අජන්ත කුමාර අගලකඩ
අලුතින් සම්මත කරන ලද දේශිය අදායම් පනතට අනුව මැති ඇමතිවරුන්ගේ මෙවර වැටුප් හා දීමනාවලින් ඉතා විශාල මුදලක් අයබදු ලෙස කපා හැරීම නිසා මැති ඇමතිවරුන් රැසක් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වේ.
ඇතැම් මැති ඇමතිවරුන්ගේ වැටුප් හා දීමනාවලින් රුපියල් 50,000ක් ලක්ෂයත් අතර මුදලක් මාසික අය බදු ලෙස කපාගෙන ඇතැයි ඇමතිවරු කිහිප දෙනෙක්ම පැවසුහ.
මැති ඇමතිවරුන්ගේ මාසික වැටුපට අමතරව පාවිච්චි කරන නිල වාහන ඉන්ධන දීමනා රියදුරු දීමනා ආදීය සියල්ල එකතු කොට ඒ වෙනුවෙන් මාසික අයබදු අය කිරීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බව එම ඇමතිවරු සඳහන් කළේය.
මේ තත්ත්වය තුළ එක්තරා ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුට මෙවර ලැබී ඇත්තේ රුපියල් 25,000කටත් අඩු වැටුපක් බවද ඇමතිවරයෙක් සඳහන් කළේය.
මේ අකාරයට මැති ඇමතිවරුන්ගේ වැටුපට අමතරව අනෙකුත් සියලු දීමනා හා වාහන සඳහා ද බඳු අය කිරීමෙන් මැති ඇමතිවරුන්ටද ජිවත්විය නොහැකි තත්ත්වයක් ඇතිවන බව ඇමතිවරු කිහිපදෙනෙක්ම කියා සිටියහ.
මැති ඇමතිවරුන්ගේ දීමනා වීශාල මුදලක් මාසික අයබදු ලෙස කපා හැරීම ගැන ඇමතිවරුන් අතර අද (25) පාර්ලිමේන්තු සංකීර්ණයේදී කසුකුසුවක් ඇති වු බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා බදු මුදල් සම්බන්ධයෙන් තීරණ ගන්නේ මුදල් අමාත්‍යංශයෙන් බව සඳහන් කළේය.
මැති ඇමතිවරුන් වැටුප් හා දීමනා ආදියෙන් ඉතා විශාල මුදලක් මාසික අයබදු ලෙස කපා ගෙන ඇති බව මැති ඇමතිවරුන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදීද කතා බහ කර ඇති බවද ඇමති කරුණාතිලක මහතා කීවේය.
තමාගේ වැටුප් වාර්තාව බැලීමට නොහැකි වු බැවින් තමාත් වැටුප් හා දීමනාවලින්ද කෙතරම් මුදලක් බදු ලෙස කපා ඇත්ද යන්න නොදන්නා බව ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද තේරුනේ? අපිටත් එහෙම තමා.
අනේ කොච්චර හොද දෙයක්ද, රටේ සාමාන්‍ය ජනතාව වගේ මෙතුමන්ලත් බදු ගෙවාගෙන බොහොමත්ම අපහසුවෙන් අපි වගේම ජිවත්වෙනගමන් අපිට සේවය කරනවා , මට හරි සතුටුයි ...
ජිවත්වෙන්න බැරි නම් පනින්න දියවන්නාවට, ඒක රටට සෙතක්
සියලුම අයබදුවලින් එම උතුමන්ලා නිදහස් කරනු මැනවී.
මෙම ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් ඉල්ලා අස්විය යුතු අතර ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හා වයස අනුව රැකියාවක් ලබා ගත යුතුය. මම හිතනවා වැටුප සහ අනෙකුත් ප්රතිලාභ බොහෝමයක් ලබා ගතහැකියි සමාන සුදුසුකම් හා වසස් සීමාවේ ඉන්න අයට වඩා
අපිට ජීවත් වෙන්න ලැබෙන බැංකු පොලියෙනුත් බදු ගන්නවා බෙහෙත් වලටයි බදු සල්ලී ගෙව්වාම අපි ජීවත් වෙන්නොනේ හිඟාකාල. නමුත් අදායම් පෙන්නන්නේ නැති කෝටි ගණන් ආදායම් ලබන දොස්තර ලොයර්ලා මේ බදුවලින් බේරිලා ඉන්නවා. ඒගොල්ලන්ට බදු ගැහැව්වත් ඒවගේ දෙගුණයක් අපෙන් අය කොරනවා. මොකක්ද මේ ක්‍රමය.
ඇමතිලට දුක තේරෙනවා කියන්නේ මුළු රටටම මහත් විපත් කාලයකට මුල පිරීමක්. හරිනම් ඇමතිලා මන්ත්‍රීලාගේ සියලුම දිමනා හා වැටුප් 100% අදායම් බදුලෙස අයකරගත යුතුවේ. මොකද ගහන පගාවල් හා කොමිස් අදායම් බද්දට හසු නොවන නිසා.
රක්ෂාවක් නැති වැඩිහිටි අය ජීවත්වුණේ EPF /ETF බැංකුවට දාල ලැබුණු පොලියෙන්. ඔබලා එකටත් බදුගැහුව. ඔබට බදු ගෙවන්න කීවම අමාරුයි......
හප්පා පඩියෙන්ම ජිවත් වෙන අය. තමන්ට පඩියක් ලැබෙනවාද කියලා දැනෙන්නේ නැතුව ඇති.
ඇමතිවරුන්ට ඒ ආකාරයෙන් දැනෙනවා නම්. පොදු ජනතාව ගැන කොහොමද? ඔවුන් පාර්ලිමේන්තුව යවන්න හොඳ හෝ නරක ද යන්න ඕනෑම ක්‍රියාවකට ඡන්දය දෙයි.........
බොහොම හොද වැඩක්...............
අනේ දැන්ද එයාලට ඒක දැනෙන්න පටන් අරන් තියෙන්නේ. නිල වාහනයක් තියන හැමෝටම එ් විදිහට තමයි බදු අයකරන්නේ... ඒ ඔක්කෝටම වඩා මේ රටේ සොච්චම් පඩියක් ගන්න හැමෝටමත් ඒක දැනිලා ගොඩක් කල්... ඒ හින්දා ඔහොම යමු... සාමාන්‍ය ජනතාවට නැති අතට අාදායම් තව ඕනෑතරම් තියෙන්නේ ඉතින්..
අනේ පව්...!!! එයාලට ටැක්ස් ෆ්‍රී කරන්න. (අපි නොකිව්වත් ඕක තමයි අන්තිමට වෙන්නේ)
පනත ගැන පාර්ලිමේන්තු විවාදයේදී ලෝකේ හොඳම බදු පනත කියූ මහත්වරුන්ගේ දුර දැකීමේ දක්ෂතාවය ගැන සතුටුයි.
ඒ කියන්නේ ,ටික දවසකින් මැති ඇමතිවරුන්ව බදු වලින් නිදහස් කරයි............. ඕකට තමයි ඔය නලියන්නේ
ඕක ඉතින් ණය ගන්නකොට කොමිස් ගහනකොට හිතන්න තිබිච්ච දේවල්, අපේ මුදල් බදු මුදල් වලින් ජීවත් වෙන මේ උත්තමයින්ට මෙහෙම නම් අපි කොහොම ජිවත්වෙන්නද??
මේවා හොඳ දේවල්.....
මෙය සම්පූර්ණයෙන් වැරදි පුවතක්. මසකට 350000 ක ආදායමක් ඇති කෙනෙකුටද බදු මුදල වන්නේ 30000ක් පමණි. එවිට 320000 මුදලක් ඉතිරි වේ. 100000 අඩු ආදායමක් ඇති විට බදු ගෙවිය යුතු නැත. මට මෙවර 5000ක් බදු වශයෙන් ගෙවීමට සිදුව ඇත. නමුත් මා එය සතුටින් භාර ගන්නේ එය මගේ වගකීමක් නිසාය. මොකද ඒමේ බදු වලින් මා ඇතුළු පව්ලේ සැවොම සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු අනෙකුත් වරප්‍රසාද ලබන නිසාය.
ඔය වෙලාවට තමයි ඇලෝසියස් එළියේ හිටිය නම් කොච්චර හොඳද කියල හිතෙන්නේ.
පව් අප්පා එදා වේල කන්න නැති අහිංසකයෝ 225. වහාම පනතක් ගෙනත් 225 දෙනාම සියලුම බදු වලින් නිදහස් කලයුතුයි. රටේ ජනතාවට කරන අපිරිමිත සේවය අගය කරලා. අම්මප නැද්ද හා.
දැන්වත් තේරුම් ගන්න ජනතාවගේ අමාරුකම්
අනේ පව් මේ 25000 ක් පඩි හම්බුනා ඇමතිට සල්ලි එකතුකරලා දෙන්න වෙයි............. රටකම කපු ජෝර හැත්ත
දැන් තේරෙනවා ඇති.. අනිවාර්යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ දේපලවලටත් බදු ගහන්න ඕනේ.. ඒ අයට ගියොත් ලේ... අපිට ගියොත් වමනේද...?
ඇයි කොමිස් කුට්ටි වලින් ලැබෙන ගාන මදිද ජිවත් වෙන්න. දුප්පත් මිනිස්සුන්ට වින කර කර ඉන්නවට ඔහොම වෙලා මදි.
අනේ ඇමැතිකමට ලැබෙන පඩිය මදිනම් වෙන රස්සාවක් හොයාගන්නකෝ... අැයි මේකටම පොරකන්නේ? ලක්ෂ ගණන් හම්බවෙන ඔක්කොම නිකම් හම්බ වෙන අමතිලාට ජීවත් වෙන්න බැරිනම් සොච්චම් පඩියක් ගන්න කම්කරුවා ගැන මොනවා කියන්නද?
ලංකාවේ බිහිවෙච්ච දූෂිතම කට්ටිය තමයි දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ... මේ අය කොහොමත් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ..
ඇත්තටම සමහර ඇමතිවරු වැඩක් කරනවා රටට.. නමුත් සමහර ඇමැතිවරු කිසිවැඩක් නැහැ.. රටට තියා තමන්ගේ ආසනේ පාක්ෂිකයින්ටවත් වැඩක් නැ.. කට අරින්නේ කන්න හා වතුර බොන්න.. හරියට හාරිස්පත්තුවේ වගේ... ඇත්තටම මිනිසුන්ට වැඩක් කරන්න නෙවේ මේ යන්නේ... තමන්ට හම්බකරන්න... දැන් පැහැදිලියි..
ඔච්චර අඩන්න ඕනෑනහ මුදල් ඇමති ඉන්නෙත් පර්ලිමෙන්තුවෙනේ එයාගේ බෙල්ලෙන් අල්ලගන්න.
හාරිස්පත්තුවේ හලීම් ඇමතිතුමා ගැන නේද ඔය කියන්නේ.. වැඩක් නැති ඇමති වරයෙක් තම නේද ....
දැන් එතකොට පුද්ගලික අංශයේ අපි විතරද කප්පරක් බදු ගෙවමින් ලේසියෙන් ජීවත් වෙන්නේ. මේ රට නුගත් අකාර්යක්ෂම දේශපාලුවන්ට ගිය රටක්.
රු 50000 මාසෙකට ගෙවන්න ඇමති කෙනෙකුගේ දීමනා සමග වැටුප කොපමණද කියා අපිට හිතාගන්න පුළුවන්. අනේ නුඹලා ඔකගන්නේ අපෙදරුවන් බඩගින්නේ තියලා නේද?
සමහර ඇමතිවරු වැඩ කරනවා.ඒවගේම අවන්කයි.ඒත් සමහර ඇමතියෝ ඉන්නවා කිසිම වැඩක් කරන්නේ නැති එවුන්.බදුල්ලේ හා හාරිස්පත්තුවේ හිටපු පින්ඇමති දෙන්නා වගේ අය.
පඩි ගන්න තරම් මොකක්ද මොවුන්ගෙන් රටට ජනතාවට වෙන සේවය ?
මහත්තයෝ ඔය බදු ගහන්නේ ඔබලාට නිල වශයෙන් ලැබෙන වැටුපට මිසක් වංගු ගහල කොමිස් ගහන කොටි ගණනක මුදලට සතයක්වත් බදු අයකර නොගන්නා බව කොටි 02 ජනතාව පොරොන්දු වෙනවා. ඔය ඔක්කොම වෙනස නටකයේ එක කොටසක් පමණි.
ඔවුන් මහජන නියෝජිතයන්නම් මිනිස්සුන්ගේ අමාරුව දැනිල නෑ මීට කලින්.
රස්සාවක් හොයාගන්න සුදුසුකම් තියෙනවද ? හොර ව්‍යාපාර කරලා , සල්ලි විසිකරලා මන්ත්‍රීලා වෙනවා , ඊට පස්සේ පාගා ගහනවා , වැඩි කාලයක් යන්න කලින් ඇමති වෙනවා , මීලගට පාගා කුට්ටිය සහ හොරකම් ඉමක් කොනක් නැතුව කරනවා , පිටරටවල සල්ලි දානවා , අන්තිමට රටේ තියෙන ඉඩම් ටිකත් පිටරටවලට විකුනණවා . හොරකම් අහුවුනත් ලැජ්ජා නැතුව කතා කරනවා , මොකද සල්ලි විසිකරලා ඒවා යට ගහල , බේරෙනවා . ආ බේරගන්න ඕන තරම් තව දුෂිතයෝ බලයේ ඉන්නවා . ආයෙත් සල්ලි විසිකරලා ඡන්ද දිනනවා මේ වීරයෝ . දැන් අයබදු කපා ගැනීමෙන් මැති ඇමතිවරුන්ට ජීවත් වෙන්නත් බැරිලු . පව් අප්පා,ජනතාව විතරක් සැපෙන් .