(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමට අයත් රාමනදපුරම් ප්‍රදේශයේදී ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු හා ලාංකිකයින් සිව් දෙනෙකු නිධානයක් ගැනීමට උත්සහ කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට ධර්මපුරම් පොලීසිය පියවර ගෙන ඇත.
රාමනාදපුරම් ප්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතියකට සම්බන්ධ වූ අදාළ ඉන්දීය ජාතිකයින් තිදෙනා සහ ලාංකිකයින් වූ ඇඹිලිපිටිය ,හෝකන්දර ,අම්බලන්ගොඩ හා මිනුවන්ගොඩ යන ප්‍රදේශයන් හී පදිංචි ලාංකිකයින් සිව් දෙනා මෙසේ රාමනාදපුරම් ප්‍රදේශයේ නිධානයක් වෙනුවෙන් පූජාවක් කිරීමට සැරසෙන අතරතුර ධර්මපුරම් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මෙම පිරිස ඊයේ (24) සවස අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි ඉන්දීය ජාතිකයින් තිදෙදෙනාගේ වීසා නොමැතිව අනවසරයෙන් රැඳී ඇති බවටද ධර්මපුරම් පොලීසියට තොරතුරු අනාවරණය වී ඇත.
අදාළ නිධානය ගැනීමට පෙර සිදු කළ පූජාවට යොදා ගත් පූජා භාණ්ඩද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද (25) කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන ධර්මපුරම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ලංකාවම මේ සොරමුල හාරලා අවසන් කරන දිනය වැඩි ඇතක නොවේ.