වොෂින්ටන්හිදීය (රොයිටර්)
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සමග ලබන මස 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබූ ඓතිහාසික හමුව අවලංගු කරන බව ඇමෙරිකා එක්සත් ජනපද ඩොනල්ඞ් ට්‍රම්ප් අද, බ්‍රහස්පතින්දා (24) නිවේදනය කළේය.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ට ලිපියක් යවමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කර තිබේ.
“ඔබ මෑතකදී කරන ලද ප්‍රකාශවලින් දැඩි තරහක් සහ විවෘතව එදිරිවාදිකම් පෑම නිසා දීර්ඝ කාලයක් සැලැසුම් කළ මෙම හමුව මේ අවස්ථාවේදී පැවැත්වීම නුසුදුසු යැයි මට හැඟෙනවා” ඇමෙරිකා ජනාධිපතිවරයා තම ලිපියේ සඳහන් කර තිබේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කගේ උපදේශන මණ්ඩලය දියුණුයි වගේ.
ඇමෙරිකාව කවමදාකවත් කොරියානු කලාපයේ සාමය ඇතිවීමට ඉඩ නොතබන අතර එසේ උ.කොරියාව සහ ද.කොරියාව එක් රාජ්‍යයක් වුවහොත් එය ඇමෙරිකානු ආරක්ෂාවට හා එම පැසිෆික් කලාපයේ ඔවුන්ගේ ආධිපත්‍යයට දැවැන්ත බාධාවක් බව ඔවුන් හොදින්ම දනී.
අපි නම් දැක්කේ ඇමරිකාවේ දැඩි තරහ සහ විවෘතව එදිරිවාදිකම් පෑම විතරයි. ඇමරිකාව ගොරවලා පුප්පලා ඒගොල්ලොම අයින් වෙලා යනවා. ඇමරිකාවත් එක්ක අතේ දුරින් ඉන්න එක හොදයි.
ලෝක නායකයෙක් උනාම කිව්වදේ කරන්න ඕන. ට්‍රම්ප් වැනෙනවා කියන්නේ ඊළඟ පාර ජනාධිපතිවරණයෙන් පරදිනවා කියන එකයි.