සිරංගිකා ලොකුකරවිට
පසුගිය දිනවල ඇතිවූ වර්ෂා තත්ත්වයෙන් ගාල්ල නගරය හා තදාසන්න ප්‍රදේශ කිහිපයක් ආපදාවට ලක්වූයේ ගිං ගඟෙහි ජලය වැඩි වීම නිසා නොව උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම මගින් ක්‍රියාත්මක කරන මොරගොඩ ඇළ අසාර්ථක ව්‍යාපෘතිය නිසා බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (24) ගාල්ලේදී පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ආපදා කළමනාකරණ විශේෂ රැස්වීම අමතමිනි.
ව්‍යාපෘති කාලය අවසන්ව ඇතත් තවමත් වැඩ නිම කර නොමැති කහදූව වත්ත පාලම අසලින් මොරගොඩ ඇළ වසා තිබීම නිසා සහ ඇල සංවර්ධනය කිරීමේ කටයුතු වලදී ගොඩගසන ලද පස් හා අනෙකුත් ද්‍රව්‍ය ඇල දෙපස ඉතිරිව තිබීම හේතුවෙන් ඇල අවහිර වී ජලය නිසි පරිදි ගලා නොගිය බව අමාත්‍යවරයා පැවසීය.
ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ගාල්ල නගරය ගංවතුරින් යටවීම වැලැක්වීම අරමුණු කරගෙන සකස්කරන ලද ව්‍යාපෘති කිහිපයකින් සමන්විතය. ව්‍යාපෘතියේ අරමුණ එසේ වුවද නාවින්න, කහදූව වත්ත, බෙලිගහ, දංගෙදර ආදී ප්‍රදේශ ගනනාවකම වෙනදා යටවන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ජලයෙන් ටවූ බවද වැඩි හානි සිදුවූ බවද අමාත්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඕවා අපිට කිය කිය ඉඳලා වැඩක් නැත සුදුසු ක්රීයා මාර්ග ගෙන විසඳා දමන්න. දැන් ඔබ කරන්නේ ඔබලාගේ සැලසුම් කිරීමේ නොහැකියාවන් රටට කියා පෑමයි.
හරි හමන් දෙයක් ඔහෙලා රට වෙනුවෙන් කොලේ කවදාද? ඔක්කොම කොරන්නේ කොමිස් ගහන්න මිසක් රටට ජනතාවට ඇති ආදරේ හින්ද නොවෙයි නේ!