රළ පහරට හසුවූ තරුණියගේ සිරුර සොයාගනී මුහුදට පිටුපා ඡායාරූප ගනිමින් සිටියදී රළ පහරකට හසුවී ගසා ගෙන ගිය බව කියන තරුණියකගේ(21) සිරුර මුහුදේ පා වෙමින් තිබියදී ධීවරයෙකු විසින් අද(02) සොයා ගනු ලැබ ඇතැයි පොලිසිය කියයි. 02 May 2017
හුංගම මවක හා දියණිය කපා කොටා දමයි හුංගම බටඅත මවක හා දියණියක කපාකොටා ඝාතනය කර අතැයි හුංගම පොලිසිය කියයි. මවගේ වයස අවුරුදු 72 ක් වන අතර දියණියගේ වයස අවුරුදු 32 ක් යයි කියැවේ. 02 May 2017
මන්නාරමට උතුරෙන් ඉන්දීය ධීවරයෝ 5 ක් අත්අඩංගුවට මන්නාරම් උතුරු මුහුදු සීමාවේදී අනවසරයෙන් ඇතුල් වූ ඉන්දීය ධීවරයින් පස් දෙනෙකු හා ඔවුන් පැමිණි යාත්‍රාව නාවික හමුදාව විසින් අතඅඩංගුවට ගෙන ඇත. 02 May 2017
මසට ඉබ්බන් එකතු කළ අයෙක් අත්අඩංගුවට වෙසක් දිනවල සුපිරි හෝටල්වලට අලෙවි කිරීමට ඉබිමස් එකතු කරමින් සිටි බව කියන පුද්ගලයකු ඉබ්බන් තිදෙනකු සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. 02 May 2017
අඩවි වන නිලධාරීන්ට පහර දුන් දෙදෙනකු අත්අඩංගුවට කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදී අඩවි වන කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවට ධර්මපුරම් පොලීසිය කියයි. 02 May 2017
ඒකාබද්ධ විපක්ෂ රැලියට ආ දෙදෙනෙක් මරුට ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සහභාගී වීමට හා දෙදෙනකු අසනීප වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මේ දෙදෙනා නිවිතිගල සහ මහනුවර පදිංචිකරුවෝ වෙති. 01 May 2017
“රට බෙදන ව්‍යවස්ථාව ගේනදාට ජනතාව පාරට බහිනවා - මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාව බෙදීමට ලක්කෙරෙන ආකාරයේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ඊට විරුද්ධව සටන් කිරීමට සූදානම් බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. මහින්ද රාජපක්ෂ මහතා මේ බව කීවේ අද (1 වැනිදා) කොළඹ ගාලු මුවදොරදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළිය අමතමිනි. 01 May 2017
සිරිකොත නාමපුරුවට වෙඩිතැබූ කොස්තාපල් අත්අඩංගුවට අමාත්‍යංශ ලේකම්වරයකුගේ පිටකෝට්ටේ එපිටමුල්ලේ නිවසේ රාජකාරියට යමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සිරිකොත ඉදිරිපිට නාමපූරුවට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි. 01 May 2017
ප්‍රෞඩත්වයක් තිබුණු ශ්‍රී ලංකාව දැන් ණය බරින් පීඩිත රටක් වෙලා - අනුර කුමාර ශ්‍රී ලංකාව ප්‍රෞඩත්වයෙන් යුත් රටක් වුවද වසර 70 ක් පුරා එය පාලනය කළ පාලකයන් අද වන විට ශ්‍රී ලංකාව ණය බරින් පීඩිත, දීනත්වයට පත්කළ ජනතාවක් සිටින රටක් බවට පත්කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි. 01 May 2017
ත්‍රිකුණාමලයේ ටැංකිවල ඉන්දියාවේ තෙල් ගබඩා කරනවා - අගමැති රනිල් ත්‍රිකුණාමලය වරාය දියුණු කිරීමට ඉන්දියාව එකඟ වී ඇතැයිද, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවල ඉන්දියාවට අවශ්‍ය තෙල් ගබඩා කිරීමට අවස්ථාව දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැති වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටියේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියට එක්වෙමිනි. 01 May 2017
