( ප්‍රසාද් මුතුකුඩ සහ ටී.කේ. ජී. කපිල )
රුපියල් ලක්ෂ 40 පමණ වටිනා රන් බිස්කට් 04 ඩුබායි සිට නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එනු ලැබු ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අද (28) අත්අඩංගුවට ගත් බව බව ගුවන්තොටුපළ පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශය පවසයි .
මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද ඉන්දීය ජාතිකයින් දෙදෙනා 43 ,29 වියේ පසු වන අතර මොවුන් ඩුබායි සිට ලංකාව සහ මැලේසියාව අතර රෙදි පිළි ව්‍යාපාරිකයින් බව හගවමින් නීති විරෝධි රන්බිස්කට් ව්‍යාපාරයේ යෙදි සිටි තැනැත්තන් බව අනාවරණය වු බව පොලීසිය පවසයි.
එෆ්. ඉසෙඩ් 551 දරණ ගුවන් යානයෙන් කටුනායකට පැමිණ නැවත මැලේසියාවට පිටත්ව යාමට ගුවන්තොටුපලේ රැදි සිටියදි ලද තොරතුරු මත මොවුන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදි ඔවුන් සන්තකයේ තිබු මුදල් පසුම්බියක ඉතා සූක්ෂම ලෙස රන්බිස්කට් කාබන් කොළ වලින් ඔතා තිබු බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රත්රන් තමයි ඩොලර් වෙනුවට හුවමාරු වෙන්නේ. මොනම රටක වුනත් රත්රන් අවලංගු වෙන්නෙත් නැහැ......... වටිනාකම වැඩිය වෙනස් වෙන්නෙත් නැහැ.