නාලක සංජීව දහනායක
සමෘද්ධි ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩිකළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී රත්නායක මහතා ලංකාදීපය අද (24) පැවැසීය.
ඒකාබද්ද විපක්ෂයේ යෝජනාවක් වශයෙන් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා කීය.
විශේෂයෙන්ම ඉන්ධන මිළ හා අත්‍යාවශ්‍ය පරිභෝජන ද්‍රව්‍යවල මිළ ඉහළ යෑම හේතුවෙන් ධීවර,කෘෂිකර්ම හා වතුකම්කරුවන් වැනි පිරිස් දැඩි ආර්ථික අර්බුධයකට මුහුණ දී සිටින බැවින් ඔවුන් ඉලක්ක කරගනිමින් සමෘද්ධි ප්‍රතිලාබීන් ප්‍රමාණය වැඩි කළ යුතුව ඇතැයිද මන්ත්‍රීවරයා ස`දහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතපය ඇඟපත හොඳට තියෙන මිනිස්සු හිඟන්නු කරන ක්‍රමයක් තමයි මේ සමෘද්ධි වැඩසටහන.
සැමදා මොවුන් රු3500 සීමාවෙන් තබා දුප්පතුන් ලෙසින් මොලය සෝදා තම ගොඩේ තබාගැනීම මොවුන් ගේ අභිලාෂයන් වේ.රු3500න් ජීවත්වීම ලොකු ම විහිළුව වේ.
නිකං කන්නන් ප්‍රමාණය වැඩිවීම යනු දේශපාලන අනාථයන් ප්‍රමාණය ද වැඩි කරවයි. නිකං දෙනව නම් ලංකාවේ මිනිස්සු පොල් ලෙල්ලකට උනත් චන්දය පාවිච්චි කරනවා..
සමුර්දි කාරයින් වැඩි කරගැනීම, ප්‍රාදේශීය සබා කාරයෝ 4000 වැඩිකර ගැනීම, ඇමතියන් වැඩිකර ගැනීම් නිසා රටට වැඩිවන වියදම් පියවන්නේ බදුගෙවන ජනතාව.
මෙම පිරිස ලක්ෂ 10 කින් වැඩි කිරීමට දැනටමත් ප්‍රතිපාදන වෙන්කර ඇත. නිකන් ලකුණු දමා ගැනීමට මෙවන් විහිලු නොකරන්න.
ඒ කියන්නේ පසුගිය අවුරුද්දේ දෙකේ රටේ දුප්පත්කම වැඩිවෙලා. සමුර්ධිය දීම නිසා ඔවුන්ට යම් සහනයක් ලැබෙනවා. නමුත් රජයක් ලෙස රටේ පුරවැසියන්ගේ ආර්ථිකය මීට වඩා හොඳ මට්ටමකට ගන්නේ කොහොමද?
ඔබ සියලු දෙනා අයතා ලෙස උපයා ගත් මුදල් තිබේනම් ඒ මුදල් නැවත මෙවැනි කාර්ය වලට යොදවන්න.එය රටට කරන විශාල සේවයක් . නැතිනම් චන්ද පදනම වැඩි කරගන්න මෙවැනි යෝජනා ගෙන ඒමට මෙය සුදුසු අවස්තාවක් නෙවේ . මොකද මහා පරිමාණයෙන් කොමිස් ගසා කාලාන්තරයකට රට ණය කරලා තියෙන්නේ කියල හොදටම දන්නවානේ.