ෂණ පවත්වයි.
ඡායාරූප - ජුඩ් සමන්ත



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd