(විනීතා එම් ගමගේ)
විසි වන සංශෝධනය කෙටුම්පත් කර ඇත්තේ වැස්සකටවත් නීති විද්‍යාලයකට ගොඩ නොවුණු කෙනෙක් විසින් යැයි බිය නැතිව කිව හැකියැයි පිවිතුරු හෙළ උරුමයෙ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
එකී කෙටුම්පත අඩුපාඩු පිරි එකක් බවත් තමන් හඳුනා ගත් අඩුපාඩු 9ක් තිබු බවත් කී ගම්මන්පිල මහතා එය පොඩි එකාගේ ලියුම වගේ යැයි ද පැවැසීය.
මේ කෙටුම්පත පිළිබඳ විවාදයක් පැවැත්වුණහොත් එකින් එක එම අඩුපාඩු පැහැදිලි කළ හැකි යැයි ද හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් මේ සංශෝධනය කරන්නට යන්නේ රටේ උත්තරීතර නීතිය මිස පොඩි එකාගේ ලිපිය නොවන බව ජවිපෙට මතක් කර දිය යුතුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ දී අද (28) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද කීය.
‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටක තිබෙන උත්තරීතර නීතිය. එම ව්‍යවස්ථාවේ වැරදි වෙනසක් කළොත් රටම අවුලෙන් අවුලට යනවා. ඒ නිසා ව්‍යවස්ථාව ගැන ටිකක් දන්න අය ව්‍යවස්ථාවට අත තියන්න බයයි. ඒක විෂය පිළිබඳ විශේෂඥයින්ට භාර දෙනවා.
නමුත් මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අය බය නැතුව ව්‍යවස්ථාවට සංශෝධන ගේනවා. මොකද ඒ අය කරන දෙයින් රටට විය හැකි අනතුර පිළිබඳ මෙලෝ අවබෝධයක් නැති නිසා. මේක හරියට පණ්ඩිතයින් පය ගහන්න බය තැන මෝඩයෝ බඩ පිනුම් ගහනවා වගේ වැඩක්.
ගැඹුරු නීතිමය කාරණා පැත්තකින් තියලා සරල උදාහරණයක් කියන්නම්. මේ කෙටුම්පත අනුව විධායක ජනාධිපති ධූරය අහෝසි වන්නේ 2020 ජනවාරි 09 දිනයි. නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31(3) වගන්තිය අනුව ධූරය දරණ ජනාධිපතිගේ ධූර කාලය අවසන් වීමට මාස දෙකකට නොඅඩු මාසයකට නොවැඩි කාලයක් ඇතුළත ඊළග ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි.
වත්මන් ජනාධිපතිතුමාගේ ධූර කාලය අවසන් වන්නේ 2020 ජනවාරි 9 දා. එහෙම නම් 2019 නොවැම්බර් 9 සහ දෙසැම්බර් 9 අතර ජනාධිපතිවරණය පවත්වා අවසන් විය යුතුයි.
ඒ කියන්නේ අලුතෙන් පත් වන ජනාධිපති 2019 නොවැම්බර් 9 වුණත් වැඩ භාර ගන්න පුළුවන්. විසි වන සංශෝධනය අනුව 2020 ජනවාරි 9 දිනෙන් විධායක ජනාධිපති ධූරය අහෝසියි. එතකොට නව ජනපතිතුමා 2019 නොවැම්බර් 9 වුණත් වැඩ භාර ගන්න පුළුවන්. විසි වන සංශෝධනය අනුව 2020 ජනවාරි 9 දිනෙන් විධායක ජනාධිපති ධූරය අහෝසියි. එතකොට නව ජනපතිතුමා 2019 නොවැම්බර් 9 වැඩ භාර ගත්තොත් තනතුරේ වැඩ කරන්න වෙන්නේ මාස දෙකකට අඩු කාලයක්.
නව ජනාධිපතිට වැඩ භාර ගන්න ව්‍යස්ථාවෙන් සති දෙකක් කල් දෙනවා.
