ප්‍රසාද් මුතුකුඩ
රුපියල් හැටහතර ලක්ෂ එක්දහස් අටසිය හතළිහක් නීතිවිරෝධි ලෙස ඉන්දියාවට රැගෙන යාමට උත්සහ කළ ඉන්දියානු ජාතිකයකු (43) අත්අඩංගුවට ගනු ලැබු බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක විපුල මිනුවන්පිටිය මහතා පවසයි.
මොහු ඉන්දියාවට යාමට කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටියදී රේගු නිළධාරින් හට ලද සැකය මත මොහුව පරික්ෂා කර ඇත.
එහිදි මෙරට මුදල් නොට්ටු තොගය සොයා ගත් බවත් සැකකරු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඉන්දියානු රුපියල් මාරුකර ලක්ෂ 3 කැසිනෝ සුදුවේ යෙදී පරාද වු බැවින් ඉතිරි මුදල් ඉන්දියාවට රැගෙන යාමට සැකකරු උත්සහ කර ඇති බව කළ පරික්ෂණයේ දී අනාවරණය වු බව රේගුව පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සය ඉන්දියන්කාරයෙක් වෙලත් මෙච්චර සල්ලි ගොඩක් හොරෙන් අරගෙන යන්න බැලුවනේ. අර උන්ඩියල් ක්‍රමයට මිනිහාගේම ගිණුමට මෙහෙදීම සල්ලි ටික දාගත්තනම් මේ මහා පාඩුව වෙන්නේ නැහැනේ. උන්ඩියල් කාරයෝ කොමිස් ගන්නෙත් නැහැ හරියටම සෙලින් රේට් එකට ගාන හදල අන්තිම රුපියලට සෙට්ට්ලේ කරනවා.
සල්ලි ගෙනයාමට නොහැකි වීම වෙනම කතාවක්. නමුත් මෙවැනි ප්‍රචාර දීම කැසිනෝ ක්‍රීඩාවට නොමිලේ දෙන වෙළඳ දැන්වීමක් වගේ. ලංකාවේ තවත් මිනිසුන් පොළඹවනවා මේ සූදුවට. දැනටමත් සූදුවේ ඉන්නකෙනා තවත් පෙළඹෙනවා සූදුවට. අයියා ලංකාවට එන්නෙපා සූදු කෙලින්න.