(විනීතා එම් ගමගේ)
රජය සයිටම් ගැටළුවට විසඳුම් සෙවීම, කැබිනට් පත‍්‍රිකාවලට පමණක් සීමා කර ඇතැයි සයිටම් ශිෂ්‍ය ක‍්‍රියාකාරි කමිටුව කියයි.
මේ ප‍්‍රශ්නය අවසන් විසඳුමක් කරා ගෙනයාම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ප‍්‍රමාද කරමින් සිටින බව ද එම කමිටුව කියයි.
විසඳුම් යැයි කියමින් රජය හැම අවස්ථාවක ම සිදුකළේ සිසුන්ට බලාපොරොත්තු ඇති කර අතහැර දැමීම යැයි ද සයිටම් ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුව මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් එහි සම කැඳවුම්කරු ශානක සේරම් මහතා ප‍්‍රකාශ කළේය. සේරම් මහතා තව දුරටත් මෙසේ ද පැවැසීය.
රටට ආපදාවකට මුහුණ දී සිටින අවස්ථාවක මෙසේ අපේ ප‍්‍රශ්න රට හමුවේ තැබීමට සිදුවීම පිළිබඳව කණගාටු වෙනවා. ගිය සතියේ යළිත් කැබිනට් පත‍්‍රිකාවක් සයිටම් ප‍්‍රශ්නය පිළිබඳව ඉදිරිපත් වුණා. ජනාධිපතිවරයා, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සාකච්ඡා කරමින් අර්බුදය අවසන් කිරීමට අවසන් විසඳුමට ආවා. එම විසඳුම වූණේ මුලික සුදුසුකම් ඇති සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කරන්න තීරණය වුණා.
අපි ඉල්ලූවේ සයිටම් අර්බුදයට සදහටම එන විසඳුමක්. මේ අර්බුදයට ගොදුරුවූ සිසුන්ට විසඳුමක්. නමුත් හැමදාම අපිව රැවැට්ටුවා. රජය ආයෝජන හොයනවා. තරුණ පිරිස 980 දෙනෙක් අධ්‍යාපනය කඩා වැටී ගෙවල්වලට වෙලා ඉන්නවා. මේ අයගෙ ශ‍්‍රමය ආයෝජනය නොවන්නේ ද?
අපි ඉල්ලන්නේ එක්කෝ අපේ ප‍්‍රශ්නය ඇත්තටම විසඳන්න. නැත්නම් ගලක් බෙල්ලේ බැඳ මුහුදට දමන්න. එසේ හෝ මේ ප‍්‍රශ්නය විසඳන්න කියලයි.
අපි ජනාධිපති හා උසස් අධ්‍යාපන ඇමැති ඇතුළු බලධාරින්ගේ අදහස් දැන ගැනීමට සාකච්ඡා ඉල්ලූවත් ලැබුණේ නැහැ. අපි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් භාර දුන්නා. ඒ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ලබා දෙන්න කියල ඉල්ලලායි. අපිත් මේ ගැන මොනවද වෙන්නේ කියා දැන ගත යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජය බොහෝ ප‍්‍රශ්න වලදී සිදු කරන්නේ, සෑම දෙනාටම සවන් දෙනවා යයි කියමින්, දියාරු තීරණ ගනිමින් කල් මැරීම පමණයි.
මේක තව දුරටත්, ප‍්‍රශ්න විසඳන මිනිස්සුන්ගේ රටක් නොවේ, ප‍්‍රශ්න තලු මරමින් වමාරාකන ක්ෂීරපායි සත්ත්වයින් ගෙන් සමන්විත ජන කොටසක් සිටින දුපතක්.. ඒ අතර තුර විෂ දල ඇති විෂකුරු සර්පයින්ද නැතිවා නොවේ. මේ සර්පයින්ගෙන් දුටු තැන දෂ්ඨ කිරීමට මිස, වෙන දෙයක් නම් බලාපොරොත්තු විය නොහැක.