ඩී.ජී.සුගතපාල
අල්ලස නිසා අපේ රට ජාත්‍යන්තර වශයෙන් අවමානයට හා විවේචනයට ලක්ව ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ සභාපති නෙවිල් ගුරුගේ මහතා කියා සිටියේය.
අල්ලස් හෝ දූෂණ වැළැක්විමේ ජාතික ක්‍රියාකාරි සැළැස්ම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් , සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුම්වත් කිරිම හා ඔවුන්ගේ අදහස් ලබා ගැනීම සඳහා අද (25) පොල්වතුමෝදර පැවති වැඩමුළුවකදි ඒ මහතා මේ බව පැවසීය.
එහිදි ඒ මහතා කියා සිටියේ මෙතෙක් අල්ලස් චෝදනා ලැබි නැත්තේ හෙදියන්ට පමණක් බවය. අල්ලස හිත සමඟ පවතින ගණුදෙනුවක් බවත් හිත දූෂිත වුවිට අල්ලස් ගැනීමට පෙළඹෙන බවත් ඒ මහතා කියා සිටියේය.
පසුගිය දිනක ඉහළම නිලධාරින් දෙදෙනෙකු රුපියල් කෝටි පනස් හතරක අල්ලසක් ඉල්ලා අත්තිකාරම් ලෙස කෝටි දෙකක් ලබා ගනිද්දි අත් අඩංගුවට ගත් බවත් මෙතරම් මුදල් රැස් කරන්නේ කොහේ තියන්නදැයි විමසා සිටි ඒ මහතා ඉදිරියේදි විමර්ශන නිලධාරින් සඳහා පොලිස් නිලධාරින් වෙනුවට උපාධිධාරින් පනහක් බඳවා ගන්නා බවත් ඒ මහතා කියා සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තම කියනවනම් රෝහල් වල ඉන්න අම්ම තමයි හෙදිය කියන්නේ. අම්ම දරුවන්ගෙන් අල්ලස් ගන්නේ නැහැ. රෝහලක වාට්ටුවේ ලෙඩෙක් විධියට ඉන්නකොට තමයි තේරෙන්නේ හෙදියෝ කොච්චර මහන්සි වෙනවද කියල. වෛද්‍යවරු ඇවිල්ල ටිකට් එකේ කලයුතු පරීක්ෂණ හා බෙහෙත් ගැන ලියල ගියාට පස්සේ හෙදිය තමයි මේ ඔක්කොම ක්‍රියාත්මක කරන්නේ. රෝගියෙක් වාට්ටුවට ඇතුළත් කරන්නෙත් පිටමන් කරන්නෙත් හෙදියයි ඒ අතරතුර කාලයේදී රෝගියා බලාගන්නෙත් හෙදියමයි.
දැන් එකිනෙකාට ඇඟිල්ල දික්කොරන්න බැහැ මුන් ඔක්කොම පට්ටා හොරු.......
එගොල්ලන්ටත් එක්ක හරියන්න ඉස්පිරිතාලයේ ඉන්න අනිකුත් දෙනා ( ගේට්ටුවෙන් පටන් ගත්තම ) ගන්නවනේ.
එතකොට අල්ලස් කොමිසමේ නිළධාරිනුත් අල්ලස් ගන්නවාද ?
අපේ තාත්තත් පරණ සාත්තුසේවකයෙක් . අසාධ්‍ය වෙලා රෝහලේ ඉඳල ගෙදර අරගෙන ගියේ ට්‍රොලි එකක. වාහනයට දාන්න තව කෙනෙක් ඕන හින්දා නර්ස් කෙනෙක් ගෙන් උදව් ඉල්ලුවා. නර්ස් සාත්තුසේවකයෙක්ට කිව්වා. මිනිහා කිව්වා ටිකට් කැපුවට පස්සේ උදව් කරන්න බෑ කියලා. ටිකවෙලාවකට පස්සේ මිනිහා හරි යමු කියලා මාත් එක්ක ට්‍රොලිය අරගෙන වාහනය ලඟට ගිහින් තාත්තව වාහනයට උස්සන්න උදව් කළා. පස්සේ කිව්වා මහත්තයා පොඩි සපෝර්ට් එකක් දෙන්න කියලා. ඊට පස්සේ සල්ලි දෙන්න උනා. දැන් ඉන්න සමහර සාත්තුසේවකයෝ ලෙඩ්ඩු බලාගන්නවා කියලා 2-3න් දෙනාගෙන් සල්ලි ගන්නවා එක කෙනෙකුගෙන් 1500-2000 ගානේ.
ඔව් ඉතින් ගන්න විදියක් නැහැනේ. හැබැයි ඉතින්, ඉස්පිරිතාලේ තියෙන බෙහෙත් ටික බැන්ඩේජ් ටික ගෙදර අරන් යනවා. ලෙඩෙක්ට කතා කරන්න දන්නේ නෑ. රෑට නිදියනවා ලෙඩා මලත් දන්නේ නෑ. ඕවත් ඉතින් රාජ්‍ය දේපල අයථා ලෙස පරිහරණය කිරීම තමයි.
නෛටින්ගේල් පරපුරටම හොඳ චරිත සහතිකයක්. සතුටුයි සහෝදරියනි...
හරි. නමුත් සාත්තු සේවකයෝ ගන්නවා.
"මෙතෙක් අල්ලස් චෝදනා ලැබි නැත්තේ හෙදියන්ට පමණක් බවය " යන්න ඔබ විසින් අවන්කවම ප්‍රකාශ කිරීම පිලිබදව අප ඔබට ස්තුතිවන්ත වෙන්නෙමු.තවද ඔබ මෙමගින් සනාථ කර ඇත්තේ ඔබගේ ආයතනය වන " අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවත් " එම අසීලාචාර බෝට්ටුවේ ඉන්නා බව නොවේද ??? කෙසේ වෙතත් අප නැවතත් ඔබට ස්තුතිවන්ත වෙනවා "අපගේ බදු මුදල්වලින් වැටුප් ලබන රජයේ සේවයෙක් හැටියට ඔබ සත්‍ය ප්‍රකාශ කිරීම" පිලිබදව. ඔබට ජයප්රර්තනා කරන්නෙමු.
සමහරක් හෙදියන්ට නැත්තේ අල්ලස් චෝදනා විතරයි.
මොන බොරුද? සමහර ඒකකවල හෙදියන්ගේ කෙරුවාව තාම හෙළිවෙලා නැතුව ඇති. හොඳට හොයලා බලන්න ඒ ගැන...
හෙදියන්ට ලැබෙන වැටුප් ඒකක බලද්දී අනෙකුත් රජයේ සේවකයින්ට ලැබෙන වැටුප ඉතාමත් අවමයි. මන් හිතන්නේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිව තිබේ නම් ඔවුන් අල්ලසට, දූෂණයට යොමුවෙන්නේ නෑ.
කොල කඩ කඩ බොරුවට දෙනවා.
සිරිලංකාවේ පළමු පුරවැසියාටත් ඔස්ට්‍රලියාවෙන් අල්ලස් චෝදනා එල්ල කරන කල අනිත් පුරවැසියන් ගැන කවර කතාද. ලුසේනා
සමස්ත කාන්තාවන්ගේ ඉරණම සම්බන්ධ තත්වය ඉහත යම් යම් ප්‍රකාශවලින් තහවුරු වෙයි.