නාලක සංජීව දහනායක
මාලබේ සයිටම් ආයතනයේ සිසුන්ට සාධාරණයක් ඉටුකිරීමේ මුවාවෙන් ආණ්ඩුව ගෙන ඒමට නියමිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පරාජය කිරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
සයිටම් සිසුන් දඩමීමා කරගනිමින් නිදහස් අධ්‍යාපනය මුදලට විකිණීමේ ක්‍රියාවලිය රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක කිරීමට මෙම පනත මගින් ආණ්ඩුව උත්සාහ ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අද (27) පැවසීය.
මිලිටරි පාලනයක් සහිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් අනාගතයේදී නිදහස් අධ්‍යාපනය මිලිටරිකරණය වනු ඇතැයිද මන්ත්‍රීවරයා කීය.
හිටපු අගමැතිවරයකුවූ සර් ජෝන් කොතලාවල මහතා තමන්ගේ පෞද්ගලික බූදලය වූ කඳවල වලව්ව රජයට පවරා දුන්නේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට අධ්‍යාපනය ලබාදීමට බවත් එම විශ්ව විද්‍යලයේ සයිටම් සිසුන්ට අධ්‍යාපනය ලබාදීම කොතලාවල අගමැතිවරයාට අපහාස කිරීමක් යැයිද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හය දෙනෙක් එකතුවෙලා කොහොමද ඒක කරන්නේ?
ජේ වී පී එක බොර දියේ මාළුබාන්න යන එකෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගන්න තවත් කල්යනවා. එයාලා කවුරුත් තේරුම් ගන්න ඕන මේක කවද හරි විසඳෙනවා ඒ නිසා කාලය කාදැමීම ජාතික අපරාධයක් කියලා.
කරන්නකෝ. ඒවගේම හැමදේම පරාජය කර කර ඉන්නකෝ....
කයිවාරුව විතරනේ ඔයගොල්ලෝ කියව කියව ඉන්නවා මිසක් වැඩකට ඇති කිසි දෙයක් කරලා නැහැනේ. බලෙන් ඉල්ලා ගන්න ආපදා කළමණාකරණය.
අපි ගෙවන බදු සල්ලි වලින් හෝඩියේ පන්තියේ ඉඳන් දොස්තර විභාගය දක්වා ඉගෙන ගන්න දොස්තරලා රජයේ රෝහල් වල වැඩ වර්ජන කරනවා පුද්ගලික චැනල් කඩ වල අපට ප්‍රතිකාර කරමින් අපෙන් මුදල් අයකරනවා. ඒගොල්ලට තීරු බදු සහිත වාහන වැනි පහසුකම් ලැබෙනවා, මේ විදිහටම අපේ බදු සල්ලි වලින් ඉගෙන ගත්තු සමහ ගුරුවරු පුද්ගලික ටියුෂන් පන්ති පවත්වමින් කෝටි ගන්න හම්බකරගන්නවා, මේවා ඔබලාගේ සමාජවාදී මිනුම් දණ්ඩට අසු නොවේ. ඔබලාට පෙනෙන්නේ අතින් මුදල් වියදම් කරමින් ඉගෙන ගන්න මේ ළමුන් ටික පමණි, ඔබල ඔබලාගේ හෘද ශාක්ෂියට එකඟ වන්න. පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ නම්, පුද්ගලික ටියුෂන් කඩ, පුද්ගලික චැනල් කඩ, පුද්ගලික රෝහල්, වලටත් විරුද්ධ වන්න, එවිට ඔබලාගේ රැස්වීම් නැරබීමට පැමිණෙන ලක්ෂ ගණනක් ජනතාව ඔබලාට ඡන්දය දේවි. නැත්නම් වෙන්නේ ඔබලාට ඉදිරියටත් අතේ ඇඟිලි ගණනට අඩු පාර්ලිමේන්තු අසන සංඛ්‍යාවකින් සෑහීමට පත්වීමටය.
ඔබලා මෙතරම් ජනතා හිතවාදී නම් කාටවත් හේත්තු නොවී තනි ඡන්ද බලයක් අරගෙන පෙන්වන්න කියා අපි අභියෝග කරනවා ..
කරලා පෙන්නලා කතා කරන්න. ඔයගොල්ලන්ට අනුකම්පා ඡන්දවත් දැන් නැත්තේ ඒකයි. තවමත් පාට රතුද?
ඇයි ඔබලාට අවශ්‍ය මිනි මුතුවන් අපේ දරුවන් කොළඹ පාරවල් ගානේ තව දුරටත් රස්තියාදු කරවීමටද? මානසික රෝගීන් විසින් තව දුරටත් අපේ දරුවන්ට 'නවක වදය' නමින් හිංසා පීඩා කරවීමටද? රැවුල් කොන්ඩෙ වවා ගෙන අයියා පාට් එකෙන් සිටීමටද? කාල් මාක්ස් හෙවත් හියුබත් දිසානායකයන්ට අනුව කරෝලිස් මාරුක්කු විසින් රචිත 'ප්රාග් ධනය ' නැමැති රාජ්‍ය පාරිපාලනය හා මුදල් යෙදවීම් නැමැති , රුසියාව හා චිනය ප්‍රමුක රටවල් විසින් කානු පල්ලට විසිකල වත්මන අවලංගු 'පොතට' අනුව ක්‍රියා කරන අන්තවාදි වාම පක්ෂවල ඒජන්ට්ලා වී සැමදාම ඔවුන්ට කඩේ ගොස් අපේ දරුවන්ගේ අනාගතය අඳුරු කිරීමටද? රජය විසින් අධ්‍යාපනයට වියදම් කරන මුදල සම්භාරය ඇලියාවට යවා, අධ්‍යාපනයට තවත් මුදල් දෙන්න කියමින් ගෝසා කරමින් පුරවැසියන් ගොනාට ඇන්දවීමටද
ජනතා විමුක්ති පෙරමුණ "නිදහස් අධ්‍යාපනය" සහ "නොමිලේ අධ්‍යාපනය" යන කරනු දෙක පටලවා ගෙන ඇත. රට තුළ සිදු විය යුත්තේ හැකි තරම් අධ්‍යාපන ආයතන පිහිටුවා එයට ජාතික අධ්‍යාපන ප්‍රමිතියක් එක් කිරිමයි.
එතකොට අර අග්නිදිග විශ්වවිද්‍යාලය.
කොතලාවල මහත්තය හිටියනම් ජවීපෙ ට බෙහෙත් දෙන්නේ 1971 දී ම .