ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
විනිසුරුවරයකුගේ නොපැමිණීම මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිමාන්ඩ් කිරිම අසාධාරණ ක්‍රියාවක් හෙයින් එය අනුමත කළ නොහැකි යැයි කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (25) පැවසීය.
කතානායකවරයා ඒ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතා මාස තුනක කාලයක් ඇප නොදී රිමාන්ඩ් කිරිම පිළිබඳව මැදිහත් වෙන ලෙස කතානායකවරා ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසාධාරණ වෙන්නේ කොහොමද? දේශපාලකයන් පත් කරන්නේ මහ ජනතාවගේ ඡන්දෙන්.මහ ජනතාවට සමානව තමා නීතිය දේශපාලකයන්ටත් ක්‍රියාත්මක වෙන්න ඕනේ.
පොල් ගෙඩි දෙකකට රිමාන්ඩ් කරපු කෙනාට ඕක අදාල නැත්ද ?
සාමාන්‍යයෙන් විනිසුරු වරයෙකු නොමැති විටදී ඕනෑම කෙනෙකු මෙසේ රිමාන්ඩ් කෙරෙනවා. මන්ත්‍රී වේවා හෝ නොවේවා නීතිය සැමට පොදු විය යුතුයි. ගමේ පියදාසට එක විදිහකුත්, මන්ත්‍රීට එක විදිහකුත් ලබා දීමට නීතියට අනුව බැහැ. නීතියේ දෙව්දුවගේ දෑස් බැඳ,ඒ කියන්නේ අන්ධව අතේ තියෙන තුලාවේ දෙපැත්තම සමබරවයි තියෙන්නේ.ඒ කියන්නේ නීතිය කොයි කාටත් සාධාරණ විය යුතුයි.සමබර විය යුතුයි.
මන්ත්‍රීවරු විතරක් නොවේ රටේ අනිත් මිනිසුසුත් නිකරුනේ උසාවි වල රස්තියාදු වෙනවා .
ඇ ! එතකොට සාමාන්‍ය ජනතාවට නිතර නිතර ඔය වගේ දේවල් වෙනකොට සාධාරණද?
අපේ රට දැන් ප්‍රංශ විප්ලවට කලින් ප්‍රංශය වගේ. නීතිය පැහැදිලිවම දෙවිදියක්. මිනිසුසු කොච්චර කාලයක් ඉවසයිද? කථානායක තුමාගේ චවන මහජනතාවගේ සමාජ වෛරය අවුලවනව.
මෙච්චර කල් රට කාබාසියා කල සියලු දේශපාලකයින් රිමාන්ඩ් කරන්න පුළුවන් නම්, ඒක තමයි මේ රටේ දියුණුවට කරන්න පුළුවන් එකම ක්‍රියාමාර්ගය.