තරිඳු ජයවර්ධන
අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින කොළඹ පාසලක ගුරුවරයකු ගැන කළ පැමිණිල්ලක් නොතකා හරිමින් එම ගුරුවරයා කළුතර දිස්ත්‍රික්කයේ පාසලකට ස්ථාන මාරු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි.
එම අපයෝජනන සිද්ධිය යටපත් කිරීමේ අරමුණින් සැලසුම් සහගත ලෙස අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් සහ කොළඹ පාසලේ ප්‍රධානියා මෙම ගුරුවරයා ස්ථාන මාරු කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
අපයෝජන සිදුවීමෙන් පසු ගුරුවරයා ස්ථාන මාරුවක් ඉල්ලා අයදුම්පතක් ඉදිරිපත් කර ඇති බවත්, විදුහල්පතිවරිය එම චෝදනාවද නොතකා අනුප්‍රාප්තිකයකු රහිතව ගුරුවරයා නිදහස් කර ඇති බවත් දැනගන්නට තිබේ. එම අයදුම්පතට අනුව කළුතර දිස්ත්‍රික්කයේ පාසලෙන් පුරප්පාඩු ඇති බව කියමින් ලිපියක් ගෙන්වාගෙන ඇතැයි ද, ඒ අනුව ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට අනුව ගුරු මාරු මණ්ඩලයට නොදමා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ස්ථාන මාරුව ලබා දී ඇතැයි ද ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
මෙම අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පාසල් ශාඛාවට පැමිණිල්ලක් ලැබුණු බවත්, එය විමර්ශනය කළ යුත්තේ විමර්ශන ශාඛාවෙන් බැවින් එම පැමිණිල්ල අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) වෙත යොමු කළ බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් ශාඛාවේ ආරංචි මාර්ග කියයි.
අධ්‍යාපන අමත්‍යංශයේ ගුරු මාරු අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ගුරුවරයාට එරෙහිව අපයෝජන චෝදනාවක් ඇත්දැයි තමා නොදන්නා බවයි. එම ගුරුවරයා ස්ථාන මාරු අයදුම්පතක් ඉල්ලා සිටි බවත්, අදාළ පාසලේ විදුහල්පතිනිය අනුප්‍රාප්තියකයකු නැතිව ඔහු නිදහස් කර තිබුණු බවත් ඒ හේතුව නිසා ගුරුවරයා ස්ථාන මාරු කළ බවත් ජාතික පාසල් අධ්‍යක්ෂ එන් පී අයිලප්පෙරුම මහතා පැවසීය. ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට පිටින් ගුරුමාරු මණ්ඩල නොකැඳවා ගුරුවරුන් මාරු කළ හැකිදැයි කළ විමසීමේදී ගුරු මාරු අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ සේවා අවශ්‍යතා මත එලෙස කළ හැකි බවයි.
අපයෝජන සිද්ධියක් සිදු කිරීම, ඊට අනුබල දීම පමණක් නොව එවැනි සිද්ධියක් වසන් කිරීම ලංකාවේ නීතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය සියල්ලටම අපචාර සිද්ධියට ආධාර අනුබල දීම, දැන දැන සිද්ධිය වසන් කිරිම හා ඒ සදහා ආධාර අනුබල දීම චෝදනා යටතේ නඩු පැවරිය යුතුයී. ඊටපෙර ඉහත චෝදනා යටතේම වැඩ තහනමක ලක් කල යුතුය.
නීති රීති තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කරන උදවියත් ඉන්නවා. ඒ අයගේ ඇස් යටින් පුදුමාකාර දේ එහාට මෙහාට සිද්ධ වෙනවා. තමන්ගේ වාසියට, කොලේ වහලා, දැන දැනත් නීතිය නොදන්නා බව අඟවන්නත්, කියන්නත් පුළුවන්. මෙය බොහෝ තැන්වල සිදුවෙනවා. නීතිය නොදන්නා බව කියවුනොත් එය නිදහසට කාරණයක් නොවෙයි නේද.
ගුරු මාරු අධ්‍යක්ෂක වරයා ගේ කතාව සැක සහිතයි. ඔහුත් මෙය වසන් කරන්නේ ඒ ජාතියේම උන්නැහේ කෙනෙක් නිසා වන්නට බැරි නැහැ. පරීක්ෂණයක් තබා ඔහුටත් දඬුවම් කල යුතුයි. මෙය සැලසුම් සහගතව කල අක්‍රමිකතාවක් බව කාට වුනත් වැටහෙනවා. මේ වගේ අය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තබා ගත යුතු නැහැ.