(කාංචන කුමාර ආරියදාස)
වලස් ප්‍රහාරයකයට ලක් වු පුද්ගලයෙකුගේ දිවි බේරා ගැනීම සඳහා වලසාට වෙඩි තැබූ බව පවසමින් වනජීවී පශු වෛද්‍යවරියක සහ වනජීවී දෙපාර්තමේන්තුවේ තවත් සේවකයින් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවීමට ගෙන ඇති තීරණයට විරෝධය පල කරමින් වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25) වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹි ඇත.
අනතුරු සහිත අවදානම් රාජකාරි වලින් සම්පුර්ණයෙන්ම ඉවත් වු බව වනජීවී පශු වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය නාලක කසුන් අබේවර්ධන මහතා පැවසීය.
දිගින් දිගටම වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් මුහුණ දෙන අවදානම් තත්ත්වය පිළිබඳව රජය දැනුවත් කොට තිබියදීත් එසේ ම දරුණු සතුන් මෙල්ල කිරීම සහ සතුන්ට ප්‍රතිකාර කිරීමේ පහසුකම් ලබා නොදී අවසානයේදී ගීරිතලේ ප්‍රදේශයේ වලසෙකුගේ ප්‍රහාරයකට ලක් වෙමින් සිටි පුද්ගලයකු බේරා ගැනීමට නොහැකිවූ අවස්ථාවේදී එම පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමට මැදිහත්වූ වනජීවී පශු වෛද්‍යවරිය සහ වනජීවි දෙපාර්තමේන්තුවේ සේවකයන් ගේ වැඩ තහනම් කිරීම අසාධාරණ බව එම සංගමය පෙන්වා දෙයි.
මෙවැනි අවස්ථාවන්හි දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නීතියේ සඳහන්ව තිබෙන බවත් ඒවා සොයා බැලීමකින් තොරව මෙම ක්‍රියාමාර්ග ගැනීම නිසා අවදානම් රාජකාරියේ නිරතව තම ජීවිත අවදානමේ දමා ගැනීමට නොහැකි බවත් මෙවැනි තීන්දු තීරණ නිසා තම සංගමය බලවත් කලකිරීමට පත්ව තිබෙන බවත් සංගමය සඳහන් කළේය .
වන අලි ඇල්ලීම වන අලින්ට හඳුනාගැනීමේ පටි පැළඳවීම, වලසුන් ඇල්ලීම මෙල්ල කිරීම , දීවියන් ඇල්ලීම මෙල්ල කිරීම ආදී සියලු අවදානම් රාජකාරිවලින් ඉවත් වන බවත් මෙම වැඩතහනමට ලක්වූ වෛද්‍යවරිය සහ සේවකයන්ට සාධාරනය ඉටුවනතුරු මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙන බව ද ලේකම් අබේවර්ධන මහතා පැවසීය.
වනජීවී පශු වෛද්‍ය වරුන්ගේ ඉල්ලීම් පිළිබඳව කිසිදු සොයාබැලීමකින් තොරව මෙම සිද්ධීන් සිදු වූ බවත් බලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබා දී තිබුණේ නම් මෙම සතුන් ආරක්ෂිතව ප්‍රතිකාර කටයුතු කිරීමට හැකියාව පවතින බවද ලේකම් මාලක අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනසින් උසස්යයි කියන සත්වය මනුසත්වයකි. එවැනි මනුස්යකුගේ ජීවිතය සතෙකුගෙන් බේරා ගැනීමට ක්‍රියාකළ එවැනිම මනුස්සයන් තිදෙනෙකුට මෙසේ සිදුවීම කනගාටුවකි.
මනසින් උසස්යයි කියන සත්වයා මනුසත්වයකි. එවැනි මනුස්යකුගේ ජීවිතය සතෙකුගෙන් බේරා ගැනීමට ක්‍රියාකළ එවැනිම මනුස්යන් තිදෙනෙකුට මෙසේ සිදුවීම කනගාටුවකි.
අවම පහසුකම් යටතේ තම ජීවිත පරදුවට තබා මොවුන් කරන සේවය අගයමි. මනුස්ස ජීවිතයක් බේරාගැනීම වෙනුවෙන් සතෙකුට වෙඩි තැබීම වරදක් ලෙස නොදකිමි. වන සතුන්ගේ කැලැ එලිකරන්නන්, හුදෙක් මස් පිණිස සතුන් දඩයම් කරන්නන්, සතුන්ට වැඩ හිංසා කරන්නන් හට දැඩි දඬුවම් හඳුන්වා දෙන්න.