නිපුණ ශ්‍රමිකයාගේ හඬට දේශපාලන පක්ෂ යටත් විය යුතුයි - ජනපති කම්කරුවා යන වචනය දැන් භාවිතාවට නොගැණෙන බවත් කම්කරුවා යනු අන් කිසිවකු හෝ නොව, නිපුණ ශ්‍රමිකයා බවත් කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිපුණ ශ්‍රමිකයන්ගේ හඬට දේශපාලන පක්ෂ හැම විටම යටත් විය යුතු බවද පැවසීය. මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති ශ්‍රීලනිප-එජනිස මැයි දින රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. 01 May 2017
එල්.ටී.ටීයට මිලියන දෙකක් දුන් අය ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතුයි - සරත් ෆොන්සේකා වසර 2005 මැතිවරණය ජයගැනීමේ අරමුණ ඇතිව මහින්ද රජපක්ෂ මහතා එල්ටීටීයට මිලියන 2 ක් දුන් බවත් මේ නිසා රාජපක්ෂ මහතා ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතු බවත් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියේදී අදහස් දක්වමිනි. 01 May 2017
ජනපති ගැන ලෝකයා තුළ විශ්වාසයක් ඇතිවී තිබෙනවා - මහින්ද අමරවීර විදුලි පුටු දැන් නැති බවත්, ජාත්‍යන්තර යුද අධිකරණවලට රණවිරුවන් ගෙනයන්නේ නැති බවත් එවන් පසුබිමක් ඇතිවී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන ලෝකයම විශ්වාසය තියන නිසා බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. 01 May 2017
හිටපු ජනපති මහින්ද ගාලු මුවදොර රැළියට එක්වෙයි හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ මැයි රැලියට එක්විය. 01 May 2017
තීරණයක් ගන්න බැරි රජය අද විහිළු කරනවා - ලාල් කාන්ත ‘කුණු සම්බන්ධයෙන් අලියෙක් සම්බන්ධයෙන් තීරණයක් ගන්න බැරි ආණ්ඩුව අද විහිළු කරනවා. කවුරුත් එක්ක විහිළුකළත් වැඩ කරන ජනතාව සමඟ විහිළු කරන්න එන්න එපා කියා අපි කියනවා“ යයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා මැයි දින රැළියට එක්වෙමින් පැවසීය. 01 May 2017
අගමැති රනිල් කැම්බල් පිටියට එයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කැම්බල් පිටියේ රැලියට පැමිණියේය. 01 May 2017
ජනවාරි 08 ජයග්‍රහණයේ අයිතිකරුවන්ටත් අවස්ථාව අහිමිවෙලා - අජිත් පී. පෙරේරා ජනවාරි 08 ජයග්‍රහණයේ අයිතිකරුවන් වන අපට එම ජයග්‍රහණය භුක්ති විඳීමට හැකියාවක් ලැබී නැතැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. 01 May 2017
යුද්ධයේදී මිය ගියේ පීඩිත පන්තියේ ජනතාවයි - සෞඛ්‍ය ඇමති යුද්ධයේදී උතුරේ මෙන්ම දකුණේද මිය ගියේ පීඩිත පන්තියේ ජනතාව බවත් උතුරේ ජනතාවගේ ගැටලු විසඳීමට කැබිනට් මණ්ඩලයේ දී තමන් අරගලයක නිරතව සිටින බවත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා යාපනයේ දී පවසයි. 01 May 2017
ලෙනින් වාදී පක්ෂයේ මැයි රැලිය වවුනියාවේදී නව ප්රජාතන්ත්රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂය වවුනියාව නගරයේ අද (01) මැයිදින රැළියක් පැවැත්විය. වවුනියාව දෙමළ මහ විද්‍යාලයෙන් ආරම්භ වී නගරය ඔස්සේ ගමන් කළ ඔවුන්ගේ මැයි පෙළපාලිය වවුනියාව නගර සභාව දක්වා ගමන් කර නගර සභා ශාලාවේදී මැයි රැළිය පවත්වන ලදී. 01 May 2017
දමිළ ප්‍රගතිශිලි සන්ධානයේ මැයි දින රැළිය තලවාකැලේදී දමිළ ප්‍රගතිශිලි සන්ධානයේ මැයි දින රැලිය තලවාකැලේ නගරයේදී අද(01) ආරම්භ විය. දමිළ ප්රගතිශීලි සන්ධානයේ මැයි දින පෙළපාලිය සහ රැලිය එම පක්ෂයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් තලවාකැලේ නගරයේදි පැවැත්වෙයි. 01 May 2017
විදේශීය ආණ්ඩුවලට සම්පන්දන්ගෙන් ආරාධනාවක් උතුරු නැගෙනහිර තරුණයන් සඳහා රැකියා අවස්ථා ඇති කරන ලෙස විදේශීය ආණ්ඩුවලට ආරාධනා කරන බව විපක්ෂ නායක ආර් සම්පන්දන් සම්පන්දන් මහතා කියයි. දෙමළ ජාතික සන්ධානයේ මැයි දින රැළියේදී අදහස් දක්වමින් සම්පන්දන් මහතා මේ බව කීවේය. 01 May 2017
