නාලක සංජීව දහනායක
එළඹෙන පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ නෙළුම් පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් සභා මන්ත්‍රී සංසදය අද (28) ඒකමතිකව තීරණය කර ඇත.
එක්සත් ජනතා නිදහස් සංධාන පළාත් සභා මන්ත්‍රී සංසදයේ සාමාජිකයන් හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ස මහතා අතර බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යලයේ දී අද (28) විශේෂ රැස්වීමේදී මෙම තීරණය ගත් බව එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා ලංකාදීපයට පැවැසීය.
එළබෙන පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තම සංසදය තරඟ කළ යුතු බවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා යෝජනාවක් ඉදිරිපත් කළ අතර රැස්වීමට සහභාගීවූ සියලූම පළාත් සභා මන්ත්‍රීවරුන් අත් ඔසවා එම යෝජනාවට කැමැත්ත පළකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ පොල්ලෙලි ගොඩට අලුත් පොල් ලෙලි එකතු වෙලා පොල්ලෙලි ගොඩ ලොකුවෙන පාටයි.
ලංකාවේ දේශපාලන පක්ෂ ප්‍රතිපත්තිය පසෙකලා එක එක පුද්ගලයින්ගේ උවමනා එපාකම් අනුව කටයුතු කරන තත්වයට සල්ලන් වී ඇති ආකාරයට මෙය හොඳම උදාහරණයක්. පක්ෂයක ප්‍රතිපත්ති මාලාවක් සහ සාමාජිකයින් විසින් පිළිපැදිය යුතු විනය නීතියක් තිබෙන නමුත් නායකයින්ගේ දුර්වලකම නිසා සාමාජිකයින් ඒ කිසිවක් සලකන්නේ නැතුව තමන්ගේ අභිමතාර්ථයන්ට අනුව කටයුතු කරන බව හොඳටම පෙනී යයි.
නැත්නම් ඉතින් ඇපත් නැති වෙනවනේ..!
එක පුද්ගලයෙක් නාභිගත කරගෙන කරන මේ සෙල්ලම ඇත්තටම කියනවනම් රටම දේශපාලන වශයෙන් අස්ථාවර කරන සූදුවක්. පක්ෂ දේශපාලනය කියන්නේ සුපිරි තරුවක් බිහිකොට ඔහු වටකරගෙන නැටීම නොවේ. සිංගපූරුවේ අගමැති කීවේ අපිට දේශපාලන තරු අවශ්‍ය නැතිබවයි. රටක දියුණුව රඳා පවතින්නේ කණ්ඩායම් හැඟීමකින් සැවොම වෙහෙස නොබලා උනන්දුවෙන් වැඩ කිරීමෙන් පමණයි.
මහින්ද මහතා මෙයාලගෙන් පාඩමක් ඉගෙනගෙන නැති හැටි.
එතන තමා මේ කට්ටියට සුදුසු තැන, තමන්ට වැඩක් කරගන්න .
කුණුගොඩ තව තවත් කඳු ගැහෙනවා! මේ ගොල්ලන්ගේ ඡන්දවලට සල්ලි වියදම් කරන්න තව තවත් අලෝසියස්ලා හොයා ගන්න වේවි.
මඩ වලට මඩමනේ එකතු වෙන්න ඕනනේ , නැතිනම් අගයක් නැහැ.
ගොදුරු සොයන රාජාලියාට කිලෝ මිටරයක් පමණ ඇතක ගැවසෙන හාවෙකු පැහැදිලිව දකින්න තරම් තියුණු දෑසක් තිබෙනවා සේම දේශපාලකයින්ට ද තියුණු ඉවක් ඇත.