ඩබි ඒ පියතිලක
ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය කුචිචවේලි ප්‍රදේශයෙන් ගිරිතලේ වනජිවි පශූ වෛද්‍ය රෝහල වෙත රැගෙන ආ වලසෙකු කුඩුව බිඳ අද (24) අසල ගම්මානයට කඩා වැදී ඇත.
ගමට කඩා වැඳුනු වලසා ගම් වැසියෙකුට පහරදීම නිසා වනජිවි නිලධාරින් එම පුද්ගලයාගේ ජිවිතය බේරා ගැනීමට වලසාට වේඩි තබා මරා දැමු බව ගිරිතලේ වනජිවි පශූ වෛද්‍ය රෝහලේ නිලධාරියෙකු පැවසීය.
වලස් ප්‍රහාරයට ලක්ව ඇත්තේ දියබෙදුම ගිරිතලේ පදිංචි (44) හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු බරපතල තුවාල ලබා පොලොන්නරුව මහා රෝහලට ඇතුළුත් කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කූඩුව හරියට හයියට හදාගන්න බැරි මිනිස්සු නිසා අහිංසක සතා මැරුම් කෑවා.
සතෙක්ව හරියට කූඩු කරන්න දන්නේ නැද්ද මේ අය. අපරාදේ සතාගේ ජීවිතේ. රජයේ නිලධාරීන් හැම දෙයක්ම කරන්නේ බාගෙට.
එළුවාගේ බෙල්ල කපලා මුට්ටිය බින්දා වගේ වැඩක් තමයි. අහිංසක මිනිහෙකුටත් තුවාල වෙලා වලහත් ඉවරයි. වලහෙකුට බිඳින්න බැරි කූඩුවක් වත් නැතුව ද වනජීවී එක වලස්සු අල්ලන්න යන්නේ. රජයේ වගකිවයුතු ආයතනයක් මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕන නේද? වලට පොඩි දරුවෙක් එහෙම අහු උනානම් මොනවා වෙයිද?
වනජිවිය කියන්නේ සත්තු මරණ කට්ටියකටද? වන සතෙකු කුලප්පු වුනාම මෙල්ල කරගන්න විද්‍යාත්මක ක්‍රමයක් ඔවුන් දන්නේ නැතිනම් වහාම රැකියාවෙන් නෙරපිය යුතුය. අනේ අපේ වනජිවිය. මේ වලසා අල්ලාගත් වෙලාවෙත් කුදලාගෙන ආපු හැටි දැක්කම මට මතක් වුනේ අපේ ආදී වසින් මිට අවුරුදු 5000 කට පෙර දඩයම් කල ආකාරයයි.
මැරුණු සතාවත් කකුලෙන් පාගන තිරිසන් මිනිසුන් පිරිසක් ,වනජීවී විසුරවාහැර යුධ හමුදාවට බරදුන්නනම් හරි..
ඇයි නිර්වින්දන එන්නත් තිබුනෙ නැත්ද සතාව ගෙනාවෙත් මිනිස්සු නුසුදුසු කූඩුවක රැෙඳව්වෙත් මිනිස්සු වෙඩිතියල මරන්නෙත් මිනිස්සු
නොසලිකිලිමත්ව රාජකාරිය පැහැර හැරීම නිසා මිනිසෙකුට අනතුරක්වී වලසාද මරා දැමීම සම්බන්ඳව වගකිව යුතු වනජීවී සේවකයන්ගේ වැඩ තහනම් කර විනය පරීක්ෂණයක් සිදු කල යුතුයි
නිර්වින්දන පතුරම් තිබුනේ නැද්ද.?