දෙසැම්බර් 9 ජනපතිවරණය පවත්වලා සති දෙකකට පස්සේ ඒ කියන්නේ දෙසැම්බර් 23 වැඩ බාර ගත්තොත් ජනපති ධූරයේ කටයුතු කරන්න තිබෙන්නේ දින 16යි. දින 16ක් ජනපති ධූරය දරන්න කෝටි ගණන් මහජන මුදල් වැය කර ජනාධිපතිවරණයක් පවත්වන්න ඕනෑ ද?
2020 ජනවාරි 9 දින සිට මේ පනත ක‍්‍රියාත්මක වීමට නියමිතයි. එදාට විධායක ජනාධිපති ධූරය අහෝසියි. එවිට ආණ්ඩු ප‍්‍රධානියා වන්නේ අගමැති. එදාටත් තිබෙන්නේ මේ අට වන පාර්ලිමේන්තුවයි.
එතකොට 2020 ජනවාරි 9 දින සිට ආණ්ඩුවේ ප‍්‍රධානියා වගේම ඇමති මණ්ඩලයේ ප‍්‍රධානියා වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ අගමැති ධූරය දරණ රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා. මෙම 20 වන සංශෝධනය අගමැති රනිල්ට විධායක බලය පැවරීමේ කුමන්ත‍්‍රණයක් බව අපි කියද්දි එහෙම වෙන්න ඉඩ දෙන්නේ නෑ කියල පොලවේ අත ගහල අනුර කුමාර මන්ත‍්‍රිතුමා මේ දවස්වල දිවුරනවා අපි රූපවාහිනියෙන් දකිනවා. එක්කෝ එතුමන් රට රවටන්න උත්සහ කරනවා. එහෙමත් නැති නම් තමන් පාර්ලිමේන්තුවට භාර දුන්නු ලේඛනයේ තිබෙන්නේ මොනවාද කියා එතුමාවත් කියවලා නෑ.
4 වන ව්‍යවස්ථාවේ (ආ) ජේදයෙන් ජනාධිපතිවරයාට ලබා දුන් විධායක බලය මේ කෙටුම්පත මගින් ජනාධිපති සහ ඇමති මණ්ඩලය අතර බෙදා හරිනවා. ඒ වගේම අගමැතිවරයා ආණ්ඩුවේ ප‍්‍රධානියා කරනවා. 19 වන සංශෝධනයෙන් ජනපතිගේ බලතල කප්පාදු කරලා අගමැතිව සවිමත් කළා. දැන් රටට නායකයෝ දෙන්නෙක් ඉඳ ගෙන දෙපැත්තට අදිනවා. මුකුත් වෙන්නේ නැතුව රට එක තැන පල් වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංශෝධනයේ මුල් ඇත්තේ සමහරවිට හැතැම්ම ගානක් එපිට් පිටරටක වෙන්න පුළුවන්.
වැස්සට නීති විද්‍යාලයට ගොඩවෙලා නීතිඥයන් වුන සමහරුන්ගේ නීති තර්ක ඇහූවම හිනා යනවා. කිසි දවසක නඩුවකට පෙනි ඉදලා නැති මේ අය අනිත් අයට නීති උපදෙස් දෙන්නේ හරියට ගොඩ ඉදන් පීනන්න උගන්වනවා වගේ.
මෙයාගේ උදාහරණයත් පොඩි කෙනෙක්ගේ කතාව වගේ. විසි වන සංශෝධන කෙටුම්පත අනුව විධායක ජනාධිපති ධූරය අහෝසි වන්නේ 2020 ජනවාරි 09 දිනයි. ජනාධිපතිවරණය පවත්වන්නේ ඊළඟ ජනාධිපති තෝරා පත්කරගැනීමට. එහෙම නම් 2019 නොවැම්බර් 9 සහ දෙසැම්බර් 9 අතර ජනාධිපතිවරණයක් අවශ්‍ය නොවේ මොකද 2020 ජනවාරි 09 දිනට පසු ජනාධිපති ධූරය අහෝසි නිසා.
ඒක හොදට පේනවා.
මේ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු විවාදයට ගන්න ඉස්සර ශ්‍රේෂ්ටධිකරණයේ අනුමැතියට යවන නිසා එහි ඇති අඩුපාඩු සියල්ල දැනගත හැකියි.
