රංජිත් රාජපක්ෂ
මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් අද (25) දහවල් සිට විවෘත කර ඇත.
ගත වු දින කිහිපය තුළ එම ජල පොෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමගම ඊයේ(24) පස්වරුව වන තෙක් එම ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තබා එම වාන් දොරටු අද (25) අලුයම තෙක් වසා දමා තිබුණි.
තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශයට තද වැසි ලැබුණ හොත් සෙසු වාන් දොරටුව ද විවෘත කරන බව එම විදුලි බලාගාර ඉන්ජිනේරුවරු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd