සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී
ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමටත් පාර්ලිමේන්තුවේ කමිටුවලට සහභාගිවීමට අවස්ථාව උදාකරදෙන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (24) විශේෂ ඉල්ලීමක් කළේය.
ප්‍රේමජයන්ත මහතා මේ ඉල්ලීම කළේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
සුසිල් ප්‍රේමජයන්ත මහතා
ආණ්ඩුවෙන් ඉවත්වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමටත් පාර්ලිමේන්තුවේ කමිටුවලට සහභාගීවීමට අවස්ථාව උදා කර දෙන්නැයි ඉල්ලමින් අපි නිමල් සිරිපාල ද සිල්වා ඇමති තුමාට ලිපියක් බාර දුන්නා . අපි ඒක දුන්නේ ජනාධිපතිතුමාගේ එකඟතාව අනුවයි.නමුත් තවම ඒක අවධානයට යොමු වෙලා නෑ.අපට ඒ අවස්ථාව දෙන්න.එහෙම නොවුණහොත් මේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වෙනවා .
කතානායක කරු ජයසූරිය මහතා
මම මේකට පියවර අරගෙන තියෙන්නේ.සන්ධානයෙන් තමයි නම් දිය යුත්තේ.සන්ධාන නායකතුමා නම් දීමට එකඟ වුණා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පෝය දෙකයිනේ ඉවසන්න ඕන. එතකොට පොහොට්ටුවේ ආණ්ඩුවක් යටතේ හිතන පතන සේරමදෙවල් කිසි අඩු පාඩුවක් නැතුව ලබාගන්න ඇහැකිනේ. ආයේ මොනවට නහයෙන් අඬනවද? ඒකටනේ ආණ්ඩුවෙන් ගියේ. නැත්තන් අත ලේවකන්නයෑ. තුනෙන් දෙකටත් වැඩිය අරගෙන මාපිලෙක්ව ජයග්‍රහණය කරවල නීති රීති ඕනෑ එපා අන්දමට කපල කොටලා අනුමත කරගෙන අවශ්‍ය කෙනාට බලය ලබාදුන්නහම ඔය සේරම සිල්ලර වැඩනේ. එතකොට ඕනෑම ජාතියක, ඕනෑම වර්ගයක වැඩ කටයුත්තක් කරන්න ඔය කමිටු බමිටු අවශ්‍ය වෙන්නෙත් නැහැනේ. අවශ්‍ය වෙන්නේ ලොක්කගේ හරි අයිය මලෝ දෙන්නගේ හරි පුතාගේ හරි කට වචනේ විතරයිනේ. මොනවද මේ කතා?
ලෝකයේ අනිකුත් රටවල පාර්ලිමේන්තුවක තියෙන්නේ පක්ෂ,විපක්ෂ හා ස්වාදීන කියල කණ්ඩායම් තුනක් පමණයි. මේ රටේ ? වවුල් ප්‍රබේධ කියල වෙනමම කණ්ඩායම්. කතානායකතුමනි ඉහතකී කණ්ඩායම් තුනට නැති උදවියට තියන ආසන ටික ගලවල ඒවෙනුවට වහලෙන් එල්ලෙන කොකු හයි කරවන්න. හැබැයි එකතැන තියන විදියට නොවේ, ඕනෑම දෙසකට යන්න පුළුවන් විදියට.
බොරදියේ මාළු බාන මැදමුලනේ බත් බැල්යන්ට මොන කමිටුද?......
අය්යෝ , මෙච්චර කල් උපන් රටට අවංක සේවයක් කරන්න බැරි වුනා නේද ? ඒ නිසා දැන් විශ්‍රාම ගන්න. පිනක් දහමක් කරගෙන හිටියොත් හොදය් නේද ?
අනේ පව් මේකත් එක්තරා හිඟාකෑමක්
ඉතින් මන්ත්‍රී තුමා, ගරු කතානායක තුමන්ම කියාලා තියෙනවනේ එෆ් සී අයි ඩී එකට නොගිය අය හොයන්න බැහැ කියාලා. ඉතින් අපිට වෙන මොන කතාද?
ඇයි, ඒ ටිකත් කාල ඉවර කරලා දාන්නද?