(අංජුල මහික වීරරත්න)
රාජපක්ෂ රෙජිමය නැවත බලයට ගෙන ඒම වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් කරනුයේ තමන්ගේ බෙල්ල වටේ තමන්ම තොණ්ඩුව දමාගැනීම යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ දී ඊයේ (24) පැවැසීය.
රාජපක්ෂ රෙජිමය වෙනුවෙන් පෙනීසිටින මාධ්‍යවේදීන් ගණනාවකට රෙජිමය යළි බලයට පැමිණියහොත් අතුරුදන්වන්නට සිදුවනු ඇති බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනතුරු ඇඟවීය.
අගමැතිවරයා මෙසේ පැවසුවේ ඒකසත් ජාතික පක්ෂ නව ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය ධුරයේ වැඩබාරගැනීමේ උත්සවයේදී අදහස් දක්වමිනි. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.
මා එක් කාරණයක් අවධාරණය කරන්නම්. රෙජිමය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් ගණනාවකට ඔවුන් බලයට පැමිණයහොත් අතුරුදන්වන්නට සිදුවේවි. ඔවුන්ගේ පිළිවෙත එයයි. මා නැවත මතක් කළ යුතු නැහැ. තමන්ගේ බෙල්ල වටේ තමන්ම තොණ්ඩුව දමා ගනීවි.
මේ කාරණය හෙට පුවත්පත්වල පළ කරන්නේ නැහැ. මාධ්‍යයේ රූපවාහිනියේ පළ කරන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපේ පාක්ෂිකයන් එය මතක තබා ගන්න. නැවත හමුදා පාලනයක් ළඟා නොකිරීම අපේ අරමුණයි.
රාජපක්ෂලා වෙනත් නමකින් කියන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතුයි. ඔවුන්ගේ උත්සාහය නැවත රෙජිමයක් ඇති කිරීමයි. එය රාජපක්ෂ “රෙජිමය 2” ලෙස හඳුන්වා දිය හැකියි. ඔබට ප්රජාතන්ත්රවාදය අවශ්‍යද? “රාජපක්ෂ රෙජිමය 2” අවශ්‍ය ද කියා තීරණය කරන්නැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හැමෝම කරන වැඩ බලන් ඉදල අපිට තමා බෙල්ලේ වැල දා ගන්න වෙලා තියෙන්නේ.
මාධ්‍යවේදීන්වත් බයකරල තියාගන්න හදන්නෙත්.
මාධ්‍යවේදීන්ට නොවේ අගමැති තුමා, ඔබතුමාලට චන්දෙ දුන්න චන්දෙ දායකයින්ට අද එහෙම තමා හිතෙන්නේ ඔබ තුමා පොරොන්දු ඉටුකරපු හැටියට.
රිචඩ් ද සොයිසාට වෙච්ච දේ වෙයිද දන්නේ නැහැ.
මාධ්‍යවේදීන් කෙසේ වෙතත් ඔය නායකතුමාට තෙල් ගාන ගෝලයෝ නඩේට නම් වෙන්නේ අනාගතේදී බෙල්ලේ වැල දාගන්න තමයි.
සමහර මාධ්‍ය නම් රෙදි නැතුව හොරුන්ට කඩේ යන්නේ.
මාධ්‍ය නිදහස....නිවට මාධ්‍ය දැන් නැහැ කියලයි හිතෙන්නේ
මේ කතාකරන්නේ ප්රජාතන්ත්රවාදී අගමැති කෙනෙක්ද බටලන්දේ නායකයාද කියන ප්රශ්නය මතුවෙනවා,
මාධ්‍යවේදීන්ට නොවේ අපිට තමා බෙල්ලේ වැල දාගන්න වෙලා තියෙන්නේ
රාජපක්ෂවරුන්ට කඩේයන අයට එහෙමනම් වික්‍රමසිංහලට කඩේයන අයට මොකද වෙන්නේ කියලා කිව්වොත් හොඳනෙ.මහාත්තයෝ හොරු අල්ලන කියලා අවිල්ල තමුන්නාන්සේලා ඊට වඩා කම්බ හොරු කියලා ඔප්පුකරලා පෙන්නුවා.තමුන්නාන්සේලා ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරනවා කියලා කරන්න යන්නේ ඕවද?.මොකක්ද අගමැතිතුමො ආපු දවසෙ ඉදලා, බලයේ හිටිය මිනිස්සුන්ගෙන් පලිගැනීම් කලා මිසක් රටට,ජනතාවට සේවයක් කලේ.ඕවද යාහාපාලනයේ සංහිඳියාව.අගමැතිතුමො තවත් රටේ ඉතුරුවෙලා තියෙන දේවල් ටිකවත් විනාශ නොකර ජනතාවට පවු නොදී ගියොත් හොඳ නැද්ද ?.
එදා රාජපක්ෂ රෙජීමයේ ඉදුල්කමින් තමන්ගේ සුඛවිහරණය සදහා ඕනෑම ජඩ වැඩක් කළ සහ දැනටත් කරමින් සිටින මාධ්‍යවේදීන් යැයි කියා ගත් පිරිසක් ද රාජපක්ෂ රෙජීමය නැවත බලයට ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. එදා මෙන් අද ඔවුන්ට ඉදුල් නොලැබෙන නිසා ඔවුන් වියරුවෙන් මෙන් පුවත් මවන බව පෙනෙන්නට තිබෙනවා.
අනේ නයකතුමෝ 2015 ඉදන් රාජපක්ෂලාට කඩේ ගියේ ඔයානේ , නැත්නම් මේ වෙනකොට ඒගොල්ල ඉන්න ඕනේ හිරේ නේ ! ඔය කරපු කඩේ යාම නිසා පක්ෂයත් විනාශ උනා රටත් විනාශ උනා
බටලන්දෙ කරපු අපරාදෙ හැටියට ඕක මොකද්ද. කරපු අපරාධ වල හැටියට වැඩි කල් නොගිහින්ම මෙයාට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙනව සත්තයි.
නිකං සුරංගනා කතා කියන්න එපා .ඔබ තුමාල කරපු හරිය හොඳටම ඇති .දුප්පත් දෙමව්පියන්ගේ දරුවන් විනාශ කරලා නිකං සුදු හුණු ගා ගන්න යනවා .
මේ ප්‍රවෘත්තිය බලපු අයට වඩා වැඩියි ඒකට ලයික් , අන්ලියික් දාපු අය. අනේ සංසාරේ.
ඇත්තටම රාජපක්ෂ යුගයේ මාධ්‍යවේදීන්ට හිරි හැර වුනාද? එහම වුනා නං, කොහෙද දඬුවම්? මේවා සේරම ජනතාව දන්නවා. මේවාට ඉදිරියේ ජනතාව උත්තර දේවි.
ඔබතුමන්ලා කවුරු අාවත්, දුප්පත් අපි දුකසේම තමයි .....
රනිල් මහත්තයා කියන කතාවලින් පේන්නේ ඔහු මාධ්‍යවේදීන් එක්ක මාර වෛරයකින් ඉන්න බවයි.