ව්‍යාජ මුදල් නෝට්ටු සමග දෙදෙනෙක් මීරිගමින් අල්ලයි ව්‍යාජ මුදල් නෝට්ටු කිහිපයක් හා ඒවා මුද්‍රණය කිරීමට යොදාගත් බව කියන මුද්‍රණ යන්ත්‍ර සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි. 01 May 2017
බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට දූෂණ විරෝධී හඬ සභාපති කැඳවයි වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමට සාක්කි ලබාදීම සඳහා දුෂණ විරෝධී හඬ සංවිධානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා හෙට (02) කොමිසම හමුවට කැඳවීමට නියමිත ය. 01 May 2017
නියාමකවරුන් නැතිව දුම්රිය රැසක් අවලංගුයි ප්‍රධාන මාර්ගයේ, මුහුදු බඩ මාර්ගයේ, පුත්තලම මාර්ගයේ සහ කැලණි වැලි මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය බොහෝ ප්‍රමාණයක් අද (30) දවස තුළ ධාවනය නොවු බවත් අනෙක් සියලූම දුම්රිය ප්‍රමාද වී ධාවනය වූ බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි. 30 April 2017
කම්කරු දිනය සැමරෙද්දී දෙපාර්තුමේන්තුවේ මුල් පුටු දෙකක් හිස් ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවට මෙවර මැයි දිනය සමරන්නට සිදුවී ඇත්තේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සහ කම්කරු අමාත්‍යංශ ලේකම්වරයා ගේ තනතුරු හිස්ව පවතිද්දී යැයි කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 30 April 2017
කම්කරු දෙපාර්තුමේන්තු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඉබිගමනේ කම්කරු දෙපාර්තමේන්තුව සදහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කර වසර 10 ක් ගතවී ඇතත් තවමත් එහි වැඩ නිම කර ගැනීමට හැකියාව ලැබී නැතැයි දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි. 30 April 2017
මැයි දිනයට රැලි, පෙළපාළි 23ක් ජාත්‍යන්තර කම්කරු දිනය හෙටට (1) යෙදී ඇති අතර ඒ වෙනුවෙන් සංවිධානය කරන කම්කරු දින සැමරුම් රැලි හා පෙළපාළි 23ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පැවැත්වේ. 30 April 2017
ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට 141 වැනි තැන දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ සංවිධානය වාර්ෂිකව නිකුත් කරන ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ 141 වැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. 30 April 2017
උපකුලපති පත්කළ ආකාරය ගැන කණගාටුව පළකරති යාපනය විශ්ව විද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය ආර්. විග්නේෂ්වරන් මහතා පත් කිරීම ගැන කනගාටුව පළ කරන බව එම විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් හා සිසුහු පිරිසක් ප්‍රකාශ කරති. 30 April 2017
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ මධු සාදයක් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් පිරිසක් සිටින සිර මැදිරියක පසුගිය සිකුරාදා රාත්‍රී මත්පැන් සාදයක් පවත්වා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. මෙම වාට්ටුව පරීක්ෂා කරද්දී මත්පැන් බෝතලයක් සහ ජංගම දුරකතනකයක් සහිත පාර්සලයක් සොයා ගත් බව බන්ධනාගාර ප්රකාශයෙක් පැවසීය. 30 April 2017
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026