(රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවේ තූත්තුක්කුඩි ප්‍රදේශයේ දී පසුගියදා සිදුවූ වෙඩි තැබීමේදී මියගිය සාමාන්‍ය වැසියන් නිරපරාදේ මරාදැම්මේ යැයි ඉන්දියාවට විරෝධය පාමීන් උතුරේ විරෝධතා වැඩසටහන් රැසක් සංවිධානය ඇත.
යාපනය ,කිලිනොච්චිය , මුලතිව් ,මන්නාරම් හා වව්නියාව යන දිස්ත්‍රීක්කයන්හි මෙම විරෝධතා වැඩසටහන සංවිධානය කර ඇති අතර මියගිය සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ඔවුන්ගේ ආත්මයන් වෙනුවෙන් ශාන්තිය පතා පහන් දැල්වීමටද විරෝධතාකරුවන් විසින් පියවර ගෙන තිබුණි.
මුලතිව් හාමන්නාරම් දිස්ත්‍රීක්කයන්හි අද (25) දින මෙම විරෝධතා පැවත්වීමට ප්‍රදේශවාසීන් රැසක් විසින් පියවර ගෙන ඇති අතරම කිලිනොච්චිය කන්දසාමී කෝවිල් ඉදිරිපිට හා යාපනය වඩමාරච්චි ප්‍රදේශයන්හී ඊයේ (24) දින ප්‍රදේශවාසීන් රැසක් විසින් මෙම විරෝධතාවයන් සිදු කෙරිණි.
ඉන්දියාවේ තූත්තුක්කුඩි ප්‍රදේශයේ ඉදිකෙරුණු රසායනික කම්හලක් වසාදමන ලෙසට ගම්වාසීන් පිරිසක් විසින් සිදු කරන ලද විරෝධතාවයකදී ගම්වාසීන් විසින් ප්රචාණ්ඩකාරීව හැසිරීම හේතුවෙන් පොලීසියේ වෙඩි තැබීමකින් සාමාන්‍ය වැසියන් 12 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබීම හේතුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති හෙයින් වහාම ඉන්දීය රජය විසින් සාධාරණ පරික්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා මොවුහු විරෝධතාවයේ යෙදෙති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්න උස්සගෙන එනකොට වෙඩි තියන්නේ නැතුව බලන් ඉන්නද කියන්නේ? අනික උතුරේ දෙමල කට්ටිය මොකද ඉන්දියාවේ ප්‍රශ්නෙකට මෙහෙ විරෝදතා තියන්නේ.ඒ ගොල්ලෝ ශ්‍රී ලාංකික නෙමේද??
අහිංසක සාමාන්‍ය වැසියන් මරන එක කණගාටුයි. නමුත් මෙතන දෙමල ජාතික සන්ධානය ඉන්දියාව විශ්වාසය තබමින් ඉන්නේ. එතකොට මේ සිද්ධිය දිහා බලන විට ඉන්දියාව විශ්වාස කල හැකිද?
උතුරු පළාතට තියන ලොකුම ප්රශ්නය මෙයයි
ඉන්දියාවේ ඇතිවෙන සිද්ධි වලට යාපනේ අයට තියෙන සම්බන්ධය මොකක්ද...?
දකුණේ මිනිසුන්ට බෝම්බ ගහල මරණකොට නිදාගෙන වෙන්න ඇති ඉන්න ඇත්තේ.
මමනම් කියන්නේ මේ දකුණේ අපිත් ඔය තමිල්නාඩුවේ වැඩවලට විරුද්දව සද්ද දන්නා ඕනි. මොකද ඔවුන් අපේ පොඩි වැරැද්දක් වුනත් මහා ලොකුවට සද්ද දාන නිසා.
පහුගිය ටිකේ ඔය පළාතේ අහිංසක ජනතාව කපා කොටා තුවාල කරනකොට? මරණ කොට ඔය සංවිධායකලා කොහෙද හිටියේ?
අපි යාපනේ දෙමල ජනතාව ලංකාවේ සෙසු ජනයාට සමීප කළ යුතුයි. ඉන්දියාව නිතරම බලන්නේ ලංකාවේ දෙමල ජනතාව තමන්ට ළංකරලා තියාගෙන ඒ මගින් ලංකාවට පීඩනයක් එල්ලකරලා තමන්ගේ ආර්ථික ගිවිසුම් ලංකාවට බලෙන් පටවන්න. අපි හරි නම් ඒ පීඩනයම තමිල්නාඩුව හරහා ඉන්දියාවට දෙන්න ඕනේ...