මේකද මේ දකින මහ ලොකු වරද ? දින වකවානු විවාදයේදි හරියට ගලපලා වෙනස් කරගන්න පුලුවනි.
මෙතුමා කියන එක ඇත්ත, වෙන කාටවත් මෙතුමා තරම් දැනුමක් නැහැ සංශෝධනය කරන්න,
මහත්තයෝ මේකේ ඔබ කියන දේටත් වඩා වැරදි අඩුපාඩු අැති. එ්ක නිසා තමා එ්ක කෙටුම්පතක් වෙන්නේ. එ්කේ වැරදි අඩුපාඩු හදලා සාකච්චා කරලා කතානායක අත්සන් කලාම තමා පනතක් වෙන්නේ, නීතියක් වෙන්නේ. මේක කියලා දෙන්න පහේ පන්තියේ පොඩි ළමයෙක්වත් නැද්ද මෙතුමගේ ගෙවල් ළඟ. මෙතනදී සමහර විට අධිකරණය මැදිහත් වෙනවා, ජනමත විචාරණයක් එනවා එතකොට වැරදි නිවැරදි වේවි.
කවුරුන් කෙසේ කීවත් කඩිමුඩියේ ගෙනෙන සංශෝධන කොහෙත්ම සාර්ථක නැත. අපි නීති විශාරදයින් නොවුනාට මේ සංශෝධන ගෙන එන්නේ රටට ගැලපෙන ලෙස නොවෙන බව අතීතයෙන්ම පැහැදිලි වේ. 19 සංශෝධනයෙන්ම මෙය පැහැදිලිය. රටේ කාටත් සාධාරණය විය යුතුය. මෙහිදී විශේෂයෙන්ම පළාත් සභා නැති කොට පිංගුත්තර රැල යම්කිසි ලෙස අඩු කල හැක. ඒකීය රට ආරක්ෂා කල යුතුය. කොන්ද පන ඇති නායකයෙක් ජනතාවගේ කැමැත්තෙන් පත් කර ගත හැකි විය යුතුය.
ධූර කාලය අවසන් වීමට මාස දෙකකට නොඅඩු මාසයකට නොවැඩි කාලයක් ඇතුළත ඊළග ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඒ අනුව නොවම්බර් 09 සහ පෙබරවාරි 09 අතර කාලයයි. ඒක හරියට තේරුම් ගන්න නොහකි නම් 8 වත් පාස් නහැ වගෙයි. මෙහෙම අය අප රටේ පර්ලිමේන්තුවේ ඉන්නේ අපේ අවාසනාවටයි.
මේ කියන ඒවා නිකන් කුණු බොම්බේ ලූනු වගේ ඔහේ නරක්වෙලා යනවා .
මෙයා නීති විද්‍යාලයේ ඉගෙනගත්ත නිසා වෙන්න ඇති මිලියන ගානකට විද්දේ..... .
ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ - සැපයක් යයි කකුළුවා දිය කෙලියේ!
ධනුෂ්කගේ කියවීම නිවැරදියි. හොඳට හිරු එළිය තිබෙන වෙලාවක නීති විද්‍යාලයට ගිය ඔබතුමා පාර්ලිමේන්තුවේ සිටින නිසා සියලු අඩුපාඩුකම් නිවැරදි කරන්න.
මේ රතු සහෝදර අයියලාට ඕනි රට නැති කරන්න මිසක්,රට ඇති කරන්න නෙවෙයි.ලොකයේ සමාවාදී ආණ්ඩු තියෙන රටවල් තියෙනවා.නමුත් මෙවගේ අවස්ථාවදී දේශපාලනයක යෙදෙන ජාතියකට ඉන්නේ අපේ සමාජවාදී රතු අයියලා ටික විතරයි.
ලැජාවක් කියල දෙයකුත් නැහැ කියල හොදටම පේනව...
වර්තමාන දේශපාලනයේ ගොඩක් දුෂිතයෝ ඉන්නෙත්, ඔය දුෂිතයන්ට නඩුවලින් බේරන්න උපදෙස් දෙන්නෙත් අර ඔබ කිව්ව නීතී විද්‍යාලයකට ගොඩවූ අය තමයි.