සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී
පාර්ලිමේන්තුව ගංවතුරින් යටවීමේ අවධානම පිළිබඳ සෙවීමට යුද හමුදා ප්රධානීන් පිරිසක් දියවන්නා ඔයේ අද (24) සංචාරයක යෙදුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
බ්රිගේඩියර්වරයකුගේ ප්රධානත්වයෙන් යුතු නිලධාරිහු කණ්ඩායමක් මෙම නිරීක්ෂණයට එක්වූහ.
ගංවතුරින් දියවන්නා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන හෙයින් නාවික හමුදාවේ හා පොලිසියේ කණ්ඩායම් කිහිපයක් ඒ ප්රදේශවල සීරුවෙන් තබා සිටිති. දියවන්නා ඔයේ මුර සංචාරයේ යෙදෙන නාවික හමුදා බෝට්ටු වල ප්රමාණයද වැඩි කර ඇත.
ගංවතුර අවදානම සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාන් ලියනගේ මහතා පැවසුවේ දියවන්නා ඔයේ ජල මට්ටම පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලීම් කරන බවයි.
වාර්ෂාව නිසා පාර්ලිමේන්තු පරිශ්රයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබෙනු දක්නට ලැබිණි.
දියවන්නා ඔයේ අලුතින් ඉදි කෙරුණු සීමා මාලකයද ගංවතුරට හසුවී ඇතැයි කොළඹ දිස්ත්රික් එජනිස මන්ත්රී ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගංවතුරෙන් රටේ ඇති වන විනාශයන් සියල්ලටම වග කියන්න ඕන උදච්ච දේශපාලකයන්.අනවසර ගොඩකිරීම් සහ සංවර්ධනයේ මුවාවෙන් තමන්ගේ නම පවතින්න කොළඹට කල විනාශය.කවදාවත් ගංවතුර අවදානම් නොතිබූ පළාත් පවා අද මිනිස්සුන්ට උන්හිටි තැන් අහිමිවෙලා.ඉස්සරත් ඔය විදහට කාලගුණය වෙනස්වෙමින් වර්ෂාව ඇදහැලුනත් මිනිසුන්ට අනතුරක් විපතක් සිදුවුනේ නෑ.
ඔය හරක් ගාල යටවෙනවද නැද්ද බලන්න හමුදා ප්රදානින් ඕනද? පුදුම වැඩක්නේ. එයාලට වෙන වැඩ නැද්ද? පිස්සු හැදෙන සඳ.
ඔය ගව ගාල හෝදන්න කියල ස්වභාව ධර්මය උපදෙස් දෙන්නේ.
අනේ මේ හමුදාවේ මහත්තුරුන්ට මොකට කරදර කරනවද? ඔතන ගංවතුර අවදානමක් නෑ.
ඕක කට්ටිය එක්කම ගහගෙන ගියානම් හෝ ගිල බැස්සනම් ජනතාවට නිදහසේ ජිවත් වෙන්න පුළුවන්.
ගලන ගංවතුරක් මේ ගොයියෝ ඉන්න වෙලාවක එකසැරේ කිඹුලොත් එක්කම ගලන්න
මේ ගොඩනැගිල්ල වහලේ මට්ටමටම යට වුනොත් අවට පරිසරය මොන තරම් ලස්සනට පෙනේවිද?
වහලේ මට්ටමටම යට වුනොත් ඒ පරිසරය විතරක් නෙමේ , මුළු රටේම පරිසරය හොද වෙනවා ස්තීරයි..................
ත්රිවිධ හාමුදාපතිවරුනි, ඔය ගංවතුර ඕහොම්මම ගලන්න දෙන්න. මේ හොරු හොරු ටික යටවෙනවා කියන්නේ අපි තාවකාලිකව හරි ගොඩ එනවා . රටත් ගොඩ, අපිත් ගොඩ මහාත්තයෝ .