කොහොම බැලුවත් චේතනාව ගැන වරදක් කියන්න බෑ. මොකද වලහා ගෙනාවේ බෙහෙත් කරලා උෟව බේරා ගන්න. නමුත් උෟව මරන්න වුනේ අහිංසක මිනිසෙක් බේරා ගන්න. ඔබලා වරදක් කරලා නෑ. ලංකාවේ නීතිය කොහොම වුනත් ස්වභාවික නීතිය යුක්තිය ඉටු කරාවි.
ඔය කරලා තියෙන්නේ. වැඩේට මුල්වෙලා ඇත්තේ පුටු රත් කර කර ඉන්න අයෙක් වෙන්නැති.
කැකිල්ලේ තීන්දු, හරි නම් නිවැරදිව කුඩුව නොවැසූ කෙනාටයි දඬුවම දෙන්න ඕනේ.
ආත්මාරක්ෂාවට මේ වගේ දෙයක් කිරීමේ කිසිම වරදක් නැහැ. මෙතන වරද තිබෙන්නේ මෙම දඬුවම දීපු මිනිසුන්ගේ මොලේ
මොනවද මේ අපේ රටේ තියන නීති. ඒ මනුස්සයව බේර නොගත්තනම් එත් කුඩුවේ ලගින්න වෙයි.
වෙඩි තියන්න තිබුණේ අර අහිංසක සත් ගුණවත් සිංහල බෞද්ධ වලහට නොවෙයි. එයාට කරදර කරපු ප්රද්ගලයට නේ. මේක සත්තුන්ගේ රටක්!!!!!!
ස්ට්‍රයික් කරන්න අතිශයින්ම සාධාරණ හේතුවක්... මිනිස් ජීවිතයකයි, වලස් ජීවිතයකයි අතරෙ වෙනස නාඳුනන, මිනිස් ජීවිතයක් බේරා ගැනීමට කල වලස් මරණයකට දඬුවම් දීම කැකිල්ලේ තීන්දුවටත් එහා ගිය මුග්ධ තීරණයක්... අනේ අපි මේ වලහගේ ජීවිතේට හානියක් කරන්න ඕනේ නෑ. අර මිනිහා යකාට ගියාවේ කියලා හිතුවා නම් නැති වෙන්නේ මිනිස් ජීවිතයක් නේද?
ඔන්න එකමත් එක කාලෙක මම ධනුපුස් කියලා මිතුරෙකු සමග කැලයේ ඇවිදිමින් සිටි අවස්ථාවක එකවරම වලසෙක් අප ඉදිරියට දිව ආවා. ගස් නැගීමට කප් ගසා සිටි මගේ මිතුරා, එක වරම අසල තිබුණු ගසකට නැග ගත්තා. කිසිවක් කරකියා ගත නොහැකිවූ මා, බිම වැතුරුණා. සෙමින් මා අසලට පැමිණි, වලසා " නුඹලාගේ රටේ, අපි වැනි වලස්සුන්ට විශාල බියක් දක්වනවා මෙන්ම, සිව්පාවන්ට විශාල ගෞරවයක් හා සුවිශේෂී, තත්වයක් ලබාදී, තිබෙන නිසා, මම නුඹට අනතුරක් නොකරමි" යයි පැවසු වලසා, එක වරම පැන දිව්වා. වලසා, පැන දුවනවාත් සමගම මගේ ශරීරයට කිසියම් දියරයක් හා සමග දැරිය නොහැකි ගන්ධයක් හැමුවා. ධනුපුස් ගැන සිහිවුන මා උඩ බලනවාත් සමගම මගේ මිතුරාට මල පහවී ඇති බව දුටු මා වලසා පිටුපසින්ම දිව ගොස් වලසා පැන්න වලටම පැන ඇඟ සෝදා ගත්තා.
නිර්වින්දන බෙහෙත් තිබුණේ නැතිනම් ඒවා නිකුත් නොකළ අයටයි දඬුවම් කළ යුත්තේ... හැම ජීවිතයක්ම වටිනවා. හැම ජීවිතයක්ම බේරාගන්න එක මිනිසුන්ගේ යුතුකමක්...