(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වන දීපානි සිල්වා මහත්මිය පැඳවු මෝටර් රියක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එහි ගමන් කළ දස හැවිරිදි දැරියක් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇත.
බණ්ඩාරගම කිඳෙල්පිටියේදී මෙම අනතුරු සිදු වී ඇතැයි පොලීසිය පවසයි.
අනතුර සිදු වන අවස්ථාවේදී ත්‍රිරෝද රියෙහි සිටි දැරිය විසි වී ගොස් බිම වැටී ඇති අතර තුවාල වු දැරිය රෝහල් ගත කර තිබේ.
දිපානි සිල්වා මහත්මිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න දෙයක් නැ..කවුරු උනත් වැරැද්ද වරද්දමයි .... මේ දෙයම අනිත් වැරදි වලටත් කරා නං ලංකාව මීට වඩා ගොඩක් ඉස්සරහට ගිහින්..ඒත් දේශපාලකයෝ මේ දේ කරන්න දෙන්නේ නැ .....
මත් පැන් පානය කරලා ඇති......
නිතීය නමන්න දෙන්න එපා
රිය අනතුරකට පසු රියැදුරාව සෙවිල්ලක් බැලිල්ලක් නැතිව එක්වරම අත්අඩංගුවට ගන්නා එකම රට සිරි ලංකාව වෙන්න ඕනේ .
ත්‍රිරෝද රථ කියන්නේ මරාගෙන මැරෙන්න යන්න හදපු වහනයක් කියල එකක්ය, ඕව තහනම් කරමු භාවිතයෙන් ඉවත්වෙමු කියල කොපමණ රජයට කිවත් වැඩක් නැහැ , දරුවා එකෙන් එළියට විසිවුනේ ත්‍රිරෝද රියට ආසනපටි නැතිනිසා , රෝදය ගල්වෙලා තියන විදියෙන් පේනවා කොයි තරම් අඩු ගුණාත්මකබවක් තියන වහනයක් ද කියල
මේ නීතිය මෝටර් සයිකලේ ගිය තරුණය හප්පූ ඇමතිට බලපාන්නේ නැද්ද?
මේ තැනැත්තිය අනතුර සිදුවූවට පසු එතනින් පලාගොස් සැඟවුනේ නැහැ. ඇගේ එම ක්‍රියාව අගය කල යුතුයි.
ඔයා වෙනරටකට ගිහින් තියෙනවද ? ඔය දන්නේ ලංකා වේ වගේ සමාන රටක් ගැන . යුරෝපයට ඇවිත් බලන්න . නීති ය කටත් පොදුයි....... එවෙලේම නිතිය ක්‍රියාත්මකයි . ඔය දන්නේ නෑ. කණගාටු තවමත් ඔබ වගේ ම අය මගේ සුන්දර රටේ ඉන්න එක ගැන .
පිරිමින්ගේ ලෝකයෙන් ණයට ගත් ඉඩකඩක අපහසුවෙන් ජිවත් වෙන ගැහැනිය වෙත මෙයට වඩා අනුකම්පා සහගතව සිතමු. නිතිය නිසි අයුරින් ඉටු කිරීම කල යුතුමය.
යුරෝපයේ නම් රිය අනතුරකට පසු රියැදුරන් අත්අඩංගුවට ගන්නේ ඔහු බීමතින් හෝ වෙනයම් මත්ද්‍රව්‍යයක් භාවිත කර ඇතිබවට සැක නම් , ඔහු හිතාමතාම තව කෙනෙකුට හානි කරන චේතනාවෙන් මේ අනතුර කර ඇති බවට සැක කරන්නේ නම්, අධික වේගයෙන් නොසැලකිලිමත් ලෙස රිය පදවුවනම් , වලංගු රියදුරු බලපත්‍රයක් නැත්නම් පමණි , රිය අනතුරක් වුන පලියට හොයන්නේ බලන්නේ නැතිව එකවරම රියැදුර අත්අඩංගුවට ගැනීම වැරදිය
කතාව හරියට ඇක්සිඩන්ට් එකක් වෙලා තිබෙන්නේ මෙයා ගෙන් විතරක් වගේ. මේ සිදුවීමේ විශේෂත්වය මොකක්ද? මෙය ටෙලි නාට්‍ය කාරියක් නිසාද ? අනේ අනිච